IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


කෝවිඩ් අතුරු ආබාධ සහිත දරුවන් 25ක් ළමා රෝහලට

(සුජිත් හේවාජුලිගේ)

කොවිඩ් වැළඳී සුවවීමෙන් පසු විවිධ අතුරු ආබාධ (බහු ඉන්ද්‍රිය ආසාදන) වැළඳුණු දරුවන්ගේ ඉහළ යෑමක් මුළු දිවයිනෙන්ම වාර්තාවන බව සෞඛ්‍ය අංශ ප්‍රධානීහු පවසති.

මෙවැනි අතුරු ආබාධ වැළඳුණු දරුවන් විසි පස් දෙනකු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන බව එහි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය.

මෙම දරුවෝ සියලු දෙනා කොවිඩ් ආසාදනයවීමෙන් පසු සුවය ලබා නිවෙස්වලට ගොස් විවිධ අතුරු ආබාධ වැළඳීම නිසා පසුව රෝහල්ගතවූ අය වෙති.

මොළයේ ,හෘදයේ සහ වකුගඩුවල විවිධ ආබාධ, හෘද ස්පන්දන වේගය වැඩිවීම, නිව්මෝනියා තත්වය, උණ තත්වය දිගටම පැවතීම යනාදී රෝග ලක්ෂණ මෙම දරුවන්ට සුලභව දක්නට ලැබෙන බවත් බහු ඉන්ද්‍රිය ආසාදනයට මෙලෙස ගොදුරුවූ දරුවන්ගෙන් වැඩි පිරිසක් වයස 5ත් 15ත් අතර අය බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

කොවිඩ් ආසාදනයවී සුව වුණු දරුවන්ට මාස හයක කාලයක් යනතුරු මෙවැනි රෝග ලක්ෂණ මතුවිය හැකි බවද දීපාල් පෙරේරා මහතා පැවැසුවේය.

අතුරු ආබාධවලට ලක්වූ ඇතැම් දරුවන්ට විශිෂ්ට ප්‍රතිදේහ පවා ලබා දීමට සිදුවී ඇති බවත් එම විශිෂ්ට ප්‍රතිදේහ සඳහා රජයට අධික වියදමක් දැරීමට සිදුවී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

කොවිඩ් ආසාදනයවී සුවවුණු දරුවන් මේ තත්ත්වය නිසා මාස හයක් යනතුරු වඩාත් සැලකිල්ලෙන් රැක බලා ගැනීම වැදගත් බවද ඔහු කීවේය.

මේ අතර කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කරනු ලැබ සිටින කොවිඩ් ආසාදිත දරුවන්ගේ සංඛ්‍යාව 35ක් දක්වා පහත බැස ඇතැයිද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවැසීය.

කොවිඩ් ආසාදිත දරුවෝ 200කට ආසන්න පිරිසක් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොවිඩ් තුන්වැනි රැල්ල ආරම්භයේදී ප්‍රතිකාර ලැබූහ.

 



අදහස් (2)

කෝවිඩ් අතුරු ආබාධ සහිත දරුවන් 25ක් ළමා රෝහලට

Nuwa Sunday, 26 September 2021 02:38 PM

පාසල්වලට ළමයි එවයිද මේ විදියට?

:       32       7

hesa Monday, 27 September 2021 07:36 PM

පාසල්වලට දරුවන් යවන් නැතුව කොහොමද.. අතුරු ආබාධ එන්නේ? ටික කලක් ගිහින්.. මා පියන් කැමැත්ත දෙන්නේ ඇයි එන්නත්කරණය දෙන්න දරුවන්ට.. මේ නිසා ලොව පුරා දරුවන් පමණක් නොවේ වැඩහිටි අයත් කොච්චර ඡීවිතක්ෂයට පත් වෙනවද එන්නත ගත්පසු...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 606 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 172 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 493 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 121 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1722 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site