IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


කැබිනට් මණ්ඩලයේ කොකේන් කාරයන් හොයන්න’යි පොලිසියට පැමිණීල්ලක්

(රංජන් කස්තුරි)

කැබිනට් මණ්ඩලයේ කොකේන් භාවිතා කරන ඇමැතිවරුන් සිටින බවට සිදුකෙරෙන ප්‍රකාශ පදනම් කරගෙන විමර්ශනයක් සිදුකරන්නැයි සත්‍ය ගවේෂකයෝ සංවිධානය අද (17) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කර තිබේ.

රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා විසින් කැබිනට් මණ්ඩලයේ කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් සිටින බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ බවද ඒවා ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරුණු බවද එම නිසා රාජ්‍ය ඇමැතිවරයාගේ ප්‍රකාශය මුල් තොරතුරක් සේ සලකා එම විමර්ශනය සිදුකරන්නැයිද සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මහතා කර ඇත පැමිණිල්ලේ සඳහන් කර ඇත.

අන්තරාදායක ඹෟෂධ පනත යටතේ එවැනි විමර්ශනයක් සිදු කිරීමට පොලිසියට හැකියාව තිබෙන බවද එම පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

මත්ද්‍රව්‍යවලට එරෙහිව මේ වනවිට රටපුරා විරෝධතාවයක් මතුව ඇති හෙයින් හා කැබිනට් මණ්ඩලය සම්බන්ධයෙන් වන චෝදනා බරපතල හෙයින් එවැනි විමර්ශනයක් කිරීම අවශ්‍ය බවද එහි සඳහන්වේ.



අදහස් (10)

කැබිනට් මණ්ඩලයේ කොකේන් කාරයන් හොයන්න’යි පොලිසියට පැමිණීල්ලක්

Prabha Sunday, 17 February 2019 05:55 PM

දැන් රටම එකම විහිළුවක් බවට පත්වෙලා.

:       0       79

BamunuarachchiMonday, 18 February 2019 12:34 AM

කියලා වැඩක් නැහැ. ඊයේ 360 වැඩ සටහනට සවන් දුන්නු නිසා මොවුන්ගේ බලු වැඩ, හොර වැඩ බොහොමයක් තවත් දැන ගත්තා. මේ අය නියම පාදඩ දේශපාලකයින් තමයි...

:       206       50

BamunuarachchiMonday, 18 February 2019 07:18 AM

ඩිස්ලයික් දා තිබෙන්නේ පාදඩ සාමාජිකයින් වෙන්න ඇති.

:       85       3

Bangomunu.Monday, 18 February 2019 10:26 AM

කට වසා සිටිනා තාක් කල් මෝඩයා පණ්ඩිතයා ය. එහෙත් කට ඇරිය විගසින් ඔහු කව්දැයි හඳුනාගත හැකිය.

:       0       102

Sapumal. Monday, 18 February 2019 02:20 AM

කැබිනට් මණ්ඩලයේ පමණක් නොවෙයි, මුළු පාර්ලිමේන්තුවේම සිටින සියලුම දෙනා මත්ද්‍රව්‍ය ගන්නේද කියා සොයා බැලීම කල යුතුයි. එසේ කව්රුන් හෝ සිදුකොට තිබේ නම්, පක්ෂ, පාට නොබලා ඔවුන්ට දඬුවම් කළ යුතුයි. පාර්ලිමේන්තුවට කිසිදා පැමිණීමට ඉඩ නොදිය යුතුයි. ඒ වගේම හාල්මැස්සන් පමණක් නොව තෝරුන්, මෝරුන් ගැනද සොයා බලා දඬුවම් කළ යුතුයි. කුඩ්ඩන්ට, පාතාලයන්ට උදව් කරනා හා කළ සියලුම දෙනාටද දඬුවම් කිරීමට පියවර ගන්නා ලෙස දොලවත්ත මහතාගෙන් ඉල්ලා සිටීමට කැමතියි. ඒ වගේම අර කුඩුකාරයෙක් බේරාගන්න හෙලිකොප්ටරයෙන් ගිය එකත්, කුඩු බේරගන්න වරායට ලියුමක් දුන්නා.. එ්කත් වැරදිලාවත් අමතක කරන්න එපා හොඳේ. ඒවා ගැනත් හොඳට හොයා බැලුවොත් වැඩේ පිටුපස ඉන්නා කට්ටිය ගැන සොයා ගැනීම අපහසු නැහැ....

:       0       148

surath Monday, 18 February 2019 02:57 AM

මෙතරම් මත්ද්‍රව්‍ය සුලභ වූයේ දේශපාලක අනුග්‍රහයෙන්ද? රටකට ගිය කලක්... වචන විතරයි ලස්සන,.. සුබ අනාගතයක්... යහපාලනය, මතට තිත, තිරසාර සංවර්ධනය...

:       0       57

Rata Perata Monday, 18 February 2019 07:13 AM

දැන් රන්ජන් කියපුවම ඔක්කොටම නඩු දාන්න මතක් වෙනවා. ඉස්සර මහින්ද ලන්සව ආරක්ෂා කරනකොට, ගෝඨා දුමින්ද ආරක්ෂා කරනකොට කිසි නඩුවක් දැම්මේ නෑ. මේක රන්ජන් හිර කරන සැලැස්මක්ද දන්නේ නෑ...

:       100       90

isurandi Monday, 18 February 2019 07:27 AM

මේ වැඩේ පටන්ගත්තා නම් අවසානයක් දක්වා වියයුතුයි. මොකද මේවායේ ප්‍රතිඵල රටේ ජනතාව බොහොම උනන්දුවෙන් බලා සිටින නිසා...

:       0       7

Danath Monday, 18 February 2019 10:00 AM

ඩ්‍රග්ස් ලංකාවට ගේන්නේ ඉහළ පුටුවල දැනුවත්කමකින්... නැතිනම් ඔච්චර දෙයක් බැහැ. මහින්දගේ කාලේ ඩ්‍රග්ස් වෙළඳුන් ආරක්ෂා කරපු නිසයි අද මෙච්චරටම වැඩිවෙලා තියෙන්නේ..

:       0       4

asanka Monday, 18 February 2019 11:25 AM

මත්ද්‍රව්‍ය භාවිතය රටේ වඩාත්ම සුලබ වූයේ 2009/10 වසර වල පටන්ය. මෙය රාජ්‍ය අනුග්‍රහය නැතිව සිදුවූවා යයි සිතිය නොහැක.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

අනුර උතුරෙන් සමාව ගත යුතුයි
2024 සැප්තැම්බර් මස 08 209 0

අනුර දිසානායක යාපනයට පැමිණ කළ තර්ජනකාරී ප්‍රකාශය සම්බන්ධයෙන් උතුරේ ජනතාවගෙන් වහාම සමාව ගත යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ ජන රැළ


‘‘අපේ ඇමැති මණ්ඩලය 25යි‘‘
2024 සැප්තැම්බර් මස 08 163 0

එළබෙන 21 පසුව අපි පිහිටුවන රජයේ විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් තමයි අපි හදන්නේ. එයට 25 දෙනයි. රාජ්‍ය ඇමතිවරු නැ . නියෝජ්‍යය ඇමති විතරයි. ඒ ඒ විෂයට අදාල ක්ෂේත්‍රය


ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 816 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 227 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 687 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 151 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site