විනීතා එම් ගමගේ
කම්කරු නිලධාරීහු ලබන වසරේ ජනවාරි පළමු වැනිදා සිට කේෂ්ත‍්‍ර රාජකාරි වලින් ඉවත්වීමට තීරණය කළ බව රාජ්‍ය සේවා කම්කරු නිලධාරීන්ගේ සංගමය කියයි.
ගමන් වියදම් සඳහා ගෙවනු ලබන රුපියල් දස දහසේ දීමනාව මාස කිහිපයකින් නොගෙවීම නිසා මේ තීරණය ගත් බව රාජ්‍ය සේවා කම්කරු නිලධාරින්ගේ සංගමයේ සභාපති සී අයි ගමගේ මහතා ලංකාදීපයට පැවැසීය.
බස්නාහිර, වයඹ, සබරගමුව ඇතුළු පළාත් කිහිපයක මෙම දීමනා මාස කිහිපයකින් ගෙවා නැතැයි පැවසූ ගමගේ මහතා වයඹ පළාතේ ඉකුත් සැප්තැම්බරයේ සිට ගෙවා නැතැයි ද, බස්නාහිර පළාතේ නොවැම්බර් සිට ගෙවා නැතැයි ද කීය.
දකුණු පළාතේ ඔක්තෝබර් මාසයේ සිට මෙම දීමනාව ගෙවා නැති බවද සබරගමුව පළාතේ ඉකුත් ඔක්තෝබරයේ සිට ගෙවා නැති බවද කියා සිටියේය.
මහ බැංකුවෙන් මේ දීමනා සඳහා මුදල් වෙන් කර ඇති නමුත් කම්කරු දෙපාර්තමේන්තුවේ ගිණුම් දුර්වල කළමණාකාරිත්වය මෙම තත්ත්වය ඇති කිරීමට මුල් වී ඇති බවද ගමගේ මහතා පැවැසීය.
සාමාන්‍යයෙන් සිදුවන්නේ කම්කරු නිලධාරින් කේෂ්ත‍්‍ර පරික්ෂණ රාජකාරි සඳහා තම අතින් වියදම් කර පසුව එම දීමනාව ඉල්ලීම බවත් මෙසේ මාස ගණනක් තිස්සේ එම මුදල් නොගෙවීම නිසා බොහෝ නිලධාරින්ට ලබන පාසල් වාරය සඳහා දූ දරුවන්ට පොත්පත් මිලදී ගැනීමට හැකියාව ලැබී නැතැයි ද ඔහු පෙන්වා දුන්නේය.
මේ නිසා සංගමයේ විධායක සභාව රැස්වී ජනවාරියේ සිට කේෂ්ත‍්‍ර රාජකාරි සීමා කිරීමට තීරණය කළ බවත් ඒ පිළිබඳව සාමාජිකත්වය දැනුවත් කිරීමට කටයුතු කරන බවත් ගමගේ මහතා සඳහන් කළේය.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කම්කරු නිලධාරීහු කේෂ්ත්‍ර රාජකාරි වලින් ඉවත් වෙති