(සිතුම් චතුරංග, ප්‍රදීප් කුමාර සහ රොමේෂ් මධුශංක)
කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට සැකකරන තරුණියක වවුනියාව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව යාපනය ශික්ෂණ රෝහල වෙත මාරුකර යැවූ බව වවුනියාව මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එස්. නන්දකුමාර් මහතා පැවසීය.
වවුනියාව පදිංචි 24 හැවිරිදි තරුණියක වන ඇය චීනයේ සිට පසුගියදා මෙරටට පැමිණ ඇති බව අනාවරණය වී ඇත.
උණ රෝගය හේතුවෙන් තරුණිය වවුනියාව රෝහලට ඇතුළත්ව ඇති අතර ඇය පිළිබඳ පරීක්ෂා කිරීමේදී කොරෝනා වයිරසය යැයි පළ වූ සැකය මත ඊයේ දිනයේදී යාපනය ශික්ෂණ රෝහල වෙත මාරුකර යැවූ බවද ඒ මහතා සඳහන් කළේය.
කොරෝනා වයිරසය සඳහා යාපනය ශික්ෂණ රෝහලේ මේ වන විට පහසුකම් සලසා ඇති බවද ඔහු පැවසීය.
රෝගී තරුණියට කොරෝනා වයිරසය ආසාධනය වී ඇති බවට තවමත් අනාවරණය නොවූ බවත්, රෝගය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා ඉදිරි වෛද්‍ය වාර්තා අනුව ක්‍රියාකරන බවත් වවුනියාව රෝහලේ අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.
මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ අංග සම්පූර්ණ පහසුකම්වලින් යුත් වෙනම විශේෂිත වූ වාට්ටුවක් වෙන් කර ඇති බවද, උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව ඇති ඕනෑම අයකුට රෝහලට පැමිණ පරීක්ෂා කරගත හැකි බවද, වයිසරයෙන් ආරක්ෂා වීම සඳහා පහසුකම් සපයා ඇති බවද යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ටී.සත්‍යමූර්ති මහතා සහා නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ජමුනානන්දන් මහතා කීය.
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
‘කොරෝනා’ යැයි සැක තවත් තරුණියක් යාපනය රෝහලට
de silva Thursday, 06 February 2020 07:05 AM
වයිරස් එකෙන් බේරීමට තිබෙන එකම මාර්ගය චීනයේ සිට පැමිණෙන සියලු දෙනාම නිරෝධන මද්‍යස්ථාන වෙත යොමු කිරීමය, එහෙම නොකලොත් ඉදිරි සති කිහිපය තුල මේ ලෙඩ්ඩු දහස් ගණනක් සදහා වෙනමම රෝහල් ඇති කිරීමට සිදුවේවි.