IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


කොවිඩ් නිසා බලපෑමට ලක්වූවන්ට විදුලි හා ජල බිල්පත් ගෙවීමේදී සහන

(ඩයනා උදයංගනී)

කොවිඩ් - 19 වසංගත තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්වූ හුදෙකලා කළ ප්‍රදේශවල විදුලි පාරිභෝගිකයින්ට, සිනමා ශාලාවලට සහ සංචාරක නවාතැන්පොළවලට විදුලි බිල්පත් ගෙවීමේදී සහනයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා  පැවසීය.
 
සංචාරක කර්මාන්තයේ නියුතු ආයතන වෙත විදුලි බිල්පතට අමතරව ජල බිල්පත් ගෙවීම සඳහා ද සහන සලසා දීමට අනුමැතිය හිමිවූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

අඛණ්ඩව දින 14කට වැඩි කාලයක් හුදකලා කර ඇති ප්‍රදේශවල ගෘහස්ථ, වාණිජ සහ කාර්මික විදුලි පාරිභෝගිකයින්ට එම කාල සීමාවට අදාළ විදුලි බිල්පත් ගෙවීම සඳහා බිල්පත් දිනයේ සිට මාස 06ක සහන කාලයක් ලබාදීමට සහ ජාතික චිත්‍රපටි සංස්ථාවේ ලියාපදිංචි සිනමා ශාලාවල 2020 මාර්තු මස සිට දෙසැම්බර් මස දක්වා වන විදුලි බිල්පත්, බිල්පත් දිනයේ සිට සමාන වාරික 12කින් ගෙවීම සඳහා අවස්ථාව සලසා දීමටත් සහ එතෙක් විදුලි සැපයුම විසන්ධි නොකිරීමටත් මෙහිදී තීරණය කෙරුණු බව ද ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා කීවේය.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි නවාතැන් පොළවල්වලට 2020 මාර්තු මස 01 දින සිට 2021 පෙබරවාරි මස 28 දින දක්වා එකතු වී ඇති විදුලි බිල්පත් සහ ජල බිල්පත් සමාන මාසික වාරික 12කින් නිරවුල් කිරීම සඳහා ද අවස්ථාව දී තිබේ.

මෙම විදුලි පාරිභෝගිකයින්ට සහන සැලසීමට විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉදිරිපත් කළ යෝජනා සැළකිල්ලට ගෙන මෙම තීරණ ගත් බව ද කෙහෙලිය රඹුක්වැල්ල මහතා කීවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.



අදහස් (0)

කොවිඩ් නිසා බලපෑමට ලක්වූවන්ට විදුලි හා ජල බිල්පත් ගෙවීමේදී සහන

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 628 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 176 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 512 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 130 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1758 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 184 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site