IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


කාබුල් ගුවන්තොටුපොළ අසල පිපිරීමක්

ඇෆ්ගනිස්තානයේ කාබුල් ගුවන් තොටුපොළට පිවිසෙන ගේට්ටුවක් ආසන්නයේ පිපිරීමක් සිදුවුණු බවත් එය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බවත් විදෙස් මාධ්‍ය අද (26) සවස වාර්තා කළේය.

ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සිය පුරවැසියන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් මෙන්ම ඔවුන්ට සහාය දැක්වූ ඇෆ්ගන් වැසියන් මුදාගනිමින් සිටින මොහොතක මෙම ප්‍රහාරය එල්ල විය.

මෙලෙස ප්‍රහාරයක් එල්ල විය හැකි යැයි ඇමෙරිකානු, බ්‍රිතාන්‍ය සහ ඔස්ට්‍රේලියානු ඇතුළු බටහිර රටවල් කිහිපයක බුද්ධි අංශ බදාදා දිනයේ දී අනතුරු අඟවා තිබිණි.

ඒ අනුව ගුවන් තොටුපොළට පැමිණීමෙන් හෝ ගුවන් තොටුපොළ ආසන්නයේ සිටීමෙන් වළකින්නැයි එම රටවල් සිය වැසියන්ට සහ ඇෆ්ගන් වැසියන්ට අනතුරු ඇඟවීය.

බොහෝ දුරට අයි.එස්. සංවිධානය මෙවැනි ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි එම බුද්ධි අංශ වාර්තා කළ අතර පසුගිය සතියේ දී එවැනි අනතුරු ඇඟවීමක් නිකුත් කෙරුණි.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ හෝ කවුරුන් හෝ මියගොස් ඇත් ද යන්න සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් වාර්තා වී නැත.

“කාබුල් ගුවන් තොටුපොළ පිටත දැවැන්ත පිපිරීමක් සිදු වී ඇති බව අපට තහවුරු කරන්න පුළුවන්. තුවාල ලැබූවන් හෝ ඒ කිසිවකු ගැන තවමත් තහවුරු කරන්න බැහැ. අපට පුළුවන් වූ වහාම අපි තොරතුරු ලබාදෙනවා” යැයි පෙන්ටගනයේ ප්‍රකාශක ජෝන් කර්බි පැවැසීය.

(රොයිටර්)



අදහස් (2)

කාබුල් ගුවන්තොටුපොළ අසල පිපිරීමක්

චමින්ද ජයනාත් ජයසූරිය Thursday, 26 August 2021 10:01 PM

මටනම් මේ ප්‍රහාරය ගැන සැකයි....

:       0       3

චමින්ද ජයනාත් ජයසූරිය Thursday, 26 August 2021 10:05 PM

මටනම් මේ ප්‍රහාරය ගැන සැකයි... සාමාන්‍ය වැසියො ගුවන් තොටුපලට එනවට කරපු එකක් වගේ... අවසානෙට ඒකත් අයි.එස් එකට බැර කරලද මන්ද...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 

දියත

එජාප කාන්තා සංවිධානය අචිනිට
2025 පෙබරවාරි මස 05 10 0

එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.


වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 1174 0

වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.


යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී චන්දන වික්‍රමසිංහ
2025 පෙබරවාරි මස 05 427 0

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.


නාන්න ගිහින් වීරවිල වැවේ සැඟවෙයි
2025 පෙබරවාරි මස 05 241 0

බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .


‘කුෂ්‘සමඟ මගියා ගුවන්තොටේදී මාට්ටු
2025 පෙබරවාරි මස 05 219 0

රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා


පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 385 0

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 763 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site