(කුෂාන් ජයවර්ධන)
කලාවැවේ හදිසි වාන් දොරටු අද (20) පස්වරු 4.00 සිට අඩි 18 දක්වා උපරිම අගයට විවෘත කර තිබේ.
කලාවැවෙන් පිටවන ජල ධාරිතාවයට වඩා වැඩි ජල ප‍්‍රමාණයක් මේ වනවිට කලාවැවට එක්වෙමින් තිබීමෙන් කලාවැව ආශ‍්‍රීතව හදිසි අවදානම් තත්ත්වක් මතුවී ඇත.
කලාවැව කාර්යභාර ඉංජිනේරු කාර්යාල ප‍්‍රකාශකයකු පැවසුවේ කලාවැව ආශි‍්‍රත ප‍්‍රදේශවලට තවදුරටත් වැසි ලැබෙමින් පවතින බවයි. කලාවැවේ හදිසි වාන් දොරටු මේ වනවිට උපරිම අගයට විවෘත කර තිබේ. ඒ අනුව මේවනවිට කලාවැවේ හදිසි වාන් දොරටු දෙක අඩි 18ක් දක්වා විවෘත කර ඇති අතර අඩි දෙකක පමණ ජල කදක් වානෙන් පිටවනු ඇත.
ඒ අනුව මේ වනවිට කලාවැවෙන් කලා ඔයට මුදාහැරෙන ජල ප‍්‍රමාණය 22,725 (තත්පරයට ඝණ අඩි) පමණ වේ. එසේ වුවද මේවනවිට පවතින වැසි තත්ත්වයත් සමඟ කලාවැවට මේ වනවිට තත්ත්පරයට ඝණ අඩි 32,445ක් (තත්ත්පරයට ඝණ අඩි) පමණ වේ. ඒ අනුව වැවෙන් පිටවන ජල ප‍්‍රමාණයට වඩා වැඩි ජල ප‍්‍රමාණයක් මේ වනවිට කලාවැවට එක් වෙමින් පවතී.
පවතින තත්ත්වය අනුව තවදුරටත් හදිසි දොරටු විවෘත කිරීමට නොහැකි තත්ත්වයත් සමඟ කලාවැව යම් අවදානම් තත්ත්වයකට පත්ව ඇති අතර අවශ්‍ය වුවහොත් වැව්බැම්මේ හදිසි පැතිවාන කපා දැමමීට සිදුවන බවද කලාවැව කාර්යභාර ඉංජිනේරු කාර්යාලය පවසයි. පවතින අවදානම් තත්ත්වය අනුව කලාවැව යටතේ මෙන්ම කලාඔය දෙපස ජීවත්වන පිරිස් රාත‍්‍රි කාලයේ දැඩි අවධානයෙන් සිටින්නැයි කලාවැව කාර්යභාර ඉංජිනේරු කාර්යාලය දැනුම් දී සිටී.
අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.
පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ
උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
කලාවැවේ අවදානම් තත්ත්වයක් : හදිසි දොරටු තවදුරටත් විවෘත කරන්න බෑ
saliya Friday, 20 December 2019 02:04 PM
හොඳ කාලය ආවාම අම්බානකට වහිනවා. නාග ලෝකෙන් ආව පණිවිඩය බොරු නොවෙයි. ඔන්න දැන් සැබෑ වෙලා...
සත්‍යවාදියාFriday, 20 December 2019 05:06 PM
හොඳ කාලය පෙනෙයි... වැව්බැම්ම කැඩී බිඳී ගියොත්...
kamalFriday, 20 December 2019 09:05 PM
ඔය නාග ලෝකේ නයාට බැරිද වැඩි වතුරටික බීලා දාන්න.
චන්දන Friday, 20 December 2019 03:41 PM
ජනතාව, පීඩාවට පත්කරන වැසි එන්නේ හොඳ කාලය නිසාද..? දන්නැති නිසා මේ අහන්නේ... වහන් දොරටු උපරිම යට එන්න පෙර අරිය නම් අවසානයේදී එකවර වැඩි ජල ප්‍රමාණයක් නිකුත් කරන එක වළක්වන්න පුළුවන් නේද?
S.PSaturday, 21 December 2019 05:36 AM
ඔයාගේ අදහස හොඳයි.. හැබැයි ප්‍රායෝගිකව කරන්න අපහසුයි 1.යන්තම් වතුර වැඩි වෙනකොට වාන් දොරටු අරින්න බෑ, වැසි අඩු වුණොත් වැවේ උපරිම ජල ධාරිතාව පවත්වා ගන්න බැරුව යන නිසා H කලාපයට කුඹුරු වලට නාන්න බොන්න ජලය නැතිවෙනවා. වාරිමාර්ග ක්‍රම තවත් ඉගෙනගෙන කමෙන්ට් කරන්න. 2. ඉස්සර වගේ නෙවි දැන් වැස්ස සුළුවෙලාවක් ඇතුළත ගොඩක් වහිනවා. මේක දරාගන්න පරණ දොරටු වලට බෑ. 3. හදිස්සියේ වැව කැඩුණොත් පහළ ඉන්න ජනතාවගෙන් ලොකුප්‍රමාණයක් මැරෙනවා. අවතැන් වෙනවා. හාල් මිල අහස උසට වැඩිවෙයි. 4. එහෙම වුණොත් පහළ තියන වැව් ඔක්කොම කැඩෙනවා. 5. මේකට එක විසදුමක් තියනවා.. තවත් දොරටු දෙකක් මේ දොරටුවලට සමාන්තරව සවිකිරීම. එ්කත් මේ වෙලාවේ කරන්න අමාරු දෙයක්... ඒක එදිරියට තමයි කරන්න වෙන්නේ. ඒ වගේම ඒ වතුර පහළ වැව්වලට හානියක් නොකර පිටතින් යන්න ක්‍රමයකුත් හදන්න වෙයි. 6. අධ්‍යාත්මික දේවල්වලින් රජරට ජනතාව වැඩ ගන්නවා. මේ වෙලාවේ කරන්න තියන්නේ අරයට මෙයාට දොස් කියකිය ඉන්න එක නෙවෙයි.. රට හැමතැනම මේ උදාර ගොවි ජනතාව වෙනුවෙන් බෝධි පූජා, පිංකම් කරන එක...
JP Friday, 20 December 2019 04:45 PM
බොරු නොකියා ඉන්න. ඔයා දන්න ඉටිගෙඩියක් නෑ. පහුගිය මාස 7ක ඉඳලා ලංකාවට වහිනවා...
සෙනෙවිරත්න Friday, 20 December 2019 06:18 PM
මහින්ද මහත්තයා සහ සමහර හාමුදුරුවන් ඡන්දෙට කලින් වහින කොට ඒක දෙවියො කෝපවෙලා නැත්නම් සාපයක් නිසා දැන් මොකද කියන්නේ? ස්වභාවධර්මය පවා අවභාවිතා කරලා දිනපු ඡන්දයක්...