( සිතුම් චතුරංග)
කිලිනොච්චිය , පලෙයි ප්‍රදේශයේ රාත්‍රී ආපන ශාලාවකට ඇතුල්වූ පිරිසක් එම ආපන ශාලාවේ රැදී සිටිමින් ආහාරගත් පිරිසට හා ආපන ශාලාවේ මුදල් අයකැමිට පහරදෙන වීඩියෝවක් මේ දිනවල සමාජ ජාලා වෙබ් අඩවිවල සංසරණය වෙමින් පවතී.
පසුගිය 24 වැනිදා පොලු රැගෙන කඩාවැදුණු පිරිසක් ආපන ශාලාවේ රැදී සිටි පිරිස වෙත එලෙස පහරදී ඇති අතර මුදල් අයකැමිවරයා හට පහරදෙන අයුරු ආපන ශාලාවේ සී.සී.ටී.වී දර්ශනවල පටිගතවී තිබේ.
ආපන ශාලාවේ ආහාර ගැනීමට පැමිණි පුද්ගලයින් එලවා දමමින් මෙම පහරදීම සිදුකොට ඇති අයුරු වීඩියෝ දර්ශනවල දැක්වේ.
සිද්ධිය සම්බන්ධයෙන් ආපන ශාලාවේ රැදී සිටි පුද්ගලයකු පවසා සිටියේ කිලිනොච්චිය ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියකු බීමත්ව ආපන ශාලාවට තවත් නිලධාරීන් පිරිසක් සමඟින් සිවිල් ඇඳුමින් කඩාවැදී එහි සේවකයින්ට පහරදුන් බවයි.
මුව ආවරණ නොපැළඳ සිටි බවට පවසමින් එලෙස පහරදුන් බවත් ආපන ශාලාවේ රැදී සිටි බහුතරයක් මුව ආවරණ පැළද සේවය කරමින් සිටි බවත් වෙනත් කාරණාවක් හේතුවෙන් උරණවී මෙම පහරදීම සිදුකොට ඇති බවද පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සී.බි.මැදවල මහතාගෙන් විමසීමේදී ඔහු පවසා සිටියේ පලෙයි ප්‍රදේශයේ සිදුවීම සම්බන්ධව සමාජ ජාලාවල හුවමාරුවන වීඩියෝව සම්බන්ධයෙන් තමන් දැණුවත් නොමැති බවත් සිද්ධිය පිළිබඳ මෙතෙක් පැමිණිල්ලක් ලැබී නොමැති අතර එ පිළිබද සොයාබලන බවත්ය.
එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කිලිනොච්චි