IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


‘‘කොරොනා මඩින්න ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කරන්න‘‘

(නිමල කොඩිතුවක්කු)

මාරාන්තික කොරොනා වෛරසය මැඩලීම සඳහා ජාතික වැඩපිළිවෙළක්, ජාතික සැලැස්මක් අවශ්‍ය බවත්  ඒ සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කරන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස  මහතා පැවැසීය.

පටු දේශපාලන වාසි නොතකා මාරාන්තික කොරොනා වෛරසය මැඩලන්න අවශ්‍ය උපරිම සහයෝගය ලබා දීමට විපක්ෂය සූදානම් බවත් විපක්ෂනායකවරයා  සඳහන් කළේය.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (31) පැවති   මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

කොරොනා වෛරසය හේතුවෙන් චීනයේ වූහාන් නගරයේ සිරවී සිටින සිසුන් ගෙන්වා ගැනීමට වහාම මැදිහත් වන ලෙසට විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සේවයේ නියුතුවන්ට ලබාදී ඇති ආරකෂිත වැඩපිළිවෙළ සම්බන්ධයෙන්ද මෙහිදී විපක්ෂනායකවරයා රජයෙන් ප්‍රශ්න කර සිටියේය.

 



අදහස් (32)

‘‘කොරොනා මඩින්න ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කරන්න‘‘

gunda Friday, 31 January 2020 01:01 PM

චීනයේ සිටි ළමයි ගොඩක් ගෙන්වා ගත්තා... සජිත් දන්නේ නැතිද? ඔයා කියනකන් තමා ඉන්නේ වැඩ කරන්න. බලකායක් පත්කරන්නේ උතුරේ යුද්ධය ඇවිල්ලද? ගොන් කතා තවමත් ඉවර නැහැනේ..?

:       554       1557

RaveendraFriday, 31 January 2020 01:37 PM

උපන් නැකත අනුව නම් සියල්ලදත් උගතෙක්... වේලාපත්කඩේ හදපු හාදයාගේ අවුලක්. එ්කයි මේ ඔක්කෝම අවනඩු...

:       269       647

Piytissa Friday, 31 January 2020 01:18 PM

මෙයා කියනකන් තමයි හිටියේ. පුදුම මොලයලනේ...! බොරදියේ මාළු බාන්නේ නැතිව ඉන්න මහත්තයෝ...

:       232       1151

chandima Friday, 31 January 2020 01:36 PM

කොරෝනා වෛරසයෙනුත් ආණ්ඩුව අප්‍රසාදයට පත්කරලා ඡන්ද කඩාගන්න හදන මේ වගේ කට්ටියකට රටබාර දෙන්නද කියන්නේ...? තව එක්කෙනෙක් කියලා තිබුණේ ආණ්ඩුව කියනවට වැඩියෙන් වැඩි දෙයක් මෙතන තියෙනවා කියලා. ලෝකේ මේ ගැන කියන දේවල් සේරම මාධ්‍ය වල සහ අන්තර්ජාලයේ තිබෙනවා. සමහර වෙලාවට අර යුද්ධය කාලේ ආණ්ඩුවට ආධාර දෙන්න එපා කියකියා ලෝකේ පුරා හොරෙන් කතාකරපු රහස් සන්නිවේදන මාර්ගවලින් ලැබුණු තොරතුරු අනුවද දන්නේ නැහැ මෙව්වා කියන්නේ? ලෙඩේ මදින්න චීනාටත් බැරුව තියෙද්දී මෙයා කාර්ය සාධක බලකායක් දාන්න කියනවා. මේ එක රෝගියෙක් උන්නු ලෙඩේට කාර්ය සාධක බලකායක් දාන්න කියන ඔයාලා, අවුරුදු හතර හමාරක් බලයේ ඉද්දී ඩෙංගු මදුරුවා මඩින්න, ඩෙංගු රෝගය තුරන් කරන්න කලේ මොකක්ද? නගර පුරා කුණු ගොඩගැහෙන්න ඇරපු එක. අපි මීහරක් කියලා හිතුවද?

:       232       1700

RaveendraSaturday, 01 February 2020 04:00 AM

ඇත්තෙන්ම අපේ මේ සජිත් මලය තාම ළදරු වයසේ ඉන්න බබානේ... ඉතින් තාම හරහට වඩාගෙන තමයි කිරි පොවන්නේ... ඒකනේ කට ඇරියොත් බීපු කිරි හිරවෙලා වගේ බූත කතා කියන්නේ...

:       1       102

chandima Friday, 31 January 2020 02:01 PM

ඒ ඔහෙලගෙ කාලේ තමයි කමිටු පත් කරකර ප්‍රශ්න මගහැරියේ... රටේ සෞඛ්‍ය අමාත්‍යාංශයක් සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවක් තියෙනවා. එව්වගේ මෙවැනි කටයුතු වෙනුවෙන් නිලධාරින් ඉන්නවා. බෝවෙන රෝග පිළිබඳ විශේෂඥයින් ඉන්නවා. අවශ්‍ය උපකරණත් තිබෙනවා. ආයේ වෙන කමිටු, බලකායවල් අවශ්‍ය නැහැ. රට කරවන්න බලය ඉල්ලුවාට තවම තියෙන්නේ අර ප්‍රචින පණ්ඩිත නායක තුමාගේ වගේ කපටි යටි අදහස්මනේ... ඔය පළපුරුද්ද අඩු නිසා හිතෙන දේවල්... කැමති නම් අර චීන රෝගියා බලන්න ගිහින් අපේ වෛද්‍යවරු අරන් තියෙන ක්‍රියාමාර්ග බලලා එන්න. යන්න බයනම් අන්න ගංගාරාමේ පිරිත් කියනවලු, රෝග භය දුරුවෙන්න. එතැනින් පිරිත් නූලක්වත් ගැටගහගෙන යන්න මාධ්‍යවලට කට මත දොඩන්නේ නැතුව. ඔය බලකාය පිහිටුවන්න ඕනෑම නම් වේදිකාවල මාධ්‍ය සාකච්ඡා වල කියව කියවා ඉන්න ඕන නැහැ. ටෙලිෆෝන් එක අරන් ජනාධිපතිතුමාට කතා කරලා කියන්න. සමහරවිට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මේ රෝගය ගැන හදිසි තත්වයක් ලෝකේ පුරා ප්‍රකාශ කරලා ඇති බවත්, ජනතාව භීතියට පත්කරන සහ කැළඹීම් ඇතිකරන ප්‍රකාශ කරන්නවුන් සහ ප්‍රචාරය කරන්නවුන්ට දඬුවම් දෙන ලෙස ඉල්ලා ඇති බවත් දන්නේ නැතුව වගේ...

:       362       1230

චන්න Friday, 31 January 2020 02:02 PM

ලංකාවේ කොරෝනා වෛරස ලෙඩ්ඩු විශාල ලෙස බෝවෙමින් යනවද මහත්තයෝ?

:       155       674

Tilan Friday, 31 January 2020 02:37 PM

අනේ යන්න...

:       9       157

chathura Friday, 31 January 2020 04:06 PM

කොරෝනා වෛරස් හැදුණු එක චීන ජාතිකයෙක් ඉඳලා හම්බ වුණා. එයාටත් දැන් ලෙඩේ හොඳයිලු, කවුරුවත්ම තවම මැරිලා නැහැ ලංකාවේ... මෙයාලා කාර්යසාධක හමුදා දාන්න කියනවා. එකත් අදාළ බලධාරීන්ට නෙමෙයි කියන්නේ මාධ්‍ය සාකච්ඡා තියලා මීටින්වල. අර බෝම්බයකින් සෑහෙන ගානක් මළා. නමුත් කාර්යසාධක බලකායක් තියා හරිහමන් පරික්ෂණයක්වත් තිබ්බේ නැහැ. සහරාන්ගේ සගයෝ අල්ලන්න වගේ වගක්වත් තිබුනේ නැහැ. බෝම්බේ තියනබවට තොරතුරු ලැබිලා තියෙද්දීත් අහක බලාගෙන උන්නා. අම්මපා මේ වගේ බල ලෝභී දේශ ද්‍රෝහියෝ රැලක් නම්...

:       435       728

MD Friday, 31 January 2020 04:24 PM

පුලුවන් නම් ආර්යාවත් ඵවන්න...

:       112       259

chandima Friday, 31 January 2020 04:34 PM

මේ කාර්ය සාධක බලකායක් හදන්න කතා කරනවා. ඡන්දෙ පැරදිලා පැනපු පාර හොයාගත්තෙත් බොහොම අමාරුවෙන්. එක ලෙඩෙක් හරියට ලංකාවේ උන්නොත් පොටෝ බලලා තමයි මෙයාව අපිට අායෙත් දැකගන්න ලැබෙන්නේ. අවුරුදු දහයකටවත් එන්නේ නැහැ පැත්ත පළාතේ...

:       22       459

මරුසිරා Friday, 31 January 2020 05:25 PM

අපේ මිනිසුන්ට මේ ව්‍යවසන වෙලාවේ විපක්ෂනායකයා විදියට යමක් කිව්වත් වැරදියි., නොකියා හිටියත් ඒකත් වැරදියි...

:       362       343

RasikaFriday, 31 January 2020 06:07 PM

කියන්න වැදගත් දෙයක් නැත්නම් කට වහගෙන ඉන්න එක තමයි හොඳ .

:       0       0

SamanFriday, 31 January 2020 09:08 PM

පාස්කු බොම්බේ වෙලාවෙත් මෙකෙක් හරි කිව්වනම් අපි අහනවා. ඔන්න ඒ බෝම්බෙට කොච්චිකඩේ පල්ලියේදී අහුවුන තව එක්කෙනෙක් මැරිලා. ඒ ගැනවත් මොනවහරි කියාවිද ?

:       0       0

ඉන්දිකSaturday, 01 February 2020 02:13 AM

ඉදලා ඉදලා කිව්වේ ගොන් කතාවක්නේ. ඒකයි.

:       0       0

GalaparaSaturday, 01 February 2020 05:13 AM

සහතික ඇත්ත... මේ අය සජිත්ට මාර බයක් තියෙන්නේ. සජිත් මොන හොඳ දෙයක් කිව්වත් කමෙන්ට් දාලා සජිත්ගේ චරිතේ ඝාතනය කරනවා. නමුත් බුද්ධිමත් ජනතාව දන්නවා සජිත්ගේ කතාවේ හොඳ දෙය මොකක්ද කියලා...

:       365       190

aselaSaturday, 01 February 2020 02:13 PM

අම්මෝ බයයි. දැක්කම වෙව්ලනවා. මෙයත් රනිල්ගේ පාර්ට් 2 තමයි. කමින් අප් මිස්ටර් බීන්!!!

:       0       0

Bandara Friday, 31 January 2020 06:09 PM

බුදු අම්මෝ ! සජිත් ඇහැරලා.............

:       0       0

kamal Friday, 31 January 2020 10:44 PM

අනේ මහත්තයෝ, කොරොනා මඩින්න අවශ්‍ය වෙන්නේ බෙහෙත්... කොමිටි නෙමෙයි.

:       0       0

ලුම්බිණි Friday, 31 January 2020 11:23 PM

මෙතුමා යෝජනා කරන්නෙම ලෝකේ වෙන කොහෙවත් නොකෙරුණ දේවල්. ඉස්සර වෙලා කිව්වා මාස්ක් නිකම් බෙදන්න කියල. දැන් තවත් වැඩකට නැති දෙයක් කියනවා. තවම එකම පුද්ගලයයි ලංකාවේ හමු උනේ.

:       0       0

මුණසිංහ Saturday, 01 February 2020 01:29 AM

මෙයා මේ කියන කතා වලින් තේරෙන්නේ රට ගැන කිසිම අවබෝධයක් නැති බවයි. නැත්නම් ඡන්දෙ කාලෙදී වගේ යලි යලිත් මෝඩ, ගොන් කතා එළියට පනින බවයි.

:       0       0

යාපා Saturday, 01 February 2020 03:22 AM

මේ වගේ අවස්ථාවාදියෙක් විපක්ෂ නායක කරපු අය ඉන්න රටක් තවත් තියනවද?

:       53       110

JANAHITHA Saturday, 01 February 2020 03:56 AM

එදා ඔහෙලා හදපු බෝම්බ බලකාය වගේ එකක්... මන් හිතන්නේ හොඳ අදහසක්.

:       0       19

jayasekara Saturday, 01 February 2020 04:39 AM

කට පණ ඇවිල්ල‍ා...

:       0       17

jayath Saturday, 01 February 2020 04:51 AM

ඕනවට වැඩිය කලින් පැහෙන්න ගිහින් දැන් බිමවැටිලා හොට බිම ඇනිලා තියෙන්නේ... බලනවා ඇති කොරෝනා එකේ එල්ලිලා හරි ගොඩ එන්න. ඔයාගේ උපදෙස් ගත්තොත් මළාම තමයි.

:       0       48

ranjith Saturday, 01 February 2020 06:11 AM

බොරදියේ මාලු බාන්න එපා.. අපි දන්නවා රට ගැන හරි කැක්කුමක් තිබෙන බව...

:       0       51

kamal Saturday, 01 February 2020 08:53 AM

කොරෝනාව සම්බන්ධයෙනුත් උපාධියක් ඇති. එ්කයි මෙහෙම උපදෙස් දෙන්නේ...

:       6       15

Jay Saturday, 01 February 2020 11:13 AM

මේ කව්ද?

:       0       58

මානවහිතවාදියා Saturday, 01 February 2020 01:22 PM

අපේ රටේ පාලකයින්, දේශපාලුවන් කියපු, කරපු කතා දිහා බැලුවම මෙවා මොන කතාද කියලා හිතෙනවා. ආසියාවේ ආශ්චර්ය වගේද?

:       18       21

suranga Sunday, 02 February 2020 12:25 AM

කොරෝනාව ගැන ලෝක විශේෂඥයෙක් වූ මෙතුමා කියන දේ නොසළකන්නේ අපේ මොලේ කචල් නිසාද? මෙතුමාගේ කතා අහල රට කොරවෙලාද?

:       0       0

BamunuarachchiMonday, 03 February 2020 07:23 AM

කතා අහල මගෙනම් කණේ කරගැට....................

:       0       0

Bamunuarachchi Monday, 03 February 2020 07:22 AM

මූද හත්ගව්වක් තිබෙද්ද්දී අමුඩ ගහන්න උවමනාවක් නැහැ නේද? කොරොනා මඩින්න ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කරන්න තරම් තත්වයක් එන ලකුණු නැහැ. එමනිසා කලබල වෙන්න එපා. ඒකත් සනීපාරක්ෂක තුවා බෙදුවා හා සමානයි. එකක් පැහැදිලියි. මේ වනතුරු රාජ නායකයෙකු වෙන්න සිටින කෙනෙකුගෙන් පිට විය යුතු වැදගත් අදහසක් ඔය ශ්‍රී මුඛයෙන් පිට නොවුන බව.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දියත

රුපියල් 372 හෘද ඖෂධය 72,000ට අරන්?
2025 මාර්තු මස 13 54 0

හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.


වැලිවේරියේ වෙඩි තැබීමක්
2025 මාර්තු මස 13 167 0

වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි


ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා
2025 මාර්තු මස 13 711 0

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද


නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු
2025 මාර්තු මස 13 746 0

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු


වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්
2025 මාර්තු මස 13 995 0

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ


‘‘අප හැම තිස්සේම ජනතාව පැත්තේ හිට ගන්නවා‘‘
2025 මාර්තු මස 13 229 0

මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 194 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 454 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site