IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කරනවා - හරීන්

(යොහාන් භාසුර සහ නාමල් පතිරගේ) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු කමිටුවක් පත්කර බව නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී අද (21) පැවැති පළමු මාධ්‍ය හමුවේදී ක්‍රීඩා ඇමතිවරයා එසේ පැවසීය. 

“නිලවරණය කල්දානවද කියලා හරියටම කියන්න බෑ. අතුරු කමිටුවක් කොහොමත් එන්න ඉඩ තියෙනවා......ශ්‍රී ලංකාවම පිළිගන්න කෙනෙක් තමයි අතුරු කමිටුවේ පාලනයට ගේන්නේ. ඔහු අන්තර්ජාතික ක්‍රිකට් සභාවේත් (අයි.සී.සී.) පිළිගැනීම තියෙන කෙනෙක්” යයිද හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. 

“මම ලබන 26 හෝ 27 අන්තර්ජාතික ක්‍රිකට් සභාව මුණගැසෙන්න බලාපොරොත්තු වෙනවා. හිටපු අමාත්‍ය ෆයසිර් මුස්තාපා මහතා නිලවරණය පැවැත්වීමට පෙබරවාරි 9 දක්වා කාලය ලබාගෙන තිබුණා. ක්‍රිකට් දූෂණයෙන් තොර තැනක් කරන්න තව ටික කාලයක් ලබාගන්න ඕනේ” යයිද ක්‍රීඩා ඇමතිවරයා පැවසීය. 

“මම මුලින්ම ඊට පෙර තිබුණ තත්ත්වය මොකක්ද කියලා බලන්න ඕනේ. ඒ වගේම ඒ ආණ්ඩුව පැවැති කාලයේ මොනවගේ තීරණ ද ගත්තේ කියලා බලන්න ඕනේ” යැයිද හරීන් ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් පැවසීය.

ඡායාරූප - චතුර එස් කොඩිකාර

 



අදහස් (15)

ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කරනවා - හරීන්

Priya Friday, 21 December 2018 08:49 AM

හැමදාම ඉතිං ඕකනේ වුනේ. හරියට අළුත් දෙයක් කරා වගේ. අනේ මන්දා!

:       21       145

Sujeeva Friday, 21 December 2018 08:52 AM

සල්ලි තමා ඇමතිතුමා, අත් හරින්න එපා. තව ටික කාලයයිනේ...

:       203       155

ගල්කටස් Friday, 21 December 2018 09:21 AM

ගූගල් බැලුමක් අැරලා බැලුවොත් ක්‍රිකට් උඩටම යාවී කවුරු අාවත් ක්‍රීඩකයින්ගේ පණ්ඩිතකමයි, අහංකාර කමයි අයින් කරගන්න වෙයි. ක්‍රිකට් හරියන්න නම් කවුරු වුණත් මීට වසර කිහිපයකට උඩදි හිටපු සියළු ක්‍රීඩකයින්ගේ නිහතමානීකමයි රට ගැන හැඟීමයි තිබුණා. දැන් එන්නේ සල්ලි බලාගෙනයි.. සල්ලි දුන්නොත් නිහතමානී බව වල පල්ලට... විනයක් නැති සමාජයක් ලංකාවේ දැන් තියෙන්නේ...

:       56       241

මුණසිංහ Friday, 21 December 2018 09:37 AM

පටන් ගත්තු ගමන් කන්න වගේ හදන්නේ...

:       16       65

Perera Friday, 21 December 2018 10:17 AM

ඔතන ඔය ඇමතිතුමාව වට කරගෙන ඉන්න මන්ත්‍රී ගොල්ලො ටික ක්‍රීඩා නියෝජ්‍ය ඇමතිකමට කෙල හලාගෙන ඉන්නේ. එතනත් තරඟයක්නේ...

:       27       83

Amila Friday, 21 December 2018 10:41 AM

කොහොමත් ඕකට හරියන්නේ අතුරු කමිටු තමයි. නැත්තම් අර බුකී කාරයා හරි, එයාගේ ඉත්තෝ හරි ඕකට රින්ගලා ඕක විනාශ කරනවා.

:       12       204

hira Friday, 21 December 2018 11:37 AM

ඩිගිටල් ඇමති වෙලා හිටපු කාලේ කරපු එක දෙයක් තියෙනවද කියන්න. ක්‍රීඩාවත් ඉතුරු ටිකත් නැතිබන්ගස්ථාන කොරලම පස්ස බලයි. මේ ගොල්ලන්ට පුළුවන් ගිරිය පුප්පගෙන ලොකු ටෝක්ස් දෙන්න විතරයි.

:       10       154

Priya Friday, 21 December 2018 11:50 AM

දැන් බුකී කාරයට වඩා හොඳ ගේම්කාරයෝ ටිකක් දාගනියි.

:       11       148

Raveendra Friday, 21 December 2018 12:12 PM

මලයා... අපිට බැලුම් පෙන්නුවා වගේ හීනෙන් පෙනුණා. එ් නිසා මෙදා සැරේ බැලුම් ක්‍රීඩාවක්වත් කරමු නේද?

:       0       8

ලෙස්ලි හර්බට් විජේසිංහ Friday, 21 December 2018 01:14 PM

ඔව් ඔව් අතුරු කමිටුවක් දාලා හැමදේම සොයලා ඡන්දයක් තියන්න. මොකද එකම කෙනා සභාපතිට උප සභාපතිට ලේකම්ට භාණ්ඩාගාරික යන හැම තනතුරටම තරග කරන්න ඉල්ලනවා. එක දවසෙම මිනිහා ඉල්ලන්නේ නැත්තේ ක්‍රිකට් බෝඩ් එකේ පියන් තනතුරට එකෙන්ම හිතාගන්න පුළුවන්.. කොහොමද ජරාව කන්න තියන ආශාව...?

:       12       15

Sisili Bisili Friday, 21 December 2018 01:42 PM

මනූෂත් ඉන්නවා, වඩිවේල් සුරේෂුත් ඉන්නවා. වසන්ත සේනානායක තමයි මෙතනට අඩු.

:       9       10

Sanka Saturday, 22 December 2018 03:02 AM

ඔබතුමා හොද ආරම්බයක් ගත්තා. ක්‍රීඩා කරන්නේ කට්ටියක්, මෙතන කෝටි ගනම් මුදල් දුෂණ. වහාම මෙතන පරිපාලනය නිසි මගට ගන්න ඔබට ශක්තිය ලැබේවා.! මේ දුෂිත මුදල් යොදවලා අහිංසක ගමේ ක්‍රිකට් ගහන කොල්ලන්ව ඉදිරියට ගන්න.

:       0       0

Buddhi Saturday, 22 December 2018 06:31 AM

එකම සංචිතයකින් පමණක් ක්‍රීඩකයින් තෝරාගන්න එපා. ගම්වල කොච්චර දක්ෂ අය ඉන්නවද? ඕනම අයෙකුට සංචිතයට එන්න ඉඩ සලසන්න. පන්දු 100ට ලකුණු 200ක් ගන්න අය සංචිතයෙන් පිට දහස් ගාණක් ඉන්නවා.

:       0       39

Sumith Saturday, 22 December 2018 04:05 PM

ඌවේ ජනතාව ගොඩගන්න වැඩ පටන්ගන්න කාලේ හරි.

:       0       0

Bamunuarachchi Sunday, 23 December 2018 04:09 PM

එච්චරයි දැන් තකහනියක් රටට අවශ්‍ය වෙලා තිබෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

සරසවි හයක කොට උඩ ගිය ඉදිකිරීම් යළි අරඹයි
2025 පෙබරවාරි මස 05 13 0

මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්


ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 540 1

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 711 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 198 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 204 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 814 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 775 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site