IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


කොරෝනා අවසන් වන තෙක් අමරවීරගේ වැටුප මහජන සුබසාධනයට

(විනීතා එම් ගමගේ)

තම මන්ත්‍රී වැටුප කොවිඩ් 19 වසංගත තත්ත්වය අවසන් වන තෙක් මහජන සුබසාධනය සඳහා පරිත්‍යාගයට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර ඇත.

එම වැටුප පරිත්‍යාග කිරීම සඳහා වන ලිපිය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට බාර දුන් බවද අමාත්‍යවරයා කීය.

පරිසර අමාත්‍යාංශයේ දී අද (25) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ තමන් පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තමන්ට ලැබෙන වරප්‍රසාදවලින් කොටසක් හෝ රටේ දුක්විඳින ජනතාව වෙනුවෙන් කැප කරන ලෙස තමන් කළ ඉල්ලීම අනුව ඊට ප්‍රතිචාර රැසක් ලැබෙන බව ය.‍

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් ද තමන්ට ලැබෙන මාසික වැටුප පරිත්‍යාග කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ මාසයට තමන්ට හිමි වැටුපෙහි සිට ඉදිරියට කොවිඩ් 19 වසංගත තත්ත්වය අවසන් වන තෙක් තමන්ට ලැබෙන වැටුප රටේ මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවට ආහාර සැපයීම හා සෞඛ්‍යමය අවශ්‍යතා වෙනුවෙන් වෙන් කරන්නැයි අමාත්‍යවරයා අදාල ලිපිය බාර දෙමින් ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගෙන් ඉල්ලා සිටියේය.

“කොවිඩ් කවදා අවසන් වේදැයි කියන්න බෑ. සමහර විට 2025 දී වත් අපිට කොවිඩ්වලින් නිදහස් වෙන්න බැරි වේවි. රටේ මිනිස්සු බදු මුදලින් ගෙවන වැටුප මගේ හෘද සාක්ෂියට එරෙහිව මගේ පරිහරණය සඳහා මට යොදා ගත නොහැකියි. එම නිසා මගේ වැටුප ඒ කොවිඩ් අවසන් වන තෙක් මා ලබා ගන්නේ නැහැ. සමහරු මෙවැනි පරිත්‍යාග කිරීම් පවා හෑල්ලුවට ලක් කරනවා. මම වෙනත් ආදායම් ඇති කෙනෙක් නොවෙයි. එහෙත් මම මින්පෙර ජීවත්වූ ක්‍රමයක් තිබෙනවා. ඒ අනුව මම මගේ ජීවිතය ඉදිරියට පවත්වාගෙන යනවා” යැයි ද අමාත්‍යවරයා මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පැවසීය

 



අදහස් (7)

කොරෝනා අවසන් වන තෙක් අමරවීරගේ වැටුප මහජන සුබසාධනයට

ranjith Wednesday, 25 August 2021 02:20 PM

අගය කළ යුතු දෙයක්...

:       1       14

විජේ Wednesday, 25 August 2021 02:36 PM

හැමදාම ආණ්ඩුවේම ඉඳලා හම්බකරලා තියන විදිහට ඔහොම දීලා මදි මහත්තයෝ...

:       6       7

RaveendraWednesday, 25 August 2021 03:27 PM

ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය.. කෙසේවෙතත් මුන්දෑගේ සත්ක්‍රියාව අප හදවතින්ම අගය කරන අතර "දුන් දෙය සුවඳයි කෑ දෙය ගඳයි" යන වටිනා, පැරණි කියමන නැවත වරක් මතක් කරමින් අනාගතයේදී එක එක නාලිකාලා ඉදිරියට ඇවිත් මම මෙහෙමයි ජනතාවට සේවය කළේ කියයි... ඒ නිසා මට ඡන්දය දෙන්න කියලා හොටු පෙරාගෙන අඬමින් ඡන්ද හිඟාකනවා... එහෙම නොවේ හොඳේ ගොයියෝ...

:       1       4

swene Wednesday, 25 August 2021 03:07 PM

ඔබතුමා සැමදාම ප්‍රගතිශීලියි. ගසා කාපු බවක් දැනගන්නම නෑ. අනික් අයටත්, විශේෂයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේම අනික් දේශපාලකයින්ට ආදර්ශයක් වේවා...!!!

:       2       8

PA - RA Wednesday, 25 August 2021 03:33 PM

මෙයාලා ළඟ පොඩි සල්ලියක්ද ඇත්තේ? ලංකාව සල්ලිවලට ගන්න පුළුවනි ඔය කට්ටියටම, ඇයි බොරුයෑ..?

:       2       1

sunil Wednesday, 25 August 2021 04:48 PM

මේ මනුස්සයා සාපේක්ෂව හොඳ කෙනෙක් හැටියටයි මම නම් දකින්නේ. ත්‍යාග හා මුදල් ගසාකෑම් නෑ. තමාගේ අමාත්‍යාංශයේ නිලධාරින්ට පවා අනවශ්‍ය බලපෑම් නොකරන බවත් ආරංචියි...

:       0       4

corora Thursday, 26 August 2021 08:42 AM

මට පක්ෂ නැත. නමුත් මේ පුද්ගලයා කල දෙය අගය කල නොහැකි නූගතුන් ද සිටී. මෙය ඉතා වටිනා ආදර්ශයකි. පැරණි දේශපාලකයෝ එහෙම තමයි. පරිත්‍යාගශීලියි. ඉතා හොද ආදර්ශයකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 650 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 180 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 541 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 136 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1806 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 185 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site