IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


කොවිඩ් උපකරණවලට අදාළ ලිපිගොනු විනාශ වී නැහැ

(සුජිත් හේවාජුලිගේ)

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ  ලියාපදිංචිය සඳහා යොමු කරන ලද කොවිඩ්  ආශ්‍රිත වෛද්‍ය උපකරණ සහ ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ කට්ටලවලට අදාලව සියළු ලිපි ගොනු ආයතනයේ සුරක්ෂිතව පවතින බව එහි සභාපති වෛද්‍ය රසිත  විජේවන්ත මහතා පැවැසීය.

එම උපකරණ සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ලියාපදිංචිය ලබාදී නැතැයිද  ඔහු සඳහන් කළේය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ස්වයංක්‍රීය මාර්ගගත පද්ධතියේ  තොරතුරු පිළිබඳව අසත්‍ය තොරතුරු රැසක් මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින බවත් එම තොරතුරු තමා ප්‍රතික්ෂේප කරන බවත් විජේවන්ත මහතා පැවැසුවේය.

ක්ෂණික  ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල ලියාපදිංචි කිරීම සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ පළමු සහ දෙවැනි පියවර සම්පූර්ණ කළ අයදුම්පත් දහතුනක් ලේඛනගත ක්‍රමය ඔස්සේ තුන්වැනි සහ හතරවැනි  පියවර සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියට ඉදිරිපත්ව ඇති බවත් වෛද්‍ය උපකරණ ලියාපදිංචි කිරීමේ තාක්ෂණ කමිටුව ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්නායකයන්ට අනුකූලව අයදුම්පත් හතරක් සඳහා ලියාපදිංචිය ලබාදී ඇති බවත්  ඔහු  ප්‍රකාශ කළේය.

තාක්ෂණික ඇගයීමේදී අදාළ නිර්ණායකයන් සම්පූර්ණ නොකළ අයදුම්පත් හයක් ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කළ බව පැවසූ සභාපතිවරයා අයදුම්පත් තුනකට  අදාළ ඇගයීම් කටයුතු  තවදුරටත් සිදුවෙමින් පවතින බවද  කීවේය.

මේ සම්බන්ධයෙන් 011-2303156 දුරකතන අංකය අමතා   වැඩිදුර තොරතුරු විමසා දැන ගත හැකි බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.



අදහස් (1)

කොවිඩ් උපකරණවලට අදාළ ලිපිගොනු විනාශ වී නැහැ

Royfedricka Thursday, 30 September 2021 01:04 AM

හා හා... ඔයාලා විතරයිද ඇත්ත කියන්නේ? හොරකම් කරලා අහු වුණාට පස්සේ කියන දේවල් කවුද විශ්වාස කරන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 623 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 175 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 508 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 124 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1749 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site