IMG-LOGO

2024 දෙසැම්බර් මස 21 වන සෙනසුරාදා


කෘෂිකාර්මික හා අධි තාක්‍ෂණික සරසවියක් පිහිටුවීමට චීනයෙන් සහය

( තිළිණි ද සිල්වා)

ශ්‍රී ලංකාවේ නවීන කෘෂිකාර්මික හා අධි තාක්‍ෂණික විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට සහය ලබා දීමට චීනය එකඟ වූ බව චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

මෙම එකඟතාව පල වී ඇත්තේ චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා ඉකුත් 19 වැනිදා චීනයේ හුබෙයි පළාතේ වුහාන් විශ්ව විද්‍යාලයට ගිය අවස්ථාවේදීය.

වූහාන්, විශ්වවිද්‍යාලයේ උප සභාපතිවරයාගේ සහ චයිනා ග්‍රේට් වෝල් ඉන්ඩස්ට්‍රියල් කෝපරේෂන් ආයතනයේ ආරාධනයකට අනුව, තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා වුහාන් විශ්වවිද්‍යාලයට ගිය අතර එහිදී උප සභාපති යෙකින් ෂු මහතාගේ නායකත්වයෙන් යුත් අන්තර්ක්ෂේත්‍ර විශ්වවිද්‍යාල කණ්ඩායම ශ්‍රී ලංකාවේ නවීන කෘෂිකාර්මික හා අධි තාක්‍ෂණික විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සදහා පූර්ණ සහය ලබා දීමට එකග වර්‍ බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

පසුව හුබෙයි පළාතේ ආණ්ඩුකාර ෂොංලින් වැන්ග් සමඟ පැවති විධිමත් රැස්වීමක දී ද මේ සඳහා ඒ මහතාගේ අනුමැතිය ලබාදෙනු ලැබූ බවද චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් සදහන් කළේය.

 



අදහස් (8)

කෘෂිකාර්මික හා අධි තාක්‍ෂණික සරසවියක් පිහිටුවීමට චීනයෙන් සහය

Bamunuarachchi Saturday, 24 July 2021 06:15 PM

අනේ අපිට එපා අපේ උන්දැලාට චීන් නමත් එපා වෙලා... ඒ නිසා ඔය සහාය බංගලිදේශයට දෙන්න. මොකද ජෙප්පන් කියයි.. දෑකැත්තෙන් මිටියෙන් කරන අපේම තාක්ෂණ තිබෙනවා... කියලා..

:       706       1312

Prase Saturday, 24 July 2021 06:32 PM

හෙට උද්ඝෝෂණයක් පටන් ගන්න පුළුවන්.. ඕක නවත්තන්න. මහාචාර්යවරු ජවිපයේ සරසවියේ සිසුන් අනිවාර්යයෙන් පාරට බහියි... ඕක නවත්වන්න.

:       326       516

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 24 July 2021 07:10 PM

රට දියුණු වෙනවාට අප කැමතියි. ඒත්, චීනාට ලෝක ප්‍රජාව හමුවේ දැඩි ලෙස ප්‍රශ්න තිබෙනවා. වෙනදා මෙන් නොව ඉන්දියාව විසින් අපගේ ගුවන් හා දේශ සීමා තරණය කරනවා. ඒ චීනා ගැන ඇති අවිශ්වාසය නිසා වෙන්නට පුළුවන්... ඇමරිකාවත් එහෙමයි. කොයිවෙලේ ගිණි ඇවිලේ දැයි කියන්නට බැහැ. හදිසියේ හෝ එසේ ගිණි ඇවිලුණහොත්, තල්මසුන් අතර වන යුද්ධයේදී හාල්මැස්සන්ගේ ඉරණම පිළිබඳව කුමන ආකාරයේ දෙයක් වේදැයි සැක සහිතයි. අදූර්දර්ශී දේශපාලකයින් මේ සම්බන්ධව බීරි අලින් මෙන් තම වාසිය ගැන පමණක් සිතා නිහඬව සිටියද, බුද්ධිමත්ව සිතනා අයගේ සිතට දැනෙනුයේ දැඩි බියකි...

:       295       712

සන්කSunday, 25 July 2021 10:04 AM

චීන ලෝකයේ අපේ රට වගේ හොර දේශපාලුවන් ඉන්න දුප්පත් රටවල් තෝරාගෙන බලෙන් ප්‍රකෝටි ගණන් ණය දෙනවා රටට සත පහක අාදායමක් නැති නිෂ්ඵල ව්‍යාපෘති වලට... මෙහෙම ණය දීලා අපිව ණය කන්දක හිරකරලා අන්තිමට අපිට ණය වාරික ගෙවන්න බැරිවෙනකොට ඒකට හිලව් වෙන්න අපේ හොර දේසපාලුවෝත් එක්ක හොර ගිවිසුම් ගහලා අපේ රටේ වටිනා මර්මස්ථාන වල ප්‍රධාන ඉඩ කඩම් අක්කර ගණන් අයිති කරගන්නවා. මේකට තමයි මේ නවීන කෘෂිකාර්මික හා අධිතාක්‍ෂණික විශ්ව විද්‍යාල කියලා බොරු පෙන්නලා.. හීන් නූලෙන් අපේ රට සුරා කනවා. මේවාට ගොන්නු වගේ රැවටෙන අපේ ජනතාවගේත් විශාල කොටසක් ඉන්නවා. මේකෙන් අපේ රට දැනටමත් චීන කොළනියක් වෙලා ඉවරයි. කවදාහරි අපේ අනාගත දරුවන් අපිටත් ශාපකරයි...

:       0       227

Deepal Nirosh Saturday, 24 July 2021 08:33 PM

රාජ්‍ය නායකයා දැන් රසායනික පොහොර භාවිතය නවතා කාබනික පොහොර භාවිතය හුරු කරන්න යනවා. මෙයාල අධි තාක්ෂණික විශ්ව විද්‍යාලයක් පිහිටුවන්න යනවා. අන්තිමේ දී ආයිත් රසායනික පොහොරවලට යමු කියාවි. බල්ල කරන දේ වලිගේ දන්නෑ, වලිගෙ කරන දේ බල්ලා දන්නෑ. මේවාට අවශ්‍ය උපකරණ හා සම්පත් ආනයනය කරන්න වෙන්නේ මොන රටෙන් ද කියලාවත් අඩුගානේ හෙව්වොත් හොඳයි.

:       1811       745

චමින්ද ජයනාත් ජයසූරිය Saturday, 24 July 2021 10:44 PM

අනුන්ගෙන්ම කන්නයි... අනුන්ගෙන්ම හිඟාකන්නයි දැන් අපේ පාලකයින් ඇබ්බැහි වෙලා.. ඒ ගොල්ලන් මේවා කරන්නේ අපේ යහපතට නෙමේ කියලා තේරුම් ගන්න මේ රට පාලනය කරපු... පාලනය කරන ගොන් පාලකයින්ට තවමත් බැරිව ගිහිල්ල...

:       0       0

විජිත් Saturday, 24 July 2021 10:57 PM

කෘෂිකාර්මික සහ අධිතාක්ෂණික සරසවියක් චීනෙන්..? ඒවායේ කරන්නේ කුමක්ද..? අධිතාක්ෂණය යොදවන්නේ කුමකටද..? යොදාගන්නා අමු ද්‍රව්‍යය මොනවද? අපද්‍රව්‍ය කළමනාකරණය කරන්නේ කෙසේද..? විකිරණශීලි සමස්ථානික යොදාගන්නවද..? ජෛව විද්‍යාත්මක පරීක්ෂණ කරනවද? අධිතාක්ෂණය යොදාගන්නේ වෙනත් රටවල ඔත්තු බැලීමටද? කෘෂිකාර්මික අංශයෙන් ජාන විකෘති කිරීමේ, සංස්කරණය කිරීමේ ක්‍රියාවලින් කරන්නේද? එහෙනම් ස්තුතියි, එ්ත් අපිට එපා ඔය "මරාල"..!!! අපි අපේ වැඩක් කර ගන්නම්... එහෙම කියන්න තරම් කොන්දක් තියෙන "මිනිසෙක්" අපේ පාලකයා වෙන්නේ කවදාද..? ජනාධිපති වෙන්නට පෙර මාස 3 ක් චීනෙට අරගෙන ගොස් චීනා විසින් "බ්‍රේන් වොෂ් " කරපු ගෝඨාභය වැන්නෙකුගෙන් බලාපොරොත්තු විය හැක්කේ මෙන්න මෙහෙම පිළිතුරකි.." හරි හරි ගේන්න ගේන්න ඕන දෙයක් මෙහෙ හදන්න. නිෂ්පාදනය කරන්න. පරීක්ෂණ කරන්න.. ඔයගොල්ලන්ට ඕන දවසක් මෙහෙ ඉන්න. අපේ ඔවුන්ගේ කටවල් වහලා, ඇස් වහලා ගිවිසුම අත්සන් කරමු. ඇමෙරිකාවට ගහන්න බෝම්බ වුණත් හදන්න. ප්‍රශ්නයක් නැහැ. ඇමෙරිකන් කාරයෙක් වුණත් මම වවුලෙක්...!!! ".... මේ ලැබ් එක බළල් අතක්ද..? තවත් එකක්ද..?

:       0       0

මුණසිංහ Sunday, 25 July 2021 10:27 AM

ඉතා වැදගත් වැඩක්... ලංකාවේ කෘෂිකර්මාන්තය දියුණු කරන්න නම් ඒ සඳහා විශේෂ වැඩ පිළිවෙලක් තියෙන්න ඕනෑ. අපිට තායිලන්තය වගේ රටවල පිහිට පැතිය යුතු නැහැ... ඊශ්‍රායලය අධ්‍යයනය කරන්න...

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

කඩුගන්නාවේදී බසයක් ගසක වැදී 9ක් රෝහලට
2024 දෙසැම්බර් මස 21 397 2

තෙල්දෙණිය සිට මහනුවර බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් පාලනය කර ගැනීමට නොහැකිව කඩුගන්නාව ප්‍රදේශයේදී අඹ ගසක හැපී සිදුවූූ අනතුරක


නීතියට පයින් ගැසූ අපේක්ෂකයන්ගේ ලැයිස්තු පොලිසියට
2024 දෙසැම්බර් මස 21 225 0

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී මෙතෙක් අදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ගේ ලැයිස්තු අද හෙටම පොලිසියට ලබා දීමට මැතිවරණ කොමිෂන් සභා


ජනපති ලබන මස චීනයට
2024 දෙසැම්බර් මස 21 564 2

ලබන ජනවාරි මාසයේ මැද තමා චීනයේ සංචාරයක යෙදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


බසයක් පෙරළී තුනක් මරුට:46ක් රෝහලට
2024 දෙසැම්බර් මස 21 1928 0

හැටන් සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (21) මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් තිදෙනකු මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පවසය


හිටපු ඇමැති 15 ක් රට ඇතුළේ උඩින් ගිහින්
2024 දෙසැම්බර් මස 21 2492 7

හිටපු ඇමතිවරුන් 15 දෙනකු පසුගිය කාලයේදී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදාගෙන තිබූ බව ශ්‍රී ලංකා ග


සහල්වලින් කෝටි 430 ආනයන බදු ආදායමක්
2024 දෙසැම්බර් මස 21 1618 4

සහල් ආනයනය සඳහා ආණ්ඩුව අවසරදී තිබූ කාලය වූ ඊයේ ( 20) මධ්‍යම රාත්‍රි වන විට පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික්ටොන් 67000 ක් මෙරටට ගෙන්වා තිබූ බවත් එම සහල් තොග


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 24 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 25 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site