IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


කුරුණෑගල මහේස්ත‍්‍රාත්ගේ කි‍්‍රයාකලාපය ගැන විමර්ශනයක් කරන්නැයි අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක්

(නිමන්ති රණසිංහ)

ප‍්‍රසව හා නාරි වෛද්‍ය මෙහොමඩ් ෂාෆි මහතාගේ සිද්ධියට අදාළව කුරුණෑගල මහේස්ත‍්‍රාත්වරයාගේ කි‍්‍රයාකලාපය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ සේවා කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් ජූලි මස 27 වැනිදා පිටු 210 කින් සමන්විත වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදී නඩුවේ පාර්ශ්වකරුවකු නොවන එමෙන්ම, ප‍්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයකු නොවන කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්ෂකවරයාගෙන් කරුණු විමසා පැලෝපීය නාල පරීක්ෂාව නොහොත් එච්.එස්.ජී (H S G) පරීක්ෂණය නවතා දැමීමට නියෝග නිකුත් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙසට එම දෙපාර්තමේන්තුව කොමිසමෙන් ඉල්ලා ඇත.

 

 

 



අදහස් (11)

කුරුණෑගල මහේස්ත‍්‍රාත්ගේ කි‍්‍රයාකලාපය ගැන විමර්ශනයක් කරන්නැයි අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක්

සින්නත් තම්බි Monday, 22 July 2019 02:12 PM

ඔය එන්නේ එළියට..

:       39       172

Kumar Monday, 22 July 2019 04:56 PM

කෝ ඉතින් ඔය චෝදනා කරන එකම ගැහැණු කෙනෙක්වත් පරික්ෂාවට ලක්කිරීමට පැමිණියේ නැති වග ඇත්තද. ඔය ස්ත්‍රීන් පරික්ෂා කරනකොට එම අයගේ සැමියනුත් පරික්ෂා කරන්න ඕනෙ. රජයෙන් වන්දි ලබාගන්න තමන්ට සිදුවුන දෙය ඔප්පුකරන්න සුදානම වෙන්න ඕනෙ. කෙනක් වරදක් කලානම් ඒ කෙනාට දඩුවම් දෙන්න ඕනෙ, එම කාර්ය ඉටු කරන්න සාක්ෂි නැතුව උසාවියට යන්නේ කොහොමද.

:       528       415

Hafeel Monday, 22 July 2019 11:15 PM

එ්ක තමයි මම එදා ඉඳන් කිව්වේ, මේ වනවිටත් එක මවකට හෝ ඉදිරිපත් වෙන්න බැරිවුණා විද්‍යාත්මක පරීක්ෂණයට..

:       0       0

AmalTuesday, 23 July 2019 04:51 AM

මෝඩකම පෙන්නන්න එපා. අදාල පරීක්ෂණ නොතිය හිටියේ එම අම්මලාද නැත්නම් රජයද?

:       55       93

NuwanTuesday, 23 July 2019 08:43 AM

ඔබ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙක් නෙමේනේ. නොදන්නා දේවල් නොකිය ඉන්න බුද්ධි මට්ටම ලොවට නොපෙන්න.

:       0       0

Aka Monday, 22 July 2019 05:41 PM

රෝහල් අධ්‍යක්ෂක දීලා තියෙන්නේ මේ සිද්ධිය ගැන රෝහලේ අභ්‍යන්තර පරීක්ෂන වාර්ථාවෙ කොටසක්. ඒක රෝහල් අධ්‍යක්ශක තනියෙන් කරපු පරීක්ශනයක් නෙමේ. දැන් එතකොට මේ පරීක්ෂන කරන්න සීඅයිඩී එකේ ඉන්නෙ දොස්තරලද? නාරි හා ප්‍රසව වෛද්‍යවරුද?

:       0       0

Ravi Tuesday, 23 July 2019 03:37 AM

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහත්තුරු චූදිතයා වෙනුවෙන් වහාම ක්‍රියාත්මක වෙලා.

:       32       1

Silver Tuesday, 23 July 2019 04:10 AM

ඔයාට තේරෙන්නැද්ද එහෙම පරීක්ශනේකට ඉදිරිපත් වීම වලක්වලා අධිකරණ නියෝගය දීලා තියෙන්නෙ කියලා.

:       0       17

Sena Tuesday, 23 July 2019 04:20 AM

නඩුව අහපු කුරුණෑගල මහේස්ත්‍රාත්ගෙ බිරිඳත්, කුරුණෑගල රෝහලේම වෛද්‍යවරියක්ලු. හරිනම් ඒ නඩුකාරයා මේ නඩුව අහන එකෙන් ඉවත් වෙන්න ඕනෙ.. ඔතන ලබැඳියාව පිලිබඳ ප්‍රශ්ණයක් ...

:       2       42

සමන්ත Tuesday, 23 July 2019 04:55 AM

රටේ පුරවසියෙක්ව අත් අඩංගුවට ගත් පසු නඩු දමන්න සාක්කි හොයන රටක් සමන්ත

:       1       82

Lakmal Tuesday, 23 July 2019 06:38 AM

දැන් එතකොට සී අයි ඩි එකෙ ඉන්නේ වී ඕ ජි ලද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

තරුණයාට දස වද දුන් පොලිස් ලොක්කෝ 3ක් ගෙදර
2025 පෙබරවාරි මස 05 43 0

අනීතික ලෙස පුද්ගලයකු දින 6 ක් රඳවාගෙන පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර වීරකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන ක


දිමුත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
2025 පෙබරවාරි මස 05 53 0

ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක, ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිලවශයෙන් අද (5) නිවේදනය කළේය.


විටමින් පෙත්ත සිසුන් 18 රෝහලට යවයි
2025 පෙබරවාරි මස 05 110 0

පාසලෙන් ලබා දුන්නේ යැයි කියන විටමින් පෙති පානය කිරීමෙන් පසු ආසාත්මික තාවයක් හේතුවෙන් සිසුන් 18 දෙනකු ප්‍රතිකාර ලබාදිම සදහා අනුරාධපුර පයිරිමඩුව ප්‍රා


රටේ හැමෝම නීතියට යටයි
2025 පෙබරවාරි මස 05 384 0

ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් නොවෙයි මේ රටේ කිසිවකුටත් නීතියට උඩින් යා නොහැකි බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.


මන්ත්‍රීවරුන්ට වාහන දෙන හැටි නලින්ද කියයි
2025 පෙබරවාරි මස 05 575 2

ජාජබ ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබා දෙන්නේ නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


විපක්ෂයේ හැමෝම සජිත්ගේ නිවෙසට
2025 පෙබරවාරි මස 05 655 3

පාර්ලිමේන්තුවේත් ඉන්පිටතත් සාමූහිකව කටයුතු කිරීම වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 89 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 771 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 740 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site