(බිඟුන් මේනක ගමගේ )
කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරප්පාඩු වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය හිමි වන්නේ කාටද යන්න කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්වරයා තවත් සති දෙකක පමණ කාලයක් ඇතුළත ප්‍රකාශ කළ යුතු යැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ‘ලංකාදීප’ යට අද(1) පැවසීය.
කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්වරයා මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගෙන ඇතත් එය ගැසට්ටුවක් මගින් ප්‍රකාශ කරන තුරු මන්ත්‍රී ධුරය හිමිවන්නේ කාටද යන්න මාධ්‍යට ප්‍රකාශ කළ නොහැකි බව ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.
මැතිවරණ කොමිසම පසුගිය අගෝස්තු 12 වැනිදා රැස් වී පුරප්පාඩුවට පත්ව ඇති මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව කී හෙතෙම ඒ ගැන වහාම පියවරක් ගන්නැයි දන්වා 13 වැනිදා කුරුණෑගල තේරීම් භාර නිලධාරි හා දිස්ත්‍රික් ලේකම් ගාමිණි ඉලංගරත්න මහතාට ලිඛිතව උපදෙස් දුන් බවත් සඳහන් කළේය.
නීතියට අනුව අදාළ ලිපිය ලද දින සිට මසක් ඇතුළත තීරණය දැනුම් දීමට තේරීම් භාර නිලධාරිවරයා කටයුතු කළ යුතු බවත් ඒ අනුව ඉදිරි සති දෙක ඇතුළත එම තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට ඔහුට කාලය ඇති බව ද දේශප්‍රිය මහතා කීවේය.
මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ නිලධාරියකු පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91. ආ (4) අනුව්‍යවස්ථාව අනුව මෙම තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91. ආ (4) අනුව්‍යවස්ථාව මෙසේය.
‘පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකුව සිටියදී, 70 වැනි ව්‍යවස්ථාවේ (7) වැනි අනුව්‍යවස්ථාවේ හෝ 155 වැනි ව්‍යවස්ථාවේ(4) වැනි අනුව්‍යවස්ථාවේ (I) වැනි ඡේදයේ දැක්වෙන අවස්ථාගත කරුණු යටතේ හැර, කවර වූ හෝ මැතිවරණ කොට්ඨාසයක් සඳහා තෝරා පත්කර ගනු ලැබීම පිණිෂ මන්ත්‍රීධූරාපේක්ෂකයකු වශයෙන් නාම යෝජනා කරනු ලැබ සිටී නම් ඒ තැනැත්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් තෝරා පත් කර ගනු ලැබීමට හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සහ පාර්ලිමේන්තුවේදී ඡන්දය දීමට හෝ සුදුස්සෙක් නොවන්නේය’
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ
ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්
ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
‘කුරුණෑගල මන්ත්‍රී ධූරය සති දෙකක් ඇතුළත පිරවිය යුතුයි‘