(විනීතා එම් ගමගේ)
කල්පිටිය අර්ධද්වීපයේ කාන්තාවන්ගේ හිසකෙස්වල අධික මාත්‍රාවෙන් රසදිය අඩංගු වන බව පර්යේෂණයකින් හෙළි වී ඇතැයි පරිසර යුක්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා පැවසයි.
එම ප්‍රදේශයේ ජීවත් වන ජනතාවගේ ශරීරවල රසදිය අඩංගුදැයි බැලීමට රුධිර පරීක්ෂාවක් සිදු කළ යුතු යැයි ඒ මහතා ලංකාදීපයට පැවසීය.
කල්පිටියේ අවුරුදු 18 සිට 44 දක්වා වයස් කාණ්ඩයන්හි කාන්තාවන් යොදා ගෙන සිදුකළ මෙම අධ්‍යයනයේ දී හෙළි වූයේ මිනිස් සිරුරේ තිබිය හැකි යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර ඇති රසදිය ප්‍රමාණය ඉක්මවා විශාල ප්‍රමාණයක් ශරීරගතව තිබූ බව ද විතානගේ මහතා කීය.
සාමාන්‍යයෙන් මිනිස් සිරුරේ පැවැතිය හැකි උපරිම රසදිය ප්‍රමාණය කොටස් මිලියනයකට එක් කොටසක් පමණක් බවත් අධ්‍යයනයට ලක් කළ සමහර කාන්තාවන්ගේ සිරුරුවල මිලියනයකට කොටස් හයක් හතක් පමණ තිබූ බව ද සඳහන් කළේය.
අධ්‍යයනයට ලක් කළ කාන්තාවන් සියලු දෙනා කළපුවෙන් අල්ලන මසුන් ආහාරයට ගන්නා බවත් ඒ අනුව කළපු මසුන්ගෙන් මෙම රසදිය ඔවුන්ගේ ශරීරවලට ඇතුල් වූයේ යැයි සිතිය හැකි බවත් කළපුවට රසදිය එක් වීමට ඇති එකම හේතුව එහි ඇති ගල් අඟුරු බලාගාරය විය යුතු බවත් විතානගේ මහතා කීය.
මෙරටට ගෙනෙන ගල් අඟුරුවල රසදිය ප්‍රමාණය බැලීමේ ක්‍රමයක් නොමැති බව පෙන්වා දුන් පරිසර යුක්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂවරයා එවැනි ක්‍රමයක් සකස් විය යුතු බව ද කියා සිටියේය.
මිනිස් සිරුරේ රසදිය ප්‍රමාණය මැන බැලීමට තම සංවිධානයට හැකියාව නොමැති බවත් ඒ සඳහා රජයේ සෞඛ්‍ය අංශ වහා මැදිහත් විය යුතු බවත් හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.
මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
‘කල්පිටිය කතුන්ගේ හිසකෙස්වල අධික මාත්‍රාවෙන් රසදිය අඩංගුයි’
buddika Monday, 24 December 2018 02:44 PM
ලෝකය ගල් අඟුරු තාක්ෂණය පාවිච්චි කරලා ඉවත්වෙලත් දැන් අවුරුදු 150කට වැඩි, අපි තාමත් මහා පරිසරය නසන ඉපැරණි ක්‍රමවල ගිලි ඉන්නවා, මේකත් කොහේදෝ රටක භාවිතා කරලා ඉවත් කරපු එකක් නේද අපි මිලදී ගත්තේ, අනේ අපේ පාලකයෝ, මිනිස්සුන්ට මොනා උනත් කමක් නැහැ . ලෝකේ අනිත් රටවත් කාබන් රහිත හරිත ලෝකයකට ගමන් කරද්දී අපි කොහෙද තාම,
lankaMonday, 24 December 2018 04:13 PM
ඇමෙරිකාව වැනි රටවල් බලශක්තිය නිපදවීම සඳහා තවමත් ගල් අඟුරු භාවිතා කරනවා. ලංකාව වැනි රටවල් ගල් අඟුරු තාක්ෂණය භාවිතා කිරීමට ප්‍රධානම හේතුව නම්, පරිසරයට අහිතකර වුනත්, බලශක්තිය නිපදවීමේ පිරිවැය අතින් එය වඩාත්ම ලාභ වීමයි. මේ ගල් අඟුරු බලාගාර නොතිබුනේ නම්, අද රටේ බොහෝ ප්‍රදේශ වලට අඛණ්ඩ විදුලිය සැපයීමක් නොතිබීමට තිබුනා.
buddikaMonday, 24 December 2018 05:22 PM
ඇමරිකාවේ මොනා හරි කරා නම් එක හරි කියන මතයේ ඉන්න දීන ගතියක් තියෙනවා අපිට තාමත්, ඉන්දියාවේ චීනයේ ඇමරිකාවේ කර්මාන්ත වලින් තමයි වැඩිම පරිසර දුෂණය වෙන්නේ, පේනවා නේද ඉන්දියාවේ දිල්ලි අගනුවරට අද වෙලා තියෙන තත්වය, යුරෝපා රටවලට ඩිසල් වාහනත් පාවිච්චිය තහනම් වෙමින් යන කාලයක් මේක, ඇමරිකනුවන් හැසිරෙන්නේ ලෝක පොලිස්කාරයාගේ භූමිකාව නිසා කාටවත් මුකුත් කියන්න බැහැ,
samanTuesday, 25 December 2018 02:06 AM
ඇමෙරිකාවේ කරන්නේ මෙහෙමයි, අහවල් රටේ කරන්නේ මෙහෙමයි කියලා කියන්න නම් කාටත් පුළුවනි. නමුත් ඒ රටවල් දියුණු වුනේ මේ ලාබදායි බලශක්ති ක්‍රම වගේම නොමිලේ වහල් සේවය යොදාගෙන. අද අපි එව්වගෙන් ඉවත් වෙලා මහත්වරු වෙන්න දැඟලුවට අපි තවම ඉන්නේ ඒ රටවල් මින් වසර සියයකටත් කලින් උන් යුගයේ බව අමතක කරන්න එපා. කොටින්ම කියනවා නම් බල්ලෝ මරල හරි සල්ලි හම්බකරලා රට දියුණු නොකර සුදු මහත්වරු වෙන්න දැඟලුවොත් අපි හැමදාමත් වලේ. නමුත් වැඩේ තියෙන්නේ නැවක් හරි පාරේ යන්න නම් කප්පිත්ත පාර දැනගෙන ඉන්න ඕන කියනවා වගේ මොන තරම් දඟලුවත් රට කරවන උන් හරක් නම් කට පියාගෙන ඒ පස්සෙන් යන්න තමයි වෙන්නේ.
aseTuesday, 25 December 2018 03:57 AM
ගල්අඟුරු වෙනුවට අපට ජලය, හිරු එළිය සහ මුහුදු සුළංවලින් පහසුවෙන්ම රට වටම කුඩා බලාගාර වලින් විදුලිය සැපයිය හැකි අපේ ළමුන්ගේ අවාසනාවට බලධාරීන්ට ඊට වඩා වැදගත් දේවල් තියනවා වගේ!!
NuwanTuesday, 25 December 2018 06:11 AM
යුරෝපයේ සීතල හිරු එළිය නැති රටවල පවා අද සූර්ය බලය මගින් විදුලිය ලබා ගන්නවා.. ඒ වගේම සුළං මගිනුත් එහෙමයි. නමුත් මේ ගල්අඟුරු බලාගාර අපේ ලංකාව වගේ පුංචි රටකට ගැලපෙන්නේ නැහැ.. ලෝකයේ ගල් අඟුරු බලාගාර, න්‍යෂ්ටික බලාගාර වගේ මිනිසාට අහිතකර දේවල් පිහිටුවලා තියෙන්නේ බොහොමයක් ජනශුන්‍ය ප්‍රදේශවල... ලංකාවේ එහෙම කරන්න බැහැ. අඩු පිරිවැයක් කියලා මේ වගේ මිනිස් ජීවිතයට දිගුකාලින හානි ගෙනදෙන ව්‍යපෘති හුදෙක් දේශපාලනික මගඩි... මේවා දිසා නිල්, කොළ, රතු කණ්ණාඩි ගෙන බලන්න තරම් අපේ මිනිස්සු නූගත් වෙලා...
ATHULAMonday, 24 December 2018 05:10 PM
අපේ රටේ මේවා ඇතිකළේ මුලිකම හේතුව කොමිස් කුට්ටිය, එහෙත් මෝඩ ජනතාවට විකුනන්නේ සංවර්දනය, අපේ පාලකයන් කියා ගන්න අය 70 වසරක් වෙලත් එදා ඉදලම කෙරුවේ මව්බිමට ද්‍රෝහීකම් ජනතා ද්‍රෝහී ක්‍රියා රටේ බොහෝ අයට මේවා තේරුම් ගන්න ඕන කමක් නැහැ..
Gamini Monday, 24 December 2018 03:04 PM
මිනමාටා රෝගය ජපානයේ හැදුනා රසදිය විෂවීමෙන්. මාරාන්තිකයි.
පිටිගල මිලානෝ Monday, 24 December 2018 04:32 PM
සාමාන්‍යයෙන් නොගැඹුරු මුහුඳේ මාළු වල බැරලෝහ අධිකව අඩංගු විය හැකි බැවින් එම මාළු අධිකව නොගත යුතුය. ශරීරයේ බැරලෝහ අඩු කර ගැනීමේ ක්‍රමයක් නම් විශාල ප්‍රමාණයෙන් මිරිදිය ඇල්ගී වර්ග අහාරයට ගැනීමයි. මෙය ප්‍රායෝගිකව කල හැක්කේ අතිරික්ත ඖෂධ ලෙස වෙළඳපොලේ ඇති 'ස්පිරුලිනා, 'ක්ලොරෙල්ලා' ආහාරයට අඩංගු කර ගැනීමයි.
සුමේද ලොකුගේ - රෝම්Tuesday, 25 December 2018 12:32 AM
පිටිගල නිකම් බොරු කියලා මිනිස්සු මරන්නද හදන්නේ...? ඔයා ඉතාලියේ බාබර් වැඩේ කරනවා කියලා අපි දන්නවා. නමුත් දොස්තර වැඩේ කරන්න යන්න එපා.
NuwanTuesday, 25 December 2018 06:17 AM
ඔය කියන 'ස්පිරුලිනා, 'ක්ලොරෙල්ලා' හොඳ දේවල් නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවට කව්රු හරි ඕව ආනයනය කරනවා නම් ගේන්නේ චීනෙන්. මිනිස්සු අරන් ඕවා බොයි.. නමුත් චීනේ ඕවා නිෂ්පාදනය කිසි ප්‍රමිතියක නැහැ. ඒවාවලත් බැර ලෝහ තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. නියම ප්‍රමිතියෙන් අනූන නිෂ්පාදන පාවිච්චි කරන්න ලංකාවේ කෙනෙක්ට මාසේ පඩියත් මදි. ඒ නිසා මිලානෝ මහත්තයා ඉතාලි මානසිකත්වයෙන් ඕවා ගැන කතා කළාට ලංකාවේ ප්‍රායෝගිකව කරන්න බැහැ.
ගල්කටස් Tuesday, 25 December 2018 02:30 AM
අපිත් පුදුම ජාතියක් මොකෙක් හරි කිව්වොත් අරක වැඩියි මේක අඩුයි කියලා විවේචනය කරන්න නම් උපන් ජාතියක් හරියටම චෙක් කරලා බලන්න ඕනෑ කල්පිටියේ විතරද? නැත්නම් අනිත් කලපු අාශ්‍රිතවත් මෙය තිබෙනවද? නැත්නම් වෙන පළාත් වලත් තියෙනවද කියලා නැතුව... මේ කවුරු හරි මතයක් ප්‍රකාශ කලාම කුලප්පුවෙලා දඟලන්නේ නැතිව...
himal Tuesday, 25 December 2018 05:30 AM
මේක තවදුරටත් පරීක්ෂා කළ යුතු දෙයක්. මේ අධ්‍යනයෙන් හෙළි වෙන්නේ කාන්තාවන් සාම්පලයක හිස කෙස් වල රසදිය අඩංගු බව මිස එයට හේතුව නොවේ. හේතුව නොදැන මාළු ආහාරයට ගන්න එකද කියන්න බෑ. සමහර විට යම් කේශාලේපනයක බලපෑමක් වෙන්නත් හැකියි.
සනත් Tuesday, 25 December 2018 05:52 AM
පෘථිවි තලයට දරාගන්න බැරි තරම් මනුස්ස ජනගහනයක් ජීවත්වෙන නිසා විද්‍යාව හා තාක්ෂණයේ උපකාරය නොමැතිව ඔවුන්ගේ ප්‍රාථමික අවශ්‍යතාවයන් වත් සපුරා ගැනීමට නොහැක. නමුත් නූතන යුගයේ සෑම උපකරණයක්ම ක්‍රියාත්මක කිරීමට ශක්ති ප්‍රභවයක් ලෙස භාවිතා කරන්නේ පොසිල ඉන්ධන නිසා පරිසරයට වන හානිය ඉතා විශාලය. මේ ආකාරයට පරිසර දූෂණය දිගටම සිදුවුවහොත් තව අවුරුදු 100 කට පෙර මනුස්ස සංහතියම ලෝකයෙන් තුරන්වී යනු ඇත...