IMG-LOGO

2025 මාර්තු මස 15 වන සෙනසුරාදා


’කොරෝනා’ යැයි සැක කරන තරුණියක් බදුල්ල රෝහලට

(පාලිත ආරියවංශ) 


කොරෝනා වයිරසයේ රෝග ලක්ෂණ ඇතැයි සැකකරන තරුණියක් අද (5) සවස බදුල්ල මහරෝහලේ  විශේෂ ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ බව රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.

එම තරුණිය 22 හැවිරිදි වියේ පසුවන අතර  මොණරාගල, බුද්ධම පදිංචිකාරියකි.

 

 

ඇය චීනයේ විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබමින් සිටි අතර,  පසුගිය දිනකදී ලංකාවට පැමිණ තිබුණි. අසනීප තත්වයෙන් පසුවීම හේතුවෙන් කළ වෛද්‍ය පරීක්ෂණයක් අනුව, ඇයට කොරෝනා වයිරසය ආසාධනය වී ඇතැයි වෛද්‍යවරු සැක කළහ.

ඒ අනුව, එම තරුණිය සෞඛ්‍ය වෛද්‍ය නිලාධාරීන්ගේ උපදෙස් මත අද(05) බදුල්ල මහරෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකය වෙත එවා තිබිණි.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ඌව පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා විසින් සුවසැරිය ගිලන් රථයකින් ආරක්ෂිතව රැගෙන ආ  ඇය ආරක්ෂිත  පිවිසුමකින් විශේෂ ප්‍රතිකාර ඒකකයට කැටුව යන ලදී.



අදහස් (9)

’කොරෝනා’ යැයි සැක කරන තරුණියක් බදුල්ල රෝහලට

සරත් වීරසුරිය Wednesday, 05 February 2020 12:06 PM

හරි ප්‍රශ්නයක් තමයි රටට වුණේ, කැස්සක් හෙම්බිරිස්සාවක් හැදිලා ඉස්පිරිතාලේ ගියත් කොරෝනා කියලා තමයි කාඩ් එක වදින්නේ.. ඊට පස්සේ ගමේවත් ඉන්න හම්බවෙන්නැහැ! - සමහර විට චීනයටත් වැඩිය කොරොනා ලෙඩ්ඩු අපේ රටේ ඉන්න බැරිත් නැහැ.

:       10       76

NishanFriday, 07 February 2020 09:10 PM

මෙතන වැදගත්ම කාරණය කියවෙන්නේ අවසාන කොටසේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ බදුලු දිස්ත්‍රික් නායකයා සුවසැරියට කතා කරලයි ලෙඩාව අරන් ගිහින් තියෙන්නේ. එයාලම නේද කාලෙකට කලින් සුවසැරියට විරුද්ධව වර්ජන කලෙත්..? ඒක මෙහෙයවන්නේ විදේශ ඔත්තු සේවයක් විසින් කිව්වෙත්...

:       0       1

දිමුත් Wednesday, 05 February 2020 12:09 PM

මැයට කොරෝනා ආසාධනය වී ඇත්නම් චීනයෙන් එන හැමෝවම නිරෝධායනය කරන්න අවශ්‍ය නැහැ කියපු ඇමතිවරිය වගකිව යුතුයි.

:       0       93

ramani - ahaliyagodaWednesday, 05 February 2020 02:14 PM

ඒ ඇමතිවරිය දන්නා ඉටිගෙඩියක් නැහැ.

:       0       68

ChandimaWednesday, 05 February 2020 05:17 PM

ඒකනේ? අර සජිත් මහත්මයා කොරෝන ගැන ඕනෑම ප්‍රශ්නයක් අහන්න කියලා මාධ්‍ය සාකච්ඡාවක් තියෙනවා කිව්වනේ? මේ රෝගය බෝවෙන ක්‍රම සහ සුවකරගන්න විදිය එතුමාගෙන් අහන්න තිබුනනේ? දැනටත් පරක්කු නැහැ? මේ වගේ දේවල් ඒ වගේ දන්නා කියන කෙනෙකුගෙන් නේ අහන්න තිබුනේ?

:       0       5

ruwanpureWednesday, 05 February 2020 09:35 PM

එහෙම කියන්න එපා... ඇය දක්ෂ කථිකාවියක් ...

:       0       2

siri Wednesday, 05 February 2020 12:20 PM

අනෙත් රටවල නම් චීනයේ වූහාන් නගරයේ සිට ආපසු ගෙන්වා ගත් සියලුම දෙනා නිරෝධායනය කිරීම උදෙසා සති දෙකක ආරක්‍ෂිත රෝහල්වල නවත්වා ගැනීමට කටයුතු කෙරුණි. ලංකාවේ ඒ අයට ඇහැට පෙනෙන ලෙඩක් නැත්නම් ආපසු ගෙවල් වලට යැවීමට කටයුතු කළ හේතුවෙන් දැන් එම කටයුත්ත දෙතුන් ගුණයක් අසීරු බවට පත්ව තිබේ. කොරෝනා වැනි රෝගකාරක පිළිබඳව සැකකටයුතු නිදර්ශක පරීක්ෂා කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරනු ලබන්නේ ජෛව ආරක්ෂණ මට්ටම් 4 හි (BSL4) රසායනාගාරයකි. දැනට ශ්‍රී ලංකාව තුල සමෝදානිකව ක්‍රියාත්මක වන මට්ටම 1 හි (BSL1) රසායනාගාරයක් හෝ ක්‍රියාත්මක තලයේ නැති බවයි කියන්නේ.1992දී ජපානයේ ජයිකා ආයතනය අපේ වෛද්‍ය පර්යේෂණ ආයතනය තුළ ඉහළ අවදානම් සහිත රෝගකාරක පිළිබඳ පරීක්ෂණ සඳහා වෙනම රසායනාගාරයක් නිර්මාණය කළ අතර 2002 වර්ෂයෙන් පසු එහි නඩත්තු කිරීම් සිදුකර නැත. එසේම වසර 3 කට පමණ පෙර සිට වෛද්‍ය පර්යේෂණ ආයතනය තුළ, ජෛව ආරක්ෂණ මට්ටම් 3 හි (BSL3) රසායනාගාරයක් නිර්මාණය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රතිපාදන සපයා ඇති නමුත්, එය නිසි පරිදි ක්‍රියාවට නැංවී නොමැත. මාධ්‍ය සංදර්ශන ඇතත් ලෙඩේට පිළියම් කිරීමේ ක්‍රමවේදයක් නම් පෙනෙන්නට නැත.

:       0       441

chandima Wednesday, 05 February 2020 05:20 PM

කොරෝනම කියලා පරික්ෂ කරලා නවත්තන්නේ නැතිව ඩෙංගු හැදිලද කියලත් බලන්න?

:       0       2

Nimal Thursday, 06 February 2020 03:48 AM

දෙයක් ගැන බාගෙට දැනගත්තම ඔය උඩ තියෙන වගේ අදහස් තමයි කට්ටිය දාන්නේ. ච මේකේ "case definition" කියලා එකක් තියනවා ඒකට අනුව වුහාන් වලට සම්බන්ධ අයව තමයි නිරෝධානය කරන්නේ. එහෙම නැතුව චීනයෙන් එන හැමෝම එහෙම කරන එක ප්‍රායෝගික නෑ.

:       10       11

ඔබේ අදහස් එවන්න

 

දියත

අපුර රෝහලේ ආරක්ෂාව ගැන බලන්න ත්‍රිපුද්ගල කමිටුවක්
2025 මාර්තු මස 15 245 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය සඳහා නිසි ආරක්ෂාව සහ පහසුකම් සැපයීම පිළිබඳ විමර්ශනය කර වාර්තාවක් සැපයීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේක


ජීඑස්පී ප්ලස් කණ්ඩායම අප්‍රේල් දිවයිනට
2025 මාර්තු මස 15 189 0

පොදු වරණීය බදු පහසුකම නොහොත් ජීඑස්පී ප්ලස් සමාලෝචනය කිරීමට එහි කණ්ඩායමක් අප්‍රේල් මාසයේදී ලංකාවට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පා


මන්ත්‍රීවරු කෑමට පස්ස ගහලා
2025 මාර්තු මස 15 2206 1

දෛනික ආහාර මිල රුපියල් දෙදහසක් දක්වා වැඩි කිරීමෙන් පසු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ භෝජනාගාරයෙන් ආහාර ගැනීම යම් මට්ටමකට අඩු වී ඇතැයි වාර්තාවේ.


සේදවත්තේ දෙදෙනකු කපා කොටා ඝාතනය කරලා
2025 මාර්තු මස 15 891 1

පුද්ගලයන් දෙපිරිසක් ඇතුව ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් පුද්ගලයන් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කර ඇති බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පවසයි.


බටලන්ද වාර්තාවෙන් චෝදනා ලැබූ කට්ටිය මෙන්න..
2025 මාර්තු මස 15 3185 1

බටලන්ද වධකාගාරය සම්බන්ධයෙන් දේශපාලනඥයන් පොලිස් ප්‍රධානීන් ඇතුළු පහළොස් දෙනෙකුට එරෙහිව එම වධකාගාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභ


මෝදි අප්‍රේල් මුල ලංකාවට
2025 මාර්තු මස 15 511 2

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අප්‍රේල් මුල ලංකාවට පැමිණ අලුත් අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් කරන බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 281 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 637 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 273 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site