(මැදගම රම්‍යලතා පද්මකුමාරි සහ ලුණුගල ප්‍රසන්න පද්මසිරි)
කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඇතුළු පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායමක් කළ ගවේෂණයකදී කුමන වනාන්තරයේ පිහිටි ඓතිහාසික පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ‘‘බුදු පටුන්ගල’’ නමැති ස්ථානය සොයාගෙන තිබේ.
මොනරාගල දිස්ත්‍රික්කයට අයත් කුමන රක්‍ෂිත වනාන්තරයේ පිහිටි එම ස්ථානයේදී විශාල ගල්පර්වතයක නෙළා ඇති සිටි ඉරියව්වෙන් වැඩ සිටින ශෛලමය බුද්ධ ප්‍රතිමාවක් සහ ඊට දෙපසින් පිහිටි අවලෝකිතේෂ්වර සහ මෛත්‍රී බෝධිසත්වයන්ගේ ප්‍රතිමා සොයාගෙන තිබේ.
ඇතිමලේ ප්‍රදේශයේ සිට කිලෝ මීටර් 15 ක් පමණ දුරකින් කුමන රක්‍ෂිත වනාන්තරය මැද බුදුපටුන්ගල නමැති ස්ථානය පිහිටා ඇති අතර එම ප්‍රතිමාවන් ක්‍රිස්තු වර්ෂ හත්වන සියවසට හෝ අටවන සියවසට අයත්වන බවත් මහාචාර්ය රාජ් සෝමදේව මහතා පැවසීය.
බුදුපටුන්ගල නමැති ස්ථානයේ ඇති මෙම ප්‍රතිමා රුහුණ ප්‍රදේශයට ආවේණික සම්ප්‍රදායක් පෙන්නුම් කරන බවද ඔහු කීය.
අඩි හයක හතක පමණ ප්‍රමාණයකින් යුත් මෙම ප්‍රතිමා දෙකක කොටස් කීපයක් කැඩී ගොස් ඇති බවද මහාචාර්යවරයා කීය.
ප්‍රදේශවාසීන් පිරිසක් විසින් මෙම ස්ථානය මුල්වරට දැක සිදුකරන ලද දැනුම්දීමකින් පසු රුහුණේ ඉතිහාසය පිළිබඳ නව අයුරකින් සොයා බැලීමේ අරමුණින් මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඇතුළු කණ්ඩායම මොනරාගල දිස්ත්‍රික්කය පුරා පුළුල් පරිමාණයේ පුරාවිද්‍යාත්මක ගවේෂණයක් සිදුකරමින් තිබේ.
(ඡායාරූප - බිබිල විශේෂ කේෂර ගුණතිලක)
ආණ්ඩුව වී සඳහා නියමක කළ මිල සම්බන්ධයෙන් සෑහීමට පත්නොවන බවත් එය එසේ වුවද වී සඳහා ආණ්ඩුව මිලක් නිමකිරීම පිළිබඳව ස්තූතිය පළකරන බවත් අනුරාධපුර දිස්ත්‍රි
ජාතික ජනබලවේග රජයට ලැබුනු ජනවරම අනුව රටට ඔබින නව ව්‍යවස්ථාවක් ඉදිරියේදී හදුන්වා දෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නල
රජය ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීම සදහා ඉහල ප්‍රමුඛත්වයක් ලබා දී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අනීතික ලෙස පුද්ගලයකු දින 6 ක් රඳවාගෙන පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර වීරකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන ක
ශ්රී ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක, ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිලවශයෙන් අද (5) නිවේදනය කළේය.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කුමන වනයේ ගවේෂණයකදී බුදු පටුන්ගල පුරාවිද්‍යා උරුමය හමුවෙයි
Mohan Tuesday, 01 September 2020 10:51 AM
හරිම වැදගත් සහ ගොඩක් ලොකු රාජකාරියක්... ඔබ මතු පරම්පරාවට අපගේ ඉතිහාසය දායක කොට ඇත.
dhamneth Tuesday, 01 September 2020 11:27 AM
අපේ හාමුදුරුවරු මේ සිද්ධස්ථාන අතහැර ගියේ මන්ද කියා සොයාබැලිය යුතුයි. මේ ප්‍රදේශවලට විදේශ බලපෑම් තිබුණේ නැහැ...
sugath Tuesday, 01 September 2020 11:55 AM
මේ පිළිමවල හිස ප්‍රදේශය කඩා ඇති බවක් පෙනෙනවා. මෙය බොහෝවිට පුරාවිද්‍යා වස්තු සොරකම් කරන්නන්ගේ වැඩක් විය හැකිය.
BinkunndaaTuesday, 01 September 2020 05:46 PM
මහායාන, හීනයාන අරගලවල ප්‍රතිඵල තමයි සොලී ආක්‍රමණ නැති ප්‍රදේශවල වෙහෙර විහාර කඩා බිඳ දමා තිබෙන්නේ..
මාලක සෙනෙවිරත්න Tuesday, 01 September 2020 12:15 PM
බුදුපටුන්ගල රාජසෝමදේව සොයාගත්ත තැනක් නෙමෙයි. මේ තැන ගැන පළ වූ විවිධ පුවත්පත් ලිපි තියෙනවා. මේක පිහිටලා තියෙන තැන නිසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේක ගැන හරිහැටි කැණීම්කරලා සොයලා බලලා නෑ. ඉතින් මේක ගැන නිසි අධ්‍යයනයක් කෙරෙන එක වැදගත්. හැබැයි මේ වගේ බොරු කිව්වාම ඒ ගැනත් මිනිස්සුන්ගේ විශ්වාසය බිඳෙනවා...
anura Tuesday, 01 September 2020 02:56 PM
මේ ස්ථානය ප්‍රදේශවාසීන් විසින් මුල් වරට දුටුවානම්, එය රාජ් සෝමදේවයන්ගේ සොයා ගැනීමක් වන්නේ කෙසේද?
rasika Tuesday, 01 September 2020 02:56 PM
බෙකර්, වුල්ෆ්ලාට කළින් අපේ මිනිස්සු ස්ථාන හඳුනාගෙන තිබ්බා...
කපිල Tuesday, 01 September 2020 03:41 PM
සජිත්ගෙන් ඇහුවා නම් යමක් දැනගන්න පුළුවන්...
wije Tuesday, 01 September 2020 04:06 PM
කපිල ඇයි සජිත්ගෙන් විතරක් අහන්නේ...? නාමල්ගෙනුත් පොඩ්ඩක් අහලා බලන්න. මොකද අපි නම් මේ දෙන්නා ගැනම හොඳට දන්නවා.
vipulaWednesday, 02 September 2020 03:08 AM
ඔයා හොඳට දන්නවා නම් අතන මෙතන කිය කියා ඉන්නේ නැතිව නඩුවක් දාන්නකෝ...
Nuwan Tuesday, 01 September 2020 06:04 PM
ජයරත්න පතිරආරච්චි මහතා 1998දී මේවා සෙල්ලිපියේ පිටපතක් සමගම එළිකළා. පුරාවිද්‍යා එවුන් නිදි...