IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


කොවිඩ් මැද්දේ ලංකා බැංකුව ලාභ උපයලා: මුදල් කමිටුවේ දී තොරතුරු හෙළිවේ

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ලංකා බැංකුව මේ වසරේ මුල් මාස හතරේදී රුපියල් කෝටි 196 කට වැඩි ආදායමක් උපයාගෙන ඇති බව රජ‍යේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය.

එම කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 30වැනිදා රැස් විය.

ලංකා බැංකුව 2019 වර්ෂයේදී රුපියල් කෝටි 2960 ක වාර්ෂික ලාභයක්ද 2020 වසරේදී රුපියල් කෝටි 2355 ක ලාභයක්ද උපයාගෙන ඇතැයි මෙහිදී සඳහන් විය.

කොවිඩ් 19 වාතාවරණය මධ්‍යයෙහි දේශීය බැංකුවක් මෙලෙස මෙම ලාභ ඉපයීම රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රෙම්ජයන්ත මහතා ව ඇගයීමට ලක් කළේය.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේ ලාභ ලැබීම හොඳ තත්වයක් වුවද මේ අවස්ථාවේදී පීඩාවට පත්ව සිටින පාරිභෝගිකයන්ට සහන සැලසීමට බැංකුව කටයුතු කළ යුතු බවයි.

මීට අමතරව 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත ප්‍රකාරව රජය විසින් මුද්‍රණය කරන ලද 2017.10.26 දිනැති අංක 1ක 2042/21 දරන ගැසට් නිවේදනය සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කරන ලද 2228/833 දරන ගැසට් නිවේදනයටද රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය මෙහිදී හිමිවිය.

මෙම රැස්වීම පැවැත්වුණේ මාර්ගගත ක්‍රමයටය.

මෙම කාරක සභා රැස්වීමට කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාද මුදල් අමාත්‍යංශ සහ භාණ්ඩාගාර ලේකම් එස්. ආර් .ආටිගල,ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුමි ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශයේ ලේකම් අනූෂ පැල්පිට යන මහත්වරුන් සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා,වසංගත රෝග හා කොව්ඩ් රෝග පාලනය පිළිබඳව රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුනේත්‍රා ගුණවර්ධන මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක්ද සහභාගී වූහ.

 



අදහස් (2)

කොවිඩ් මැද්දේ ලංකා බැංකුව ලාභ උපයලා: මුදල් කමිටුවේ දී තොරතුරු හෙළිවේ

Bamunuarachchi Monday, 02 August 2021 07:27 PM

කියන්න දෙයක්ද? තැන්පතුකරුවන්ට අඩු පොලියක් ගෙවලා ඒ ගොල්ලෝ ලාභ උපයලා තව ලැජ්ජා නැතුව කියනවා...

:       0       20

gagana Monday, 02 August 2021 10:04 PM

නෙදකින්. ලැජ්ජාවක් නැති හැටි මේක කියන්න. මිනිසුන් මුලාකරන බෙල්ල මිරිකලා හම්බකරන බැංකු අවශ්‍ය නැහැ .තමා උපයන මුදල් වලක දාල ගෙදර තියාගන්න පුළුවන් තත්ත්වයක් සමාජයේ තිබ්බනම්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අඟුණකොලපැළැස්ස බන්ධනාගාර වාට්ටුවේ බිත්තියක දුරකතන-සිම්පත්
2024 ඔක්තෝබර් මස 18 160 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ වාට්ටුවක බිත්තියක් මත තිබී ජංගම දුරකථන තුනක් සහ සිම්පතක් බන්ධනාගාර නිළධාරින් විසින් සොයාගනු ලැබූහ .


නිධන්හෑරූ 4 ක් කොටුවෙයි
2024 ඔක්තෝබර් මස 18 104 0

මහියංගණය දිවුලපැලැස්ස ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක නිදන් වස්තු ලබාගැනීමේ අරමුණින් කිනිම් කරමින් සිටි පුද්ගලයන් 4 දෙනෙක් ඒ සදහා යොදාගත් බැකෝ යන්ත්‍රියක්


චීන දුම්වැටි සමඟ චීන ජාතිකයා අල්ලයි
2024 ඔක්තෝබර් මස 18 221 0

කොල්ලුපිටිය සමගි මාවතේ චීන භාණ්ඩ අලෙවි සැලක තොග ගබඩාවේ සගවා තිබූ රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා චීන දුම්වැටි දස දහසක තොගයක් අද (18) දින සිය භාරයට ගත් බව ශ්‍


මුහුදේ නාන්න ගිය තරුණයා ගිලී මරුට
2024 ඔක්තෝබර් මස 18 163 0

කළුතර උතුර කුඩාවස්කඩුව ප්‍රදේශයේ මුහුදේ විනෝදයට දිය නෑමට ගිය තරුණයෙකු මුහුදෙ ගිලි ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.


සාදයේ කතා බහ මරණයෙන් අවසන් වෙයි
2024 ඔක්තෝබර් මස 18 338 0

කෝවිල් අඩි ප්‍රදේශයේදී මිතුරන් පිරිසක් සමග එක්ව පැවැත්වූ සාදියකදී ඇති වූ බහින් බස්වීමත් දුරදිග යාමෙන් පහර කෑ පුද්ගලයෙකු ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් ක


මීනගයා ඇතුළු දුම්රිය කීපයක් අවලංගුයි
2024 ඔක්තෝබර් මස 18 623 0

කොළඹ -මඩකලපුව දුම්රිය මාර්ගයේ මින්නේරිය හා හිගුරක්ගොඩ අතරදී අද (18) අලුයම ඉන්ධන දුම්රියකට වන අලි රංචුවක් ගැටී ඉන්ධන දුම්රිය පීලි පැනීම හේතුවෙන් මාර්ගයේ


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 625 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 497 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1556 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site