IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


කොරෝනා වයිරසයෙන් බැටකන අය ගසා කයි

(ආනන්ද ඉ ජයකොඩි)

කොරෝනා වයිරසය ආසාදනය වි දුර මධ්‍යස්ථානයක ප්‍රතිකාරගෙන සුවය ලබා නැවත පැමිණෙන පුද්ගලයන්ගෙන් මහා පරිමාණ මුදල් ගසා කෑමක් කර ගෙන යන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගේ සංගමයේ උප සභාපති ඇස් ඒ යූ ටී කුලතිලක මහතා පවසයි.

යාපනය ප්‍රතිකාර මධ්‍යස්ථානයක දී සුවය ලබා ඇති රෝගීන් පිරිසක් වෑන් රථයකින්  ගම්පහ සිය නිවෙසට පැමිණීමට  එක් අයකු ගෙන් රුපියල් 6000 බැගින් අයකරගෙන ඇති  බවද උප සභාපතිවරයා කියයි.

වයිරසයෙන්සුව වූ  රෝගීන් රැගෙන යාමට වාහන නැති බවත් නිවාසවලට යාමට අවශ්‍ය නම් පුද්ගලික වාහන වලින් යා යුතු බව පවසා එසේ වාහන රැගෙන දී මුදල් ගරා ගැනීමක් කරන බවත් උප සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙය බලවත් අසාධාරණයක් බවත් මේ තත්ත්වය යටතේ සුවය ලබා ඇති රෝගීන් දොස් පවරන්නේ ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යැවීමට මූලික වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හට බවද උප සභාපතිවරයා කීය.

මෙම මුදල් ගසා කෑම වහාම නැවැත්විය යුතු බවද පැවසූ උප සභාපතිවරයා අනෙක් පැත්තෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ සාමාන්‍ය ජනතාවට එන්නත් නැති බවට ප්‍රකාශ කරන නමුත් දේශපාලන බලපෑම් මත යම් යම් ස්ථාන වලදී කොවිඩ් එන්නත් ලබා දීම කර ගෙන යන බවද උප සභාපතිවරයා කියා සිටියේය.

 



අදහස් (2)

කොරෝනා වයිරසයෙන් බැටකන අය ගසා කයි

Raveendra Sunday, 23 May 2021 06:18 AM

මෙහි සියල්ල නිවැරදි නම් අප මොනතරම් දීන, අසික්කිත මිනිසුන් කොට්ඨාශයක්ද..? ඇත්තෙන්ම විය යුත්තේ "හැකිනම්" ස්වේච්ඡාවෙන් එසේ අසරණ වූ මිනිසුන්ට පිහිටවීම නොවේද?

:       0       10

anula Sunday, 23 May 2021 10:18 AM

ඇයි ඒ ඒ පළාත්වල නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවන්නේ නැත්තේ? ඔයිට කළිනුත් සංචරණ සීමා දාලා තිබුණු වෙලාවක මග දාලා ගිහින් තිබුණු මිනිස්සුන්ව ඇයි මේ වගේ ජරා වැඩ කරන්නේ? අරන් ගියානම් ගෙනැල්ලා දාපල්ලා...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 208 0

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 646 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 182 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 189 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 751 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 248 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 775 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site