IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


කිරිපිටි හරවා යවන්න ආනයනකරුවෝ සූදානම් වෙති

(යොහාන් භාසුර)

වරායේ සිරවී තිබෙන කිරිපිටි කිලෝ 360,000 නිදහස්කරගැනීමට රජය මේ දක්වා වාණිජ බැංකුවලට ඩොලර් නිදහස් කරනොමැති වීම නිසා වරායේ තිබෙන කිරිපිටි තොගය වෙනත් රටකට ලබාදීමට විදේශ නිෂ්පාදනය සමාගම සමඟ සාකච්ඡා කළ බව කිරිපිටි ආනයනකරුවන්ගේ ප්‍රකාශක ලක්‍ෂ්මන් වීරසූරිය මහතා පැවසීය.

කිරිපිටි තොගය නරක් වීමේ අවදානයමක් ඇති වී තිබීම නිසා එසේ ළඟම රටකට ලබාදීමට සාකච්ඡා කළ බවත් එසේ වුවහොත් රටේ තවදුරටත් කිරිපිටි හිඟයක් ඇති වන බවත් ලක්‍ෂ්මන් වීරසූරිය මහතා සඳහන් කළේය.

වාණිජ බැංකු සමඟ අද පස්වරුවේ සාකච්ඡා කළ අවස්ථාවේ ද කිරිපිටි නිදහස් කිරීම සඳහා ඩොලර් ලැබී නොමැති බව බැංකු පැවසූ බව කී ලක්‍ෂ්මන් වීරසූරිය මහතා බැංකුවල මුදල් තැම්පත් කර ඩොලර් ලැබෙන තෙක් බලාසිටීමට සිදුව ඇති බව කීය.

ඩොලරයක් රුපියල් 238 බැගින් ලබාදීමට ඇතැම් අපනයනකරුවන් යෝජනා කරන බවත් එසේ ඩොලර් රුපියල් 35 ක් වැඩියෙන් ලබාගෙන කිරිපිටි තොගය නිදහස් කරගත හොත් කිලෝවක් සඳහා ඩොලර් 4.10 ක අමතර වැයක් වීමෙන් වරායේදීම කිරිපිටි කිලෝවකට රුපියල් 144 ක අමතර මුදලක් එකතු වන බවත් කිරිපිටි ආනයනකරුවන්ගේ ප්‍රකාශක ලක්‍ෂ්මන් වීරසූරිය මහතා වැඩි දුරටත් පැවසීය.  



අදහස් (8)

කිරිපිටි හරවා යවන්න ආනයනකරුවෝ සූදානම් වෙති

යෝගා Thursday, 30 September 2021 05:43 PM

අනේ ඔය දහජරාව ආපහු යවන්න. දැනටමත් ඕවා වරායේදීම බාගෙට නරක් වෙලා ඇති...

:       0       1

බද්රානි Thursday, 30 September 2021 06:25 PM

මහත්තයෝ, කිරිපිටි ආනයනය කිරීම නවතා, ඒ වෙනුවට, පුන්නක්කු ආනයනය කලොත්, වැඩි ලාභයක් ලබා ගැනීමට හැකිවේවි. ලංකාවේ මොලේ කළඳක් නැති රැල්ලට ගහගෙන යන බත් කන හරක්ට මොන කිරිපිටිද මහත්තයෝ..? කිරිපිටි ගෙන්වනවා නම් මේ තියන මිල දෙගුණ කරන්න. එතකොට අපිට දේශීය ගවයින්ව ආරක්ෂා කර ගන්නත් පුළුවන්නේ...

:       0       2

wicky Thursday, 30 September 2021 09:05 PM

අනේ යවන්න. ඔය යක්කු තමයි හයිලන්ඩ්, පැලවත්ත එකට ගොඩ යන්න නොදෙන්නේ... මිනිස්සු මේ මගුල් ප්‍රතික්ෂේප කරන්නේ නැහැනේ...!

:       0       1

Sriland Friday, 01 October 2021 03:00 AM

මේ රටට වෙන්නේ මොනවද මේ

:       0       0

දාස Friday, 01 October 2021 05:22 AM

කෝ දරුවො දුන්න සල්ලි, අනිත් බොරු වගේ එකත් බොරුවක්ද.

:       0       1

Raveendra Friday, 01 October 2021 06:22 AM

කිරිපිටි ටික යවන්න කියන්න

:       1       2

Sunil Friday, 01 October 2021 07:20 AM

හරවා යවන්න නිසි කලට කොන්ද කෙලින් තියාගෙන බුද්ධිමත් තීරණ ගනන බැරි නම් වැඩක් නැ

:       0       2

Sriland Friday, 01 October 2021 12:54 PM

කහ තහනම් කළා නම්, කිරිපිටිත් තහනම් කරන්න. කොරෝනා මැඩලීමට ඉතාම වැදගත් විෂබීජ නාශකයක් තමයි කහ. කොරෝනා පටන් ගන්න කොටම කහ ගෙන්විම තහනම් කළා. පිටරටින් ගෙන්වන සැනිටයිසර්, එන්නත් විකුණගන්න..

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 628 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 176 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 515 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 131 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1760 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 184 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site