(කේ.ඩී.දේවප්‍රිය)
කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මායිම්ව පිහිටි වන වනාන්තර කිසියම් පුද්ගලයන් පිරිසක් විනාශ කරන බව කතරගම ජනතාව පවසති.
හේන් හෙළි කරන මුවාවෙන් මෙම මහා විනාශයන් සිදුකළත් වගකිව යුතු නිලධාරින් කිසිදු පියවරක් ගෙන නැතැයි ද නගර වාසීහු චෝදනා කරති.
දිර්ඝ කාලයක් පුරා කතරගම කිඹුල්කෙම, කොහොඹදිගාන, ගලහිටිය, වෙහෙරකෙම, කදසුරිදුගම, කරවීලේ, ලුණුගම් වෙහෙර රක්ෂීතසීමාව, නාගහවීදිය විදුලිවැට යාල මායිම්සීමාව, සිතුල්පව්ව වන සීමාව,තම්මැන්නාව රක්ෂීත වැව් පද්ධතියන් ඇතළු ප්‍රදේශයේ වටිනා වන සම්පත් මහා පරිමාණයෙන් වනසමින් ඉඩම් ඇල්ලීම සිදු කරන බව ප්‍රදේශවාසීහු පවසති.
කැලැ එළිකරන පිරිස් අතර ආරක්ෂ අංශ,රාජ්‍ය නිළධාරින්, ප්‍රදේශීය දේශපාලඥයින් හා ව්‍යාපාරිකයන් ද සිටින බව දැනගන්නට ඇත.
මේ වනවිටත් අක්කර 500 කට වැඩි රක්ෂිතය මෙන්ම වැව් ආරක්ෂීත පද්ධති. ඇලවේලි රක්ෂීත පද්ධති. ඇතුලු කතරගම ලුණුගම්වෙහෙර. යාල වන උද්‍යානය ආශ්‍රීත වනයන් මේ වනවිටත් විවිධ පුද්ගලයන් විනාශයට පත් කර තිබේ.
මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කැලෑ පාළුවෝ හේන් කොටන මුවාවෙන් කතරගම වන රක්ෂිත වනසති
Anura Friday, 27 August 2021 10:30 AM
ලොක්කා ගිහින් කිව්වනේ වගා කරන අයට බාදා කරන්න එපා කියලා
සමිත සේනක අලුත්ගමගේ. Friday, 27 August 2021 11:04 AM
කොහොමද කටේ වාදම නම් .. අපි සොබාදහම රැකීමට, ප්‍රතිඥා දී තිබෙනවා.අපි පරිසරය,වනාන්තර ආරක්ෂා කරනවා.අපි තමයි හොඳටම කරන්නේ.ඒ වුනාට ගෝල බාලයන්ගේ වැඩ කිඩ කොහොමද ? අම්මපා කියලා වැඩක් නැහැ. " වනන්තරේ එළිකොට සැම ගස් කපමූ .. වටිනා කඳන් දී මෝලට මුදල් ගමු .. ඉතිරි සියලු දේ ගිනි දෙවියට පුදකරමූ .. සිව්පා සතුන් සැම අල්ලා මස්කරමූ .."
පූජා.Friday, 27 August 2021 01:58 PM
මොකක්ද සමිත... මේ උන්මන්තකයින්ට වැහිලා තියෙන පිස්සුව? පරිසරය ඉවක් බවක් නැතුව විනාශ කරන්නේ වන සතුන්ගෙන් හරියට පලිගන්නවා වගේනේ... දෙවියනේ, මේ අසරණයින් කොහේ කියලා ගිහින් සැඟවෙන්නද? පරිසර ඇමති කියලා එක්කෙනෙක් ඉන්නවා නේද? වනජීවී නිලධාරින් මෙච්චර විනාශයක් වෙනකම් මොනවාද කලේ? "මුව පොව්වනි" නුඹලා ගැන කණගාටු වෙනවා හැරෙන්නට අපි වෙන මොනවා කරන්නද? කතරගම දෙවියන්ටවත් මේ අපරාධ කරන අය නොපෙනෙන හැටි?...
සමිත සේනක අලුත්ගමගේ.Friday, 27 August 2021 04:22 PM
ස්තූතියි පූජා.. මේ වැනි මිනිසුන් සිටිනා රටක තමයි අප ඉන්නේ...
nilu Friday, 27 August 2021 11:04 AM
පව් අසරණ සත්ත්ව ජීවිත... කාලයක් තිස්සේ තමන්ගේ නිජ බිම් වලටම හුරු වෙලා ඉන්න සත්තු කොහේ කියලා යන්නද? මිනිස්සු හිතන්නේ තමන් ගැන විතරයි... හරිම ආත්මාර්ථකාමී ජාතියක් මනුස්ස ජාතිය.... පරිසර පද්ධතියක් කියන්නේ ජීවිත කීයක්ද?
Raveendra Friday, 27 August 2021 11:13 AM
කෑළෑ පාළුවන්ට ඍජුවම සහය දක්වන දේශපාලුවන් ඉතා ඉක්මනින් මාතෘබුමියෙන් පවුල් පිටින්ම "සදහටම මකබෑ වේවා" යන්න අපගේ එකම ප්‍රාර්ථනයයි...
ගජමෑන් Friday, 27 August 2021 02:25 PM
පොලොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය විනාශ කරනවා කතරගම රක්ෂිත විනාශ කරනවා ජනාධිපති වෙන්න පෙරුම්පුරන විපක්ෂ නායක සහන මලු ගැන කියමින් කෑගානවා ගොවි නායක කියන නාමල් බුදි ඇති රටකට ගිය කලක්
sumedha Friday, 27 August 2021 03:08 PM
හෙණම තමයි ....