( තිළිණි ද සිල්වා )
යුද ගැටුම් පවතින ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර රැදී සිටින සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.
මේවන විට ශ්‍රී ලාංකිකයන් 43 දෙනකු කාබුල් නුවර එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන හා තානාපති කාර්යාලවල සේවය කරන බවට ලියාපදිංචි වී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
ඔවුන්ගෙන් වැඩි දෙනකු දිවයිනට පැමිණිම සඳහා ගුවන් ප්‍රවේශපත්‍ර වෙන්කරගෙන ඇති බව අදාළ නිලධාරියා සඳහන් කළේ ය.
ඔවුන් එරට පවතින ගුවන් පහසුකම්වලට අනුව, ඔවුන් දිවයිනට පැමිණෙනු ඇතැයිද එම අමාත්‍යාංශ නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.
වසර 20 කට අධික කාලයක් පුරා ඇෆ්ගනිස්ථානයේ යුද මෙහෙයුම් ක්‍රියාත්මක කළ ඇමෙරිකානු හමුදාව ප්‍රමුඛ බටහිර හමුදා එරටින් ඉවත් වීමත් සමග තලේබාන් සටන්කාමීන් එරට බලය අත්පත් කරගැනීම සඳහා පසුගිය දින කිහිපයේදී ප්‍රහාර දැඩි කළේ ය.
ඒ අනුව තලෙබාන් සටන්කාමීන් කාබුල් අගනුවරට ඇතුළු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.මේ වනවිටත් එරට සෙසු ප්‍රධාන නගර රැසක බලය තලෙබාන් සටන්කාමීන් අත්පත්කරගෙන සිටිති.
පවතින තත්ත්වය හමුවේ, කාබුල් නුවර සිටින විදෙස් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ආරක්ෂිතව ඉවත් කරගැනීම සඳහා ඇමෙරිකාව හමුදා භට පිරිස් ඇෆ්ගනිස්ථානය වෙත යවා තිබේ.
මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කාබුල්නුවර සිටින ලාංකිකයන් යළි මෙරටට
Kularatne Sunday, 15 August 2021 08:59 PM
ඒ ගොල්ලන්ම ටිකට් අරගෙන ප්ලේන් තියෙන විදියට ලංකාවට එනවා නම් මොකක්ද අමාත්‍යාංශයේ විශේෂ වැඩ පිළිවෙල..?
RathnayakaMonday, 16 August 2021 07:01 AM
කාබුල් ගුවන් තොටුපලත් උන් යටතේ තියෙන්නේ දැන්. පොඩ්ඩක් ලෝකෙ වෙන දේවලුත් හොයල බලපන්.
GimhanMonday, 16 August 2021 07:11 AM
මේ ලංකාදීප පත්තරේම මුල් පිටුවේ, සයුරින් එතෙර කියල කොටසක් තියෙනවා. ඒක පොඩ්ඩක් කියවල බලනවා. ඇෆ්ගනිස්ථානේ සම්පූර්ණයෙන්ම තලේබාල් පාලනයට ඇවිත් තියෙන්නේ. ටිකට් අරන් එනවලු. මෙහෙම උන් නේ ලංකාවේ චන්දේ දාන්නේ දෙයියනේ..
Don Monday, 16 August 2021 09:31 AM
මොකක්ද දැන් ඔය කියන විදේශ වැඩ පිළිවෙළ? ගුවන් ටිකට්පත් අරන් තියෙන්නේ ඒගොල්ලෝ නම්, ලංකාවට එන්නේ ගුවන් යානා තියෙන විදිහට නම්... ආපුවාම ගුවන් තොටුපළේදී මල්මාලා දාලා උත්සවයක් ගන්න එකද විශේෂ වැඩ පිළිවෙළ...?