තරිඳු ජයවර්ධන
කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානය අසල තිබී පුපුරා හරින ලද වෑන් රථයේ කාල බෝම්බය සවිකර සකස්කර ඇත්තේ පානදුර ප්‍රදේශයේ පිහිටි තව්හිත් ජමාත් සංවිධානයේ සාමාජිකයන් බව කියන පිරිසකට අයත් ආරක්ෂක නිවස්නයකදී බවට රහස් පොලිසිය සැක කරයි.
එම වෑන් රථයේ තිබී ඉවත් කර ඇති පිටුපස ආසන පේලිය කල්මුණේ සයින්දමරුදු ප්‍රදේශයේ තිබී සොයා ගැනීමට සමත් වූ බව රහස් පොලිසිය කියයි.
කොච්චිකඩේ පල්ලියේ බෝම්බය පිපිරී පැයැකින් පුපුරා යාමට වේලාව සකස් තිබුණු බව කියන එම වෑන් බෝම්බය පුපුරා ගොස් නැත්තේ එහි විදුලි සැපයුම නිසි පරිදි සම්බන්ධ නොවීම නිසා බව පොලිසිය සැක කරයි. රෙදි සෝදන යන්ත්‍රයක ටයිමරයක් උපයෝගී කරගෙන මෙම බෝම්බය අටවා තිබුණු බව පොලිසිය කියයි.
පල්ලියට මීටර 80ක් දුරින් එම වෑන් රථය නතර කර තිබී ඇති අතර කොච්චිකඩේ බෝම්බය පුපුරා ගොස් පැයක් යද්දී එය දැකබලා ගැනීමට පැමිණෙන්නන් රැස්වන්නේ මීටර ගණනක් ඈතින් වීම නිසා එලෙස රැස්වන පිරිස ඉලක්ක කර මෙම බෝම්බය පුපුරා යාමට වේලාව සකස් කර තිබී ඇති බව රහස් පොලිසියේ ආරංචි මාර්ග කියයි.
එළියේ සිට වෑන් රිය දෙස බැලූ විට හොඳට පෙනෙනා ආකාරයට දහසේ කොල කිහිපයක් පෙනෙන්නට දමා තිබී ඇති බවත්, එහි එක් කොනකට වන්න තුවායක් ද දමා තිබී ඇති බවත්, දහසේ කොළ ගැනීමට දොර විවෘත කළහොත් හෝ තුවාය ඉවත් කළහොත් බෝම්බය පුපුරා යන පරිදි වෑන් රිය තුළ එය සවි කර ඇති බවත් පොලිසිය පවසයි.
කිලෝ 12.5 ගෑස් ටැංකි තුනක් ද සවි කර සකස් කරන ලද මෙම වාහන කාල බෝම්බය නියමිත වේලාවට පුපුරා ගියා නම් විශාල විනාශයක් වීමට ඉඩ තිබුණු බව ද පොලිසිය සඳහන් කරයි.
කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයේ බෝම්බය පුපුරා ගොස් දින දෙකකට පමණ පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායම් සහ බුද්ධි අංශ නිලධාරීන් මෙම වෑන් රිය සොයා ගත් අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් එය පුපුරුවා හැර නිෂ්ක්‍රීය කරනු ලැබීය.
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සෞදි අරාබි බාහිර වෙළඳ දූත පිරිසක් සමඟ සාර්ථක වැඩසටහනක් පසුගියදා පැව
ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.
වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩ
ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කාල බෝම්බය තිබූ වෑන් රියේ ආසන පේලිය කල්මුණෙන් සොයාගනී