(බිඟුන් මේනක ගමගේ)
ලංකාවේ කසළ කඳුවලින් නිෂ්පාදනය කරන කොම්පෝස්ට්වලින් හා වසුරු පොහොරවලින් මිනිස් සිරුරට අහිතකර ද්‍රව්‍ය එකතුවන්නේ යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික පීඨයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය ‘ලංකාදීප’යට පැවැසුවාය.
කසළ කඳුවලින් නිෂ්පාදනය කරන කොම්පෝස්ට් හා වසුරු පොහොර සම්බන්ධයෙන් තමා කළ පරීක්ෂණයක් මගින් මේ කරුණ අනාවරණය වී යැයි මහාචාර්ය විතානගේ මහත්මිය කීවාය.
ලංකාවේ කසළ කඳු 260කට අධික සංඛ්‍යාවක් ඇති නමුත් සෞඛ්‍යාරක්ෂිතව පවත්වාගෙන යන්නේ එයින් දෙකක් පමණක් යැයි ඇය අවධාරණය කළාය.
කසළ කඳුවලින් සැකසූ මේ කොම්පෝස්ට්වලින් ඇත්තටම කෙරෙන්නේ කුණු ගොඬේ පවතින බැරලෝහ ගොවිබිමට මුහු කිරීම යැයි චෝදනා කළ මහාචාර්යවරිය ලංකාවේ කසළවලින් සකසන කොම්පෝස්ට්වල බැර ලෝහ තිබේ නම් චීනයෙන් ගෙනෙන කොම්පෝස්ට්වල ද එවැනි අන්තර්ගතයක් නොතිබීමට පදනමක් නැතැයි ද පැවසුවාය.
ඌරු හා කුකුල් කොටුවලින් ගන්නා වසුරු පොහොරවලින් ද මේ ආකාරයටම හෝමෝන හා ප්‍රතිජීවක ගොවිබිමට එකතු වන බවට පරීක්ෂණයක් මගින් තහවුරු කරගත්තේ යැයි ද මහාචාර්ය විතානගේ මහත්මිය පැවසුවාය.
සත්ව ගොවිපලවලදී ඌරන් හා කුකුලන් සඳහා හෝමෝන හා ප්‍රතිජීවක විශාල සංඛ්‍යාවක් යොදාගන්නේ යැයි කී ඇය එම සතුන්ගේ වසුරුවල අදාළ හෝමෝන හා ප්‍රතිජීවක අධිසාන්ද්‍රණවලින් ඇති බවට කරුණු අනාවරණය වී යැයි කීවාය.
එවිට අදාළ වසුරු පොහොර කුඹුරට එකතු කළ විට පෙර කී හෝමෝන හා ප්‍රතිජීවක ජලය මගින් වී පැලයට උරාගන්නේ යැයි ද සහල් ආහාරයට ගැනීමේදී ඒවා නැවතත් මිනිස් සිරුරට ඇතු`ඵවන්නේ යැයි ද විතානගේ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.
ශ්රී ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක, ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිලවශයෙන් අද (5) නිවේදනය කළේය.
පාසලෙන් ලබා දුන්නේ යැයි කියන විටමින් පෙති පානය කිරීමෙන් පසු ආසාත්මික තාවයක් හේතුවෙන් සිසුන් 18 දෙනකු ප්‍රතිකාර ලබාදිම සදහා අනුරාධපුර පයිරිමඩුව ප්‍රා
ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් නොවෙයි මේ රටේ කිසිවකුටත් නීතියට උඩින් යා නොහැකි බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.
ජාජබ ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබා දෙන්නේ නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේත් ඉන්පිටතත් සාමූහිකව කටයුතු කිරීම වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත
ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපතිවරයා දී ඇති තීන්දුව සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කොම්පෝස්ට් හා වසුරුවල වස
කිරි පුතා Monday, 08 November 2021 11:43 AM
අහෝ මිනිසා මුලු පරිසර පද්ධතියම විනාශ කර දමලා. අධික වූ තන්හාවයි මේ හැමට හේතුව
Rakitha Monday, 08 November 2021 12:22 PM
පලිබෝධනාශක වලින් සහ අපිරිසිදු පොහොර වලින් ඔය දෙයම වෙනවා .ජලය දුෂණය වෙලා තියෙන්නේ .අපේ විද්යාඥයන් ඒවා ගැන රිසර්ච් කරන්න කැමති නැහැ .ඩොලර් නැති වෙයි කියලා බයට ..තමන්ට වාසියක් තියන දේවල් තමයි කරන්නේ .රසායනික පොහොර නිසා කල්පිටියේ ජාල දුෂණය ගැන කතා කරන්නේ නැහැ කට වැහිලා
sharm warn Monday, 08 November 2021 12:47 PM
නුගත් මෝඩ අවිචාර බුද්ධියකින් හෙබි... පාලකයන් පත්කර ගන්නාවූ... ඒ හා සමානම බුද්ධියකින් හීන වූ ජනතාවක් ඉන්න රටක මිට වඩා මුකුත් බලාපොරොත්තු වෙන්න එපා.
kamal Monday, 08 November 2021 01:58 PM
නෑ එහෙම වෙන්න බැහැ ,අපේ සර් අපිට කිව්වනේ එහෙම වෙන්න එතුමා ඉඩ තියන්නේ නැහැ කියලා
Lal Monday, 08 November 2021 03:16 PM
අයියෝ මෙයා තමයි කිව්වේ... කොරෝනා වතුරෙන් බෝවෙනවා. දැන් කොරෝනා වතුරෙන් බෝවුණාද..? ඔක්කොම ජාති බේද... වැඩ කරලා. දැන් කියනවා පොහොර ගැන මෙයාලාගේ වචනයක්වත් සතපහට විශ්වාස කරන්න නරකයි...
ruwaniMonday, 08 November 2021 05:01 PM
මෙතුමිය කවදාවත් එහෙම දෙයක් කියලා නැහැ. බොරු කියන්න එපා.
Saman Monday, 08 November 2021 03:36 PM
මෙයාලට සල්ලි දෙන්නේ කවුද දන්නේ නැ