IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


කුලියාපිටිය මැදි විදුහලේ නිවුන් දරුවන් තිදෙනාටම ඒ-9 සාමාර්ථ

දිනේෂ් උපේන්ද්‍ර 
 
මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල අනුව කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ ඉගනුම ලබන නිවුන්  සහෝදර සහෝදරියන් තිදෙනෙකු  සාමාර්ථ නවය බැගින් ලබාගෙන සමත්වී තිබිණ.
 
නාගොල්ලාගොඩ පිහිඹිය ප‍්‍රදේශයේ පදිංචිව සිටින එම විශිෂ්ඨයින් වනුයේ ඊ එම් දිව්‍යාංජලී දෙව්මිනී කුමාරසිංහ, ඊ එම් නවාංජලී නෙත්මිනී කුමාරසිංහ හා ඊ එම් ප‍්‍රියංජන පියුමන්ත කුමාරසිංහ නැමැති 2018 සාමාන්‍යපෙළ විභාගයට සිංහල මාධ්‍යයෙන් පෙනීසිටි සිසු සිසුවියන් තිදෙනෙකි.
 
නිවුන් දරුවන්ව ඉපිදි එකටම ශිෂ්‍යත්වය ජයගෙන කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයට ඇතුළත්ව මෙසේ විශිෂ්ඨ ප‍්‍රතිපල තිදෙනාටම ලබාගැනීමට හැකිවීම පිළිබඳව තිදෙනාම මහත් සතුටකින් කතා කළහ.
 
ජයග්‍රහණය පිළිබඳ අදහස් දැක්වූ සිසුහු මෙසේ පැවසූහ.
 
‘‘අපි ඉපදිලා තියෙන්නෙ එකට.  හැදී වැඩුනෙ එකට. පිහිඹිය විද්‍යාලයෙන් තමයි මූලික අධ්‍යපනය හැදෑරුවෙ. එතනින් විශිෂ්ඨ ලෙස ශිෂ්‍යත්වය සමත්වෙලා කුලියාපිටියෙ මධ්‍ය විද්‍යාලයට ඇතුළත් වුණ දවසෙ ඉඳලා අපි පන්තියෙ 1 2 හා 3 ස්ථාන අතර හිටියා. අපි හැමෝටම පුදුම කැපවීමකින් අපේ පාසලේ ගුරුවරු ඉගැන්වූවා. ඒ උගන්වන දෙය ග්‍රහණය කරගන්න විදිහයි වැදගත්වෙන්නෙ.
 
අපි කවදාවත් පන්ති මගහැරලා නැහැ. ඒ වගේම යාළුවො එක්ක බස් නැවතුමේ එහා මෙහා ඇවිදින්න  ඕන කියන හීනමානය අපිට තිබුනෙ නැහැ. අපිට අපේ තාත්තා හොඳ යාලුවෙක්. කවදාවත් අපිට පාඩම් කරන්න බලපෑම් කළේ නැහැ. එයා අපිට නිරන්තරයෙන් කිව්වෙ කිසිවෙකුගෙන් වචන අහන්න එපා කියන එකයි. තාත්තා හැමදාම අම්මා එක්ක අපි ළඟ ඉඳලා සමාජය ගැන කියා දුන්නා. අපිට නීති දැම්මා. ඒ සමාජෙ හොඳ  පුරවැසියන් කරන්නයි. 
 
අපි පස්සෙම තාත්තා අම්මා හිටියට අපේ නිදහසට ඒක බාධවක් වුණේ නැහැ. අපි තුන්දෙනාටම මුහුණු පොතේ ගිණුම් නැහැ. ඒ වගේම ස්මාට් දුරකථන භාවිතා කළේ නැහැ. ඒත් අපි සමාජෙන් කොන් වුණෙත් නැහැ. හැම කෙනාම අපිට පුදුම විදිහට ආදරය කළා.‘‘


එම දරුවන්ගේ පියා ජානක කුමාරසිංහ මහතාය. මව  අචලා ද දිසානායක මහත්මියය. ඔවුහු මෙසේ පැවසූහ. 
 
‘‘අපි පුදුම වාසනාවන්ත දෙමාපියන්. ඒත් මේ සුන්දර අවස්ථාවෙ එක අමිහිරි මතකයක් සිහිවෙනවා. අපිට නිවුන් දරුවන් සිව් දෙනෙකු ඉපදුනා. අවාසනාවට එක් දැරියක මිය ගියා. අද හිටිය නම් මේ ගෙදර ඒ9 සාමාර්ථ 36ක්. කෙසේවෙතත් අපි නම් ප‍්‍රතිඵල බලන්නවත් උත්සය කළේ නැත්තෙ අපි මේ දරුවන් වැඩ කරපු විදිහට මේ ප‍්‍රතිඵලය කලින්ම දැනගන හිටියා. අපි විභාගෙට දරුවො තුන්දෙනා මහන්සි වෙනකොට කිව්වෙ දැන් ඇති පොඩ්ඩක් සෙල්ලම් කරන්න කියලා. නමුත් ඒ අය තමන්ගෙ ඉලක්කය සපුරාගෙන තියනවා. කුලියාපිටිය මධ්‍ය විද්‍යාලය කියන්නෙ වයඹ ප‍්‍රමුඛ පාසලක්. ඒ පාසලේ දෙමාපිය රැස්වීමෙ වේදිකාවෙ පුටු වෙන් කරනවා. වසරෙම හොඳම සිසුන් 10 ගෙ මවුපියන්ට. ඒ පුටු අපි වෙනුවෙන් වෙන්කරලා දුන්න අපේ දරුවන්ට අපි ණය ගැතියි. මේ වෙනකල් අර වරද කළා, මේ වරද කළා, කියලා කිසිදු පැමිණිල්ලක් අපේ දරුවන්ට එල්ල වෙලා නැහැ.
 
තම ගුරුභවතුන් වූ හේමමාලි සමරතුංග, වසන්ති පුෂ්පලතා, සනත් වික‍්‍රමනායක යන ගුරුමව්පියවරුන් ඇතුළු සමස්ථ ගුරුවරුන්ම ගෞරවයෙන්  සිහිපත් කළ එම දරුතිදෙනා තම අනාගත ඉලක්කය වන වෛද්‍යවරුන් වීමේ අරමුණ ඉටුකරගැනීමට උනන්දු වන බව පැවසූහ.

 



අදහස් (29)

කුලියාපිටිය මැදි විදුහලේ නිවුන් දරුවන් තිදෙනාටම ඒ-9 සාමාර්ථ

ravi Friday, 29 March 2019 10:50 AM

ඉතාමත් දුර්ලභගනයේ ප්‍රතිඵලයක් සමහවිට ලෝකයේ පළමු වතාවට වෙන්නත් පුළුවන් ... හරි ලස්සනයි .. අති..විශිෂ්ටයි . . සුබ අනාගතයක් ..!

:       3       489

දිමුත් Friday, 29 March 2019 11:17 AM

වාසනාවන්!!

:       2       362

ධනුෂ්කFriday, 29 March 2019 12:43 PM

අැත්තටම වාසනාවන්. ඔබලා මේක දැක්කොත් හොඳට මතක තියාගන්න. ඔබ පළමුවත් ඉගෙනගන්න. දෙවනුවත් ඉගෙන ගන්න තෙවනුවත් ඉගෙන ගන්න. ඉගෙනගෙන තමන් වෙනුවෙන්, දෙමාපියන් වෙනුවෙන් රට සමාජය වෙනුවෙන් තම යුතුකම ඉටුකරන්න. තම යුතුකම් ඉටු කර රටට සමාජයට බරක් නොවී. ණය කාරයෙක් නොවී ජීවත් වෙනකොට ලැබෙන අාත්ම තෘප්තිය වෙන කිසිදෙයකින් ලබා ගන්න බෑ.

:       0       174

sanathFriday, 29 March 2019 04:26 PM

උසස් පෙළට පසු විශ්ව විද්‍යාල අධ්‍යාපනය ඉහලින් සමත් වුනොත්, මෙවැනි අය නවතින්නේ ඇමෙරිකාවේ, එංගලන්තයේ, ඔස්ට්‍රේලියාවේ හෝ වෙනත් බටහිර රටක.

:       107       28

NishanthaFriday, 29 March 2019 03:15 PM

මෙවන් දරුවෝ රටටම වාසනාවක්. හැබැයි දැන් ඉන්න පාලකයෝ ඉන්න තාක්කල් මෙවන් දරුවන්ට වාසනාවන්ත අනාගතයක් ලැබෙයිද කියලා හිතන්න අමාරුයි.

:       0       112

Sanath KandySunday, 31 March 2019 05:58 AM

නිදහස් අධ්‍යාපන ක්‍රමය නොතිබෙන්නට මෙවැනි දුර්ලභ දක්ෂතා ඇති දරුවන්ට තමන්ගේ අනාගතය ගොඩනගා ගන්න වෙන කිසිම මාර්ගයක් නැහැ. එබැවින් ජාතික නායකයන්ගේ කෙනෙහිලිකම් මැද එදා නිදහස් අධ්‍යාපන ක්‍රමයත් මධ්‍ය මහා විද්‍යාල පද්ධතියත් බිහි කළ කන්නන්ගර මැතිදුන්ට මේ රට සදා ණය ගැතියි. ඒ වගේම නිදහස් අධ්‍යාපන ක්‍රමය රැක ගැනීමට දිවිදුන් ත්‍රිමා විතාරණ වැනි සිසු විරුවන් ඇතුළු මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරයට අපගේ උත්තමාචාරය හිමි විය යුතුයි.

:       0       106

බද්රානි Friday, 29 March 2019 11:53 AM

ඉතාම වාසනාවන්ත පවුලක්... දෙමව්පියන් දෙස බැලූවිටත් පෙනෙන්නේ... ඔවුන් ඉතාම උත්සාහවන්ත, සමාජයේ වැදගත් ලෙස ජීවත් වෙන අය බවයි. එහෙම අයගේ දරුවන්ට මේ මිහිතල මතුපිට කිසිදා වරදින්න විදිහක් නැහැ. ඔබ සැමට ජයවේවා...!!!

:       0       152

Raveendra Friday, 29 March 2019 11:55 AM

දරුවනේ නුඹලාට අපගේ උණුසුම් සුබපැතුම් !!!

:       0       70

Chinthaka Friday, 29 March 2019 12:31 PM

වාසනාවන්ත දරුවනේ..., ඔබ තිදෙනාට සුබ අනාගතයක්...!!!

:       0       200

නෙල්සන් වර්ණකුලසූරිය Friday, 29 March 2019 12:56 PM

තිදෙනාම ඉතාම අහිංසක දරුවෝ.. 6 සිට 11 දක්වා ත්‍යාග ප්‍රධාන උත්සවවලදී තුන් දෙනා පන්ති තුනක පළවෙනි දෙවෙනි ස්ථානවල හිටියේ.. මම මෙහි පිරිමි දරුවට 6 සිට 9 දවා ඉංග්‍රීසි විෂය ඉගැන්නුවා..

:       35       274

senaSaturday, 30 March 2019 07:06 AM

ඔබතුමාගේ උත්සාහයේ ප්‍රතිඵල ලැබිලා තියෙනවා.

:       0       45

dias Friday, 29 March 2019 02:09 PM

කෙනෙක් මහන්සි වී විභාගයක් සමත්වීම අගය කළ යුතු දෙයක්... නමුත් යථාර්තය නම්, සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලින් අද රටේ කල හැකි දෙයක් නැහැ...

:       78       11

ධම්මFriday, 29 March 2019 05:14 PM

එතැනින් එහාට ඉගෙනගන්න නම් සාමාන්‍ය පෙළ සමත් වෙන්න ඕනෑ බව තේරෙන්නේ නැද්ද ඩයස්?

:       0       69

diasSaturday, 30 March 2019 01:34 AM

අනාගතයේදී සියලු සිසුන්ට 13 වසරක අධ්‍යාපනය අනිවාර්ය වන බැවින්, මා සිතන්නේ නැහැ සාමාන්‍ය පෙළ විභාගය ඉන් එහාට ඉගෙනීම සඳහා තව දුරටත් කඩඉමක් වනු ඇතැයි කියා.

:       0       0

raviSunday, 31 March 2019 11:12 AM

ඔබට කොහෙන්ද මේ පරිගණකය හම්බවුනේ...? මේ වගේ " පොල්බූරු " කතාවල් මෙතන ලියන්න. අධ්‍යාපනය අපි ආරම්භ කරන්නේ.. ළදරු පාසැලකින් නේද..? එ්ත් කොතැනින්.. කොහේදී.. කොහොම අවසාන වෙනවද කියලා කවුද දන්නේ..? අයියෝ.. වැස්සකටවත් පාසලකට ගොඩවෙච්ච බවක් නම් පේන්නේ නැහැ...

:       0       4

Sunililano Friday, 29 March 2019 02:14 PM

දරුවනේ නුඹලා තුන්දෙනාටම ජයෙන් ජයම වේවා කියා ඉතසිතින් පතමි... බුදුසරණයි!!!

:       0       19

chamath Friday, 29 March 2019 02:15 PM

සුබ අනාගතයක් දරුවනේ.... ලක්මාතාවගේ සුබ පැතුම්!!!

:       0       27

Nihal Friday, 29 March 2019 05:18 PM

අහිංසක චාම් ප්‍රියජනක පවුලක්. ඉරිසියා, දුෂ්ඨකම් නැති අයට හොද පන්නරයක් තියෙනවා. දරුවන් තිදෙනාට ඉදිරියේදීත් විශිෂ්ට ජයග්‍රහණ ලැබේවා...

:       0       26

sam Friday, 29 March 2019 08:57 PM

උසස් පෙළත් හොඳටම කරන්න දරුවනේ... දරුවනේ.... ඔබලාට ජයම ලැබේවා... !!!

:       0       17

p.d goonawardena Saturday, 30 March 2019 03:32 AM

වාසනාවන්ත දරුවනේ..., ඔබ තිදෙනාට සුබ අනාගතයක්...!!!

:       0       15

manju sri Saturday, 30 March 2019 04:57 AM

වාසනාවන්ත දරුවනේ..., ඉතාමත් දුර්ලභ ගනයේ ප්‍රතිඵලයක්, දරුවන් තිදෙනාට ඉදිරියේදීත් විශිෂ්ට ජයග්‍රහණ ලැබේවා...!!! දරුවනේ නුඹලා තුන්දෙනාටම ජයෙන් ජයම වේවා. බුදුසරණයි!!!

:       0       18

isurandi Saturday, 30 March 2019 05:09 AM

මෙවැනි පින්වත් වාසනාවන්ත දරුවන් ලබන්නත්, දෙමාපියන් පෙර පිනක් කරන්න ඕනේ. සතුටුයි... ඒ වගේම සුබ පතනවා මේ වාසනාවන්ත දරුවන්ට අනාගතය ජයගන්න...

:       0       5

sandy123 Saturday, 30 March 2019 07:22 AM

දරුවනේ සුබපැතුම්... මට හිතාගන්න බැහැ මරණයකදී සංවේදී නොවන ජයග්‍රහණයකදී සතුටු නොවන සුබ නොපතන ඉතාමත් අශීලාචාර මිනිසුන් ලංකාවේ පමණක්ද ඉන්නේ කියලා. එච්චරටම තුච්ඡයි, කුහකයි, වංකයි. රට සහ රට වැසියන් මෙතරම් පහත් මට්ටමකට වැටෙන්නේ දේශපාලකයින්ගේ වැරදිවලට පමණක් නොවන බවත් අප සිහි තබාගත යුතුයි.

:       0       7

Sagarasa Saturday, 30 March 2019 10:26 AM

නියමයි.... සුබපැතුම්!!! සියල්ලන්ටම උ.පෙළටත් ඒ3 බැගින් ගන්න ලැබේවායි පතනවා...

:       0       4

chathuri Saturday, 30 March 2019 01:03 PM

හරිම නිහතමානී, වැදගත් දරුවෝ තුන්දෙනෙක්... මේ වගේ වයසක දරුවෙක්ගේ කටින් ඇහුනමයි අපි ස්මාර්ට් ෆෝන් පාවිචි කරන්නේ නැහැ. අපිට ලැජ්ජාවකුත් නැහැ කියලා. ඒ ගැන ලොකු නුවණක් තියෙනවා තුන්දෙනාටම... දැන් ඉන්න දරුවෝ හැසිරෙන විදිය... කතාකරන විදිය දුටුවාම... රත්තරන් දෙමව්පියෝ, A නාමයට වැඩිය වටිනවා. දරුවෝ තුන්දෙනා හදලා තියෙන විදියට. සමහර දෙමව්පියෝ දුව වෙනුවෙන් ගුරුවරිය දණ ගැස්සුවා. පුතාගේ කොණ්ඩේ කපන්න කිව්වම ගුරුවරයාගේ කණපැලුවා...

:       1       38

එච්.ඒ.අමරතුංග Sunday, 31 March 2019 01:51 AM

ආචාර්‍ය්‍ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර මැතිතුමාට පින්සිදුවන්නට ඇතිකළ නිදහස් අධ්‍යාපනයේ මධ්‍ය විද්‍යාල ක්‍රමයේ තවත් එක් ජයග්‍රහණයකි. එතුමා ගේ එම පරමාර්ථයන් අඩාල කරමින් මෙම ගැමි දරුවනට වින කරමින් දක්‍ෂ ගැමි දරුවන් ධනපතීන්ගේ සුපිරියයි කියන පාසැල්වලට කොල්ලකා ගැනීම සඳහා ම මෙම පහේ ශිෂ්‍යත්‍ව පරමාදර්ශය විනාශ කළ, විකෘති කළ වර්තමාන දේශපාලුවන්ට කවදා හෝ කම් පල දෙයි. මෙම දරුවන්ට ජයෙන් ජය පතමි. කන්නංගර මැතිඳුන්ට මෙම පින නිසැකයෙන් ම අත්වේ!

:       0       4

Anuradha. Sunday, 31 March 2019 11:28 AM

තුනුරුවන් සරණින් දරුපැටවූ තුන්දෙනාටම ජයෙන් ජයම වේවා!

:       0       3

hira Monday, 01 April 2019 02:16 AM

බුදු සරණයි මේ දරුවන්ට.

:       0       2

Chandana Monday, 01 April 2019 05:08 AM

දෙවිපිහිටයි.....දරුවනි ඔබ යහමග යැවූ දෙමාපියන්ටත්

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 606 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 172 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 494 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 121 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1723 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site