IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


කුලුනට නැගීමට පෙර බන්ධනාගාර නිලධාරීන්ට පහරදීලා

( ජයන්ත  සමරකෝන්) 
 
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් උද්ඝෝෂණයට කුලුන මත නැගීමට පෙර  සිරකුටිවල දොරගුළු කඩා  බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුටද පහරදී ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.


 රැදවියන් සිය දෙනකු පමණ  අද උදෑසන 7 ට පමණ  එහි කුලුනු මත නැග උද්ඝෝෂණයක් ඇරැඹු අතර  බන්ධනාගාරය තුළ ට යොදවා ඇති  පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඉවත් කරන ලෙස ඉල්ලමින් මෙම උද්ඝෝෂණය අරඹා තිබිණි. 


මේ වන විටත් උද්ඝෝෂකයෝ උද්ඝෝෂණයේ නිරතව සිටින අතර එහි සිටින කාන්තා රැදවියන්ද ඔවුන්ට සහය ලබා දෙන තොරතුරු වාර්තා වී තිබේ. 


බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය පැමිණ සිය ගැටළු වලට විසඳුම් ලබා දෙන තෙක් තමන් කුලුනෙන් නොබසින බව රැදවියෝ පවසති.



අදහස් (10)

කුලුනට නැගීමට පෙර බන්ධනාගාර නිලධාරීන්ට පහරදීලා

lakmal Sunday, 21 October 2018 12:50 PM

මෙවැනි රැඳවියන්ට පහර දී නැග සිටින ස්ථානවලින් බලෙන් බැස්සවිය යුතුයි.

:       0       383

shan saudi Sunday, 21 October 2018 01:48 PM

හදන්න බැරිනම් කරන්න ඕනේ දේ පොලිස් විශේෂ කාර්ය බලකායට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මේ තත්වය යලිත් ඇති නොවන්න එය පාලනය කරන්න පොලිස් විශේෂ කාර්ය බලකායට අවශ්‍ය නීතිමය බලය වහාම ලබා දෙන්න.

:       0       121

ඩී. ජයදේව Sunday, 21 October 2018 03:30 PM

ඉන්න දෙතුන් දෙනෙක් ඔතනින් උඩටම ඇරියා නම් අනිත් අය බහීවි..

:       0       598

Saman Sunday, 21 October 2018 04:46 PM

'සිරකරුවොත් මනුෂ්‍යයෝය' කියනවනෙ.. අනේ මන්දා...

:       1       0

ටි. ඉන්දික Sunday, 21 October 2018 08:59 PM

වැරදි කරලා හිරේ ගිහින් එතනත් වැරදි කරන්න. තර්ජන.. ඉස්සර වගේ තෝරලා බේරල ඉවත් කරන්නේ නැතිව සහජීවනය ඕනැවට වඩා දුන්නාම ඔහොම තමයි. STF දැම්මාම මොකෝ වෙන්නේ. ඇයි හොර බඩු ඇතුළට ගෙනියගන්න බෑනේ.

:       0       1

ලුම්බිණි Monday, 22 October 2018 12:09 AM

රැඳවියන් මෙසේ කලේ මොකද කියලා බැලුවනම් නේද හොඳ?

:       1       0

රවින් Monday, 22 October 2018 12:51 AM

බන්ධනාගාරය තුල සිටින්නේ නීති විරෝදී ක්‍රියාවල නියුතු වූ අය මිස නීති ගරුක අය නොවේ. ඔවුන්ට උවමනා විදියට නිතිය ක්‍රියාත්මක කරන්න ගියොත් රටේ හෝ ලෝකයේ නීතියක් නැතිව යයි. තදින්ම සිටින්න.

:       0       6

de silva Monday, 22 October 2018 02:53 AM

ඔන්න ඔහොම උඩටම වෙලා ඉන්න කියන්න , කෑම වතුර දෙන්න එපා , එතකොට නිකන්ම බහීවි , ඔය වගේ අපරාධ කාරයෝ රටට්ට බරක් , ඕක උඩ හාමතේ මැරිලා ගියත් රටට්ට පාඩුවක් නැත , පොලිස් විශේෂ කාර්ය බලකායේ පරික්ෂාව දිගටම කරන්න කියන්න . මේවා කරන්නේ ජෙලර්ලගේ අනුදැනුම ඇතිව , අන්න ඊයේ බන්ධනාගාරේ සහකාර පාලකවරයෙක් කුඩු තිප්පලක ඉඳල අහුවෙලා , ඉතින් තව කුමන කතාද ?

:       0       1

isurandi Monday, 22 October 2018 04:12 AM

මොකද දන්නේ නැහැ මේ කාඩ්බෝඩ් චන්ඩි ටික එස්ටීඑෆ් එක බන්ධනාගාර සේවයට දානවට භය.

:       0       1

Bandula. Monday, 22 October 2018 05:55 AM

නිලධාරින්ට ගහන්න තරම් ලොකුකමක් තියනවනම් මොකද්ද එතන පාලනය.?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

දියත

මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 1 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 115 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


නාමල් රාජපක්ෂට සිතාසි
2025 පෙබරවාරි මස 05 202 0

රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට


අරාබි රටේ ලාංකික කෑම විකුණන්න අලුත් වැඩක්
2025 පෙබරවාරි මස 05 144 0

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සෞදි අරාබි බාහිර වෙළඳ දූත පිරිසක් සමඟ සාර්ථක වැඩසටහනක් පසුගියදා පැව


ලුණු මිල වැඩි වෙයි
2025 පෙබරවාරි මස 05 263 0

ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.


වී ගන්න කෝටි 500ක් වෙන්කරයි
2025 පෙබරවාරි මස 05 123 0

වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site