(සුජිත් හේවාජුලිගේ )
මෙරට භාවිත කරන කොවිඩ් මර්දන එන්නත් පහක ශක්තිය (කාර්යක්ෂම ප්‍රතිදේහ සෑදීමේ හැකියාව) පිළිබඳව තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ඇතුළු පර්යේෂකයන් කණ්ඩායමක් සමත්වී ඇත.
මේ පරීක්ෂණය අනුව මාස තුනකින් පසු වැඩිම ප්‍රතිශක්තියක් ( කාර්යක්ෂම ප්‍රතිදේහ) ගොඩනැගී තිබුණේ මොඩර්නා එන්නත ලබා ගත් පුද්ගලයන්ගේය.
ඊට පසු ඇස්ට්‍රාසෙනිකා සහ ස්පුට්නික් එන්නත ගත් අයගේ ශරීරයන්හි එක සමාන ඉහළ ප්‍රතිශක්තියක් ගොඩනැංවී තිබූ බව පෙනී ගියේ යැයි ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.
මාස තුනකින් පසු අඩුම ප්‍රතිශක්තිය ( කාර්යක්ෂම ප්‍රතිදේහ) ගොඩනැංවී තිබුණේ සයිනොපාම් එන්නත ලබාගත් පුද්ගලයන්ගේ බවද හෙතෙම සඳහන් කළේය.
මාස තුනකින් පසු කාර්යක්ෂම ප්‍රතිදේහ ගොඩනැංවි ඇති ආකාරය පිළිබඳ සොයා බැලීම සඳහා එම පර්යේෂකයන් මෙලෙස යොදාගෙන තිබූ එන්නත් වර්ග පහ වන්නේ මොඩර්නා, ස්පුට්නික් 1, ස්පුට්නික් 2, ඇස්ට්‍රාසෙනිකා සහ සයිනොපාම්ය.
මෙරට වැඩියෙන්ම භාවිතවූ සහ භාවිතවන එන්නත් වර්ග වන්නේද මේවාය.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස
හැටන් වටවල ප්‍රදේශයේ සත්ව ගොවිපලක විවිධ රෝග වැලදී මිය යන එළදෙනුන් සහ ගවයන් මස් කඩ වලට අලෙවි කිරීමට එරෙහිව වටවල ලොනැක් වත්තේ වතු කම්කරුවෝ එම සත්ව ගොවිප
බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මූතූර් තාහා නගර් නිවසක අද (14) අලුයම කාන්තාවන් දෙදෙනකු කපා කොටා මරා දමා දැරියකට තුවාල කර ඇතැයි මූතූර් පොලිසිය කියයි .
බස්නාහිර, සබරගමුව, සහ දකුණු පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
කොවිඩ් එන්නත් පහක බලය හෙළිවෙයි
සමිත සේනක අලුත්ගමගේ. Friday, 17 December 2021 05:23 PM
එතකොට ෆයිසර් වලටත් වඩා මුදල් ගෙවා චීනාගේ සයිනෝෆාම් ගෙනැල්ලා අපේ රටේ මිනිස්සුන්ට විද්දා. මේ අනුව බලනවිට, ප්‍රතිශක්තිය අතින් සයිනෝෆාම් තමයි ප්‍රතිශක්තිය අඩුම එක. ඒ කියන්නේ අපි විද්දේ බාලම එන්නත...
RioFriday, 17 December 2021 09:00 PM
ඒක තමයි ඇත්ත
Rane Friday, 17 December 2021 09:40 PM
ජීවන්දර එච්චරම ෂුවර් නෑ...
Sriland Saturday, 18 December 2021 02:47 AM
ජනතාව නම් හොඳටම දන්නවා වැක්සීන්වල බලය.... හැම බඩුවක්ම දෙගුණයකින් ගාණ ගිහිල්ලා රටම හිඟාකන තැනට වැටිලා, තවත් ලැජ්ජා නැතිව අනුන්ගේ බෙහෙත්වල උජාරුව කියවනවා.
Jude Saturday, 18 December 2021 08:11 AM
20ක් විතර එකතු කරගෙන නිකන් කටින් අහල උත්තර ගන්න ඇති. අපි නොදන්න ලංකාවේ පරීක්ශණ. ඇමරිකාවම කියනව ෆයිසර් තමයි හොඳම ප්‍රතිශක්තිය දෙන්නෙ, මොඩර්නා මධයම මට්ටමේ කියල. ජොන්සන් එක ෆේල් කියල උන්ම පිලිගන්නව. කොහොමත් ප්‍රතිඵල හම්බෙන්නෙ පරීක්ශණ කරන කෙනාට කුට්ටිය හම්බෙන රට අනුව. මෙයාට නම් ඒක හම්බෙලා තියෙන්නෙ ඇමරිකාවෙන්.
nihal Saturday, 18 December 2021 11:14 AM
අපේ අය හරි දක්ෂයි, හදපු අය ඕවා දන්නේ නැහැ