කොරෝනා වෛරසය හේතුවෙන් මේවන විට චීනයේ 132 දෙනකු මියගොස් 6000 කට අධික රෝගීන් සංඛ්‍යාවක් හඳුනාගෙන තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කළේය. මේ වන විට මුළු ලෝකයේම අවධානය කොරෝනා වෛරසය වෙත යොමුවී තිබේ. එමෙන්ම මෙම වෛරසයේ නම ඇසූ පමණින් මිනිසුන් තැති ගැන්මකට ලක්වීම එහි ඇති භයානකත්වය කැඩපතක් මෙන් දිස්වේ.
මොකක්ද මේ කොරෝනා වෛරසය
Corona Virus (2019 nCoV) මෙය නෝවල් කොරෝනා වෛරසය ලෙස ද හැඳින්වේ. කොරෝනා වෛරසය යනු විශාල වෛරස් පවුලකට අයත් වන එක් වෛරස් කාණ්ඩයකි. එය ඍභ් වෛරසයක් වේ. සාමාන්‍යය උණ හෙම්බිරිස්සාවේ සිට පෙනහළුවල ඇති වන දරුණු නිව්මෝනියා තත්ත්වය දක්වා රෝගී තත්ත්වයට පත්කිරීමට මෙයට හැකියාව ඇත.
මෙම රෝගය ඉතාමත්ම මෑතකදී මුලින්ම හඳුනා ගනු ලබන්නේ චීනයේ Wuhan නගරයෙනි. 2019 දෙසැම්බර් මස Wuhan,Hubei යන නගරවලින් නිව්මෝනියා තත්ත්ව සහිත රෝගීන් වාර්තා වූ අතර වෛද්‍යවරුන්ට එම නිව්මෝනියා සහිත රෝගීන්ගේ රෝග කාරකය සොයා ගැනීමට නොහැකි විය. විශාල වශයෙන් රෝගීන් ප්‍රමාණය වැඩිවීමත් සමඟම ඔවුන් මේ පිළිබඳව තවදුරටත් පරීක්ෂණ සිදුකරන විට ස්වසන මාර්ගයෙන් ලබාගත් සාම්පලවලින් Novel Corona Virus (2019 nCoV) යන වෛරසය එම රෝගීන්ට වැළඳී ඇති බව වෛද්‍යවරුන්ට තහවුරු කර ගැනීමට හැකිවිය.
මුලින්ම හඳුනාගෙන ඇත්තේ මත්ස්‍ය වෙළෙඳපොළකින්
චීනයේ උමය්බ නගරයේදී මුලින්ම මෙම රෝගීන් හඳුනාගත හැකි වූ අතර මේ වන විට චීනයේ අනෙකුත් පළාත් සහ තායිලන්තය, දකුණු කොරියාව සහ ඇමරිකාව යන රටවලටද මෙය ව්‍යාප්ත වී තිබේ. මුලින්ම චීනයේ ්‍යම්බ්බ මත්ස්‍ය වෙළෙඳපොළේ ගැවසී සිටි පුද්ගලනයන් අතරින් මෙම රෝගීන් හඳුනාගත හැකි විය.
වෛරසයේ රෝග ලක්‍ෂණ
මෙම වෛරසය ආසාදනය වූ රෝගීන්ගෙන් තද උණ (38 C ˚ක් වැඩි), කැස්ස, මාංශ පේෂීවල අධික වේදනාව, හිසරදය, සෙම සමඟ ලේ පිටවීම, හුස්ම ගැනීමේ අපහසුතා වැනි රෝග ලක්ෂණ දැකගත හැකිය. එමෙන්ම සෙම සමඟ ලේ පිටවීම සහ සුළු පිරිසකට පාචනය ද ඇති විය හැක.
වෛරසයෙන් දරුණු තත්ත්ව ඇතිවන්නත් පුළුවන්
කොරෝනා වෛරසය Coronaviridae යන වෛරස් පවුලට අයත් වෛරසයක් වන අතර එය සෛලවල ප්‍රෝටීන නිෂ්පාදනය පාලනය කරන වෛරසයකි. එය මිනිසුන් සහ ක්ෂීරපායින්ට වැළඳේ. මෙහිදී සාමාන්‍ය රෝග තත්ත්වයේ සිට ඉතා දරුණු ස්වසනාබාධ (SARS - CoV) තත්ත්වයට පත්වේ. Severe Acute Respiratory Syndrome corona Virus (SARS)-Cov සහ Middle East Respiratory Syndrome Corona Virus (MERS- CoV) යන දරුණු රෝගී තත්ත්ව දක්වා රෝගීන් ඉතිසාහයේ හමු වී ඇත. පසුගිය දශක කිහිපය තුළ මිනිසුන් 10,000කට වඩා වැඩි ප්‍රමාණයක් (SARS - CoV iy MERS - CoV) මගින් පීඩාවිඳ තිබේ. මෙහිදී SARS - CoV හි මරණ අනුපාතය සියයට 10 ක් වන අතර (SARS - CoV) හි මරණ අනුපාතය සියයට 37 ක් ලෙස සඳහන්වේ. මේ කරුණු සලකා බැලීමේදී කොරෝනා වෛරසයේ ඇති දරුණු බව හඳුනාගෙන ඇත්තේ හරියට මුහුදේ මතුපිටින් පෙනෙන අයිස් කන්දක් ලෙසය. එහෙත් හඳුනා නොගත් ජලයේ අභ්‍යන්තරික කොටසේ ඇති අයිස් තට්ටුව පෙනෙන තරමට වඩා ඉතා විශාලය. එහෙත් මෙහි ඇති බරපතළකම මෙතෙක් ගණන් බලා නොමැත.
හෘද රෝග, දියවැඩියා සහ අධි රුධිරපීඩන රෝගීන්ට වැඩි අවදානමක්
පරීක්ෂණ කණ්ඩායම් මූලිකව සිදු කළ පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ හඳුනාගත් රෝගීන්ගෙන් භාගයකට වඩා අඩු ප්‍රමාණයකට ඒ හා සමඟම තවත් රෝගී තත්ත්ව තිබූ බවය. එනම් හෘද රෝග සහ දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි රෝග සහිත පුද්ගලයන් මෙම රෝගය වැළඳීමේ සහ සංකූලතා ඇති වීමේ ඉහළ අවදානමක් ඇති රෝගීන්වේ. මෙහිදී මුලින්ම ඇතුළත් කළ රෝගීන්ගේ CT පරීක්ෂණ සිදු කර ඇති අතර එම හැම රෝගියකුගේම CT පරීක්ෂණවල පෙනහළුවල වෙනස්කම් තිබී ඇත. බොහෝ දෙනකුට වෛරස් නිව්මෝනියා තත්ත්ව ඇති බව හඳුනාගෙන තිබිණ.
එම රෝගීන්ගේ රුධිර සාම්පල පරීක්ෂාවේදී සුදු රුධිරානුවල අඩු වීමක් සහ වසා සෛලවල අඩුවීමක් පෙන්නුම් කර ඇත. මෙම වෛරස් ආසාදනය සඳහා මෙතෙක් ප්‍රතිකාරයක් සොයාගෙන නොමැති අතර වෛද්‍යවරුන් මෙන්ම විද්‍යාඥයෝද මෙම වෛරස් ආසාදනය සඳහා බෙහෙත් නිෂ්පාදනය කිරීමේ පරීක්ෂණ මේවන විටත් පවත්වමින් සිටිති.
පාලනය කරන්නේ මෙහෙමයි
මෙම ආසාදනය පාලනය කර ගැනීම සඳහා සබන් යොදා අත් සෝදා ගැනීම මගින් මෙම රෝගය පැතිර යාම පාලනය කළ හැක. මෙම වෛරස් තත්ත්වය බොහෝ විට පැතිර යන්නේ කෙළ බිඳිති මගිනි. එම නිසා ශ්වසන ආබාධ සහිත පුද්ගලයන් අසල ගැවසීම අවම කළ යුතුයි. ඔබ රෝහල් කාර්ය මණ්ඩලයේ අයකු නම් මුඛ ආවරණ පැළඳිය හැකිය. එසේම කැලෑ සතුන් සහ ගොවිපොළ ආශ්‍රිත මියගිය සතුන් අත ගෑමෙන් හා ළඟ ගැවසීමෙන්ද මෙය බෝවිය හැක. ස්වසන ආබාධ ඇති අය කිවිසුම් යැවීමේදී හා කහින විටදී රෙදි කැබැල්ලකින් මුව ආවරණය කිරීම හෝ ඉවතලන කඩදාසිවලින් මුඛය ආවරණය වන ලෙස භාවිත කළ යුතුය.
යම් හෙයකින් ශ්‍රී ලංකාව තුළ මෙම භයානක වෛරසය ආසාදනය වූ රෝගීන් හමුවුවහොත් එම රෝගී තත්ත්වය පැතිර යාම වැළැක්වීම සඳහා අවශ්‍ය සියලුම පියවර සෞඛ්‍ය අමාත්‍යංශය මගින් දැනටමත් ගෙන ඇති අතර සියලු සෞඛ්‍ය කාර්යය මණ්ඩලය මේ සඳහා සූදානම්ව සිටිති.
ගයාන් සූරියආරච්චි
ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
කොරෝනා රෝග ලක්ෂණ
Srilal Wednesday, 29 January 2020 06:44 AM
තද උණ (380ක් වැඩි) යනු කුමක්ද?, ඒකකය කුමක්ද?
සනත් Wednesday, 29 January 2020 08:21 AM
38° c
thushara Wednesday, 29 January 2020 08:47 AM
සෙල්සියස් 38 (ෆැරන්හයිට් 100)
Dimuthu piyumal Friday, 13 March 2020 08:05 AM
කොරොනා හැදුනොත් ඔය රෝග ලක්ෂණ සේරම ඇතිවෙනවද?