(සුජිත් හේවාජුලිගේ )
ඔමික්‍රෝන් සහ ඩෙල්ටා වයිරස ප්‍රභේද පුද්ගලයකුට එකවර ආසාදනයවීමෙන් සුපිරි කොවිඩ් ප්‍රභේදයක් බිහිවීමේ අවදානමක් මතුවිය හැකි බව රටවල් කීපයක සෞඛ්‍ය විශේෂඥයන් අනතුරු අඟවා ඇතැයි මෙරට සෞඛ්‍ය අංශ පවසයි.
බ්‍රිතාන්‍යය සෞඛ්‍ය පර්යේෂකයන් කණ්ඩායමක්ද මේ පිළිබඳව අනතුරු අඟවා ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙක් පැවසීය.
ඔමික්‍රෝන් සැර කොරෝනා වයිරස ප්‍රභේදය ලෝකයේ බොහෝ රටවල සීඝ්‍රයෙන් පැතිරෙමින් පවතින හෙයින් ශ්‍රී ලංකාවද ඒ ගැන විශේෂ අවධානය යොමු කළ යුතු බව සෞඛ්‍ය අංශ පවසයි.
මෙරට ප්‍රබලව පැතිර පවතින්නේද ඩෙල්ටා සැර කොරෝනා ප්‍රභේදයයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසන්නේ ඔමික්‍රෝන් වලින් වැළකීමට ඇති හොඳම මාර්ගය බූස්ටර් එන්නත බවයි.
බූස්ටර් එන්නත හැකි ඉක්මනින් ලබා ගැනීමට කටයුතු කරන්නැයිද ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස
බන්ධනාගාර හිටපු අධිකාරිවරයකුට නාඳුනන තුවක්කුකරුවකු අද සවස එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මරණයට පත්ව ඇතැයි පොලිසිය කියයි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සූදානම්ව නොපැමිණීම හේතුවෙන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝපා කමිටුව) එම නිලධාරීන්ට දැඩි
අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කළ සැකකරු වහාම අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා අනුරාධප
අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
කොරෝනා සුපිරි බලවතෙක් ගැන සෞඛ්‍ය අංශ අවදානයෙන්
යෝගා Sunday, 19 December 2021 03:26 PM
එහෙනම් හතරවන මාත්‍රාවටත් ලෑස්ති වෙමු. බය කරකර විදින මාර බිස්නස් එකක්...
fairoos Monday, 20 December 2021 01:37 PM
ලංකාවට එන්න දෙන්නේ නැහැ.. අපේ සර් බලාගනියි ඕවා.