(ඩයනා උදයංගනී)
කම්කරු නායකයින් ඇගයීමේ “ශ්‍රමයට අභිමන් - ජනතා බුහුමන් 2021” උපහාර උළෙල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද (15) පැවැත්විණි.
කම්කරු ප්‍රජාව වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටුකළ කීර්තිමත් වෘත්තිය සමිති නායකයින් නව දෙනකු මෙහිදී ඇගයීමට ලක්වූ අතර ඊට අමතරව කම්කරුවන්ගේ උන්නතිය උදෙසා තම සේවා කාලය කැප කළ විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් දෙදෙනකු වෙත ද මෙහිදී ඇගයීම් සම්මාන පිරිනැමිණි.
කම්කරු අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහින්ද මඩිහහේවා සහ හිටපු කම්කරු කොමසාරිස් ජනරාල් ගුණසිරි වීරකෝන් යන මහත්වරු මෙහි දී ඇගයීම් සම්මාන ලබාගත් විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් වෙති.
මීට අමතරව වෘත්තිය සමිති නායකයන් වන මෙරෙඤ්ඤගේ දයාරත්න මුණිදාස ප්‍රනාන්දු (සමස්ත ලංකා එක්සත් මෝටර් කම්කරු සංගමය), ලෙස්ලි ෂෙල්ටන් දේවේන්ද්‍ර (ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය), සුප්පයියා සුබ්‍රමනියම් රාමනාදන් (වතු සේවක සංගමය), හේම අමරතුංග පියදාස (සමස්ත ලංකා වෙළඳ හා කර්මාන්ත කම්කරු සංගමය), රෙන්ගසාමි පලිනමුතු (ලංකා කම්කරු කොංග්‍රසය), විජේවන්ත පද්මසිරි අමරසිංහ (ලංකා වතු සේවක සංගමය) , රෙන්ගයියා මරුදමුත්තු ක්‍රිෂ්ණසාමි (කෘෂිකාර්මික හා වතු කම්කරු සංගමය), අරුමුගම් මුතුලිංගම් (එක්සත් වතු කම්කරු සංගමය), තුවාන් මන්සූර් රහීම් රසිඩීන් (ලංකා කම්කරු ෆෙඩරේෂන්) යන මහත්වරුද මෙහිදී සම්මාන ලැබූහ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කම්කරු අමාත්‍යවරයාව සිටියදී කළ යෝජනාවකට අනුව බිහි කල ශ්‍රම වාසනා අරමුදලේ පුරෝගාමීත්වයෙන් කම්කරු අමා්‍යාංශයේ සහ මුදල් අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් මෙම සම්මාන උළෙල සංවිධානය කෙරිණි.
වසර 35 ට වැඩි කාලයක් වෘත්තිය සමිති ක්ෂේත්‍රයේ නියැලෙමින් වැඩකරන ජනතාව වෙනුවෙන් සේවයට කැප වූ කම්කරු නායකයින් සහ රාජ්‍ය සේවයේ යෙදෙමින් කම්කරුවන්ගේ උන්නතිය උදෙසා තම සේවා කාලය කැප කළ රාජ්‍ය නිලධාරීන් ඇගයීම මෙහි අරමුණ වී ඇත.
කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, අමාත්‍යවරුන් වන ගාමිණී ලොකුගේ, වාසුදේව නානායක්කාර පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.ඩී.යූ.කේ. මාපා පතිරණ, කම්කරු කොමසාරිස් ජනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ලලිත් පියුම් පෙරේරා, ශ්‍රම වාසනා අරමුදලේ අධ්‍යක්‍ෂවරුන්වන ලලිත් කන්නන්ගර, සුදත් බණ්ඩාර, හිමාලි ඔරුගොඩවත්ත යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගිවී සිටියහ.
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ
ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්
ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කම්කරු නායකයන් ඇගයේ
GAMUNU Wednesday, 15 December 2021 08:11 PM
කම්කරු නායකයින් ඇගයීමේ “ශ්‍රමයට අභිමන් - ජනතා බුහුමන් 2021” උපහාර දැක්විය යුතු වන්නේ අව්ව, වැස්ස නොබලා පිටකොටුවේ නාට්ටාමි සේවය කරන මිනිස්සුන්ට නොවේද?
පිටිගල මිලානෝ Thursday, 16 December 2021 02:20 AM
ලොකු අතුල මරපු හෝ මැරුණ කේස් එකට මොකද වුනේ? ප්‍රසිද්ධ දේශපාලකයෙක් ඔහුට ගහනකොට මැරුනාද?
Bamunuarachchi Thursday, 16 December 2021 03:58 PM
මගෙත් සුබ පැතුම්... මට මතක්වෙන්නේ බාලා තම්පෝ මහතාව? ජෙප්පෝ මොක්කුද?