IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


‘කැබිනට් නොවන අමාත්‍යාංශයක් නොදුන්නොත් ඉල්ලා අස්වෙනවා’

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
ධීවර අමාත්‍යංශයේ ආයතන පහක් සමඟ කැබිනට් නොවන අමාත්‍යාංශයක් ලබාදෙන මෙන් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා තිබෙන බවත් එම තනතුර නොලැබුණොත් තමා ඉල්ලා අස්වන බවත් ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදාරච්චි මහතා පැවසිය.
 
ධීවර රාජ ඇමති දිලිප් වෙදආරච්චි මහතා අද (02) හලාවත කන්ජුක්කුලිය විදුහලේ තාක්ෂණික විද්‍යාගාරය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගීවෙමින් මෙසේ පැවසීය. 
 
“මට අමාත්‍යංශයේ නිදහස නැහැ. කැබිනට් අමාත්‍යවරයෙක් පත් කර තියෙනවා. හැරිසන් මහතා  අමාත්‍යවරයාගේ ලේකම්තුමා යටතේ තමයි අද මට වැඩ කරන්න වෙලා තියෙන්නේ. මම අගමැතිතුමාගෙන් ඉල්ලලා තියෙනවා මට ධීවර අමාත්‍යාංශයේ ආයතන පහක් එක්ක කැබිනට් අමාත්‍යංශ ලබා දෙන්න කියලා. අවුරුදු හතරක් තිස්සෙ ධීවර අමාත්‍යාංශයේ අමාත්‍යවරු හතරක් හිටියා. ලේකම්වරු හතරක් හිටියා. මේ අට දෙනාම දෙනා ම ධීවරයන්ගේ ප්‍රශ්න ගැන බැලුවේ නෑ.
 
ලංකාවේ ධීවර කර්මාන්තයේ නියැලෙන පුද්ගලයින් ලක්ෂ 25කට වැඩියි. ධීවර කර්මාන්තය අද අනාථ වෙලා. ඒ අයගේ අඩුපාඩු හොයන්න කෙනෙක් නෑ. බලපත්‍රයක් ගන්න විදිහක් නෑ. අමාත්‍යාංශයේ කවදාවත් මේ තත්ත්වය උදාවෙලා නෑ. මම ධීවර කර්මාන්තය කරන මිනිහෙක්. ධීවරයා ආරක්ෂා කරගන්න ඕන. ඒ කටයුකු අද වෙන්නේ නෑ. ඒ කටයුතු නිසි විදියට කරන්න අමාත්‍යංශය මට භාරදෙන්න කියනවා. බාර නොදුන්නොත් මම මේ අමාත්‍යාංශයෙන් ඉල්ලා අස්වෙනවා” රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.



අදහස් (20)

‘කැබිනට් නොවන අමාත්‍යාංශයක් නොදුන්නොත් ඉල්ලා අස්වෙනවා’

rohana kumara mendis Tuesday, 02 April 2019 01:52 PM

අනේ යන්නකෝ ලොකු දෙයක් උන්නත් වැඩක් නැහැනේ අපිට.කැබිනට් එක අඩු කරන්නේ කොහෙමද ඉතින් මෙහෙම අය ඉන්නකොට. ජනතාවට තියෙන ආදරේ අනේද කියන්නේ

:       39       179

ඉන්දික Tuesday, 02 April 2019 01:57 PM

ළමයි ඉන්න තැන් වලට ගිහින් ඕවා කියලා වැඩක් ද? ඉස්කෝලෙට ගියා නම් වැදගත් කතාවක් කියනවා ඇරෙන්න තමන්ගෙ ප්‍රශ්න කියවලා හරියනවද? මොලේ තරම තමා.

:       26       313

රවින් Tuesday, 02 April 2019 01:58 PM

අන්න හොඳ පටන්ගැනීමක්. 225 ම ඉල්ලා අස්වන්න. ඊට පහුවෙනි දින සිට රටට හොඳ කලක් උදාවෙයි.

:       1       154

original prabha Tuesday, 02 April 2019 02:14 PM

මෙයාට කැබිනට් ඇමතිකමක් ඉල්ලන්ට තියෙන වෘත්තිය සුදුසුකම දන්නා අයෙක් ඉන්නවනම් කියනවද ?

:       0       149

Amila Tuesday, 02 April 2019 02:47 PM

මෙතුමා 2000 වගේ සිට පාර්ලිමේන්තුවේ ඉන්නේ ඒත් මෙතුමාට පස්සේ ආපු කී දෙනෙක්ට ඇමතිකම් දීලාද.

:       113       8

Anura Fernando Tuesday, 02 April 2019 02:53 PM

අපිට අලුත් මාළු කවන්ඩ ආදරේට වෙන්ඩ ඇති

:       0       62

Nishantha Tuesday, 02 April 2019 02:58 PM

අපිටනම් ඉල්ලා අස්වෙන්න විදිහකුත් නැහැ ඉන්න විදිහකුත් නැහැ

:       0       67

vidya Tuesday, 02 April 2019 04:11 PM

ඔය වගේ ආත්මාර්ථකාමී කතා කියන්නේ පාර්ලිමෙන්තුවෙනේ. විශාල සේවයක් කරන අඩු පඩියකට වැඩ කරන ගුරුවරුන් විසින් යහ මගට යවන දරුවන්ට මොනවද මේ කියන මෝඩ කතා.

:       0       116

liyanage Tuesday, 02 April 2019 04:28 PM

ලංකාවේ ධීවර කර්මාන්තයේ නියැලෙන පුද්ගලයින් ලක්ෂ 25කට වැඩියි. ධීවර කර්මාන්තය අද අනාථ වෙලා. ඒ අයගේ අඩුපාඩු හොයන්න කෙනෙක් නෑ. බලපත්‍රයක් ගන්න විදිහක් නෑ. අමාත්‍යාංශයේ කවදාවත් මේ තත්ත්වය උදාවෙලා නෑ. මම ධීවර කර්මාන්තය කරන මිනිහෙක්. ධීවරයා ආරක්ෂා කරගන්න ඕන. ඒ කටයුතු අද වෙන්නේ නෑ. ඒ කටයුතු නිසි විදියට කරන්න අමාත්‍යංශය මට භාරදෙන්න කියනවා. බාර නොදුන්නොත් මම මේ අමාත්‍යාංශයෙන් ඉල්ලා අස්වෙනවා” ඔය ඉල්ලන තනතුර නොමැතිව ඔය කියන කිසිදෙයක් කල නොහැකිද ?

:       0       61

wije Tuesday, 02 April 2019 04:53 PM

ඉතින් අස් වෙන්නකෝ හිටියා කියලා වැඩක් කරනවද

:       0       89

Bamunuarachchi Tuesday, 02 April 2019 05:43 PM

වතුරත් නැතිව විදුලියත් නැතිව ඉන්න අපිට දේසපාලුවෝ නැති වුනයි කියලා තිබෙන අමාරුව මොකක්ද? වෙන්නපුලියේ ඉස්කෝලේ ඕක කියලා වැඩක් නැහැ ඕක කියන්න පාර්ලිමේන්තුවේ.

:       0       157

Indunil Tuesday, 02 April 2019 05:47 PM

2500000ක් අම්මෝ ඒක

:       0       10

Mahee Wednesday, 03 April 2019 12:27 AM

මෝඩයා කට නොඅරින තාක් කල් නුවණැත්තෙක් ලෙස පෙනී සිටිය හැක. ඇයි අනේ ඒ තත්වය විහින් නැතිකරගන්නේ ඇමතිතුමෝ?

:       0       4

Mudali Wednesday, 03 April 2019 02:16 AM

උත්තරීතර ස්ථානයක්ය කියා ගන්නා පාර්ලිමේන්තුව ඇතුලේ සරොම උස්සල පෙන්වන හාදයන්ට කැබිනට් ඇමැතිකම් දෙනවනම් පස්සෙ කාලෙක මිරිස්කුඩුකාරයන්ටත් ඊට වඩා දේවල් දෙන්ඩ වේවි …..

:       0       32

de silva Wednesday, 03 April 2019 05:49 AM

ඔබතුමාට වැඩිය ඔය තනතුරට සුදුස්සෝ තව පාර්ලිමේන්තුව තුල ඇති ,

:       0       14

samson Wednesday, 03 April 2019 08:17 AM

බොරුවට කියෝ කියෝ ඉන්නේ නැතුව යන්න. ඔබේ අධ්‍යාපන සුදුසුකම් මොනවාද? අන්තිමට සමත් උනේ 7 ද 8 ද. ?

:       0       10

Sunil Wednesday, 03 April 2019 08:28 AM

ඇමතිකමක් දෙන්න වටිනවානේ.....

:       0       0

jeelawa Wednesday, 03 April 2019 08:39 AM

ඉස්කොලෙ ව්ද්‍යාගාරෙ විවෘත කරන්න ආපු කෙනා කතා කරන්නෙ මාලු ධීවරයන් ගැන. ඒකෙන්ම මේ අයගෙ අධ්‍යාපන තත්වය තේරෙනවා නේ. අන්න එකයි මේ වගේ අයව කෑබිනට් ඈමතිකෙනෙක් ගෙ අධික්ෂණය යටතේ, හොද ලේකම් කෙනෙක්ට යටතට දාල තියෙන්නෙ.

:       0       15

de silva berlin Wednesday, 03 April 2019 09:06 AM

පිනට ලැබුණු v8 එකට පිනට ලැබුණු ඩීසල් ටික ගහගෙන , තංගල්ලේ ඉඳන් තිස්සමහාරාමෙට යනකන් තිබෙන මල ගෙවල්, මගුල් ගෙවල් වල ගන්ජාකාරයෝ එක්ක රස්තියාදු ගහනවා ඇරෙන්න මෙයා කරන වැඩක් තිබෙනවද?

:       0       11

KANDEPOLA Wednesday, 03 April 2019 09:07 AM

දෙන්න දෙන්න. සේවය කරන්නනේ ඉල්ලන්නේ. පව් අප්පා, අපි ගැන හිතලානේ ඔච්චර කරදර විඳින්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 666 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 185 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 551 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 137 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1834 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 185 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site