IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


කෘෂිකර්මය කෝටි දෙකේ කුලී බිල්ඩිමෙන් ඉවතට

( +++ සුජිත් හේවාජුලිගේ)

රුපියල් දෙකෝටියකට වැඩි මාසික කුලියක් ගෙවමින්, රාජගිරිය ප්‍රදේශයේ නව මහල් පෞද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන යන කෘෂිකර්ම අමාත්‍යාංශය එතැනින් වහාම ඉවත්කර එම අමාත්‍යාංශය පෙර පවත්වාගෙන ගිය බත්තරමුල්ලේ ගොවිජන මන්දිරයට රැගෙන යෑමට අනුමැතිය ගැනීම සඳහා වූ විශේෂ කැබිනට් පත්‍රිකාවක්  කැබිනට් මණ්ඩලයට අද (18) ඉදිරිපත් කිරීමට නියමිතය.

කුලී මුදල් විශාල වශයෙන් ගෙවමින් පෞද්ගලික ගොඩනැගිලිවල පවත්වාගෙන යන අමාත්‍යාංශ හා රජයේ ආයතන ඒ ස්ථානවලින් ඉවත්කර නැවතත් රජයේ ගොඩනැගිලිවලට ගෙනයෑමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා තීරණය කර ඇති අතර කෘෂිකර්ම අමාත්‍යාංශය එම පෞද්ගලික ගොඩනැගිල්ලෙන් ඉවත් කෙරෙන්නේද ඒ අනුවයි.

කෘෂිකර්ම අමාත්‍යංශය ගොවිජන මන්දිරයෙන් ඉවත් කර රාජගිරියේ මෙම පෞද්ගලික ගොඩනැගිල්ලට රැගෙන ගොස් තිබුණේ 2016 වර්ෂයේදීය.

කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන රාජගිරියේ මේ ගොඩනැගිල්ල වෙනුවෙන් මසකට ගෙවන කුලී මුදල රුපියල් දෙකෝටි හතළිස් දෙලක්‍ෂයකි.

මේ අනුව මේ දක්වා වූ කාලයේදී එම පෞද්ගලික ගොඩනැගිල්ල වෙනුවෙන් ගෙවා ඇති කුලී මුදල රුපියල් අසූහය කෝටි හතළිස් ලක්‍ෂයකැයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසේ.

 

කෘෂිකර්ම අමාත්‍යාංශය, රාජගිරියේ පෞද්ගලික ගොඩනැගිල්ලකට  රැගෙන යෑමට කැබිනට් අනුමැතිය ලබාගෙන තිබුණේ 2015 වර්ෂයේ සැපතැම්බර් මාසයේදීය.

කැබිනට් අනුමැතිය ලැබී තිබුණද ඒ ගොඩනැගිල්ල යථාවත් කර ගැනීමට සිදුවූ හෙයින් අමාත්‍යාංශය මාස අටක පමණ කාලයක් තිස්සේ ඒ ස්ථානයට රැගෙන යෑමට නොහැකි වූ අතර ඒ මාස අටක කාලය වෙනුවෙන් ද කුලී මුදල් ගෙවා තිබූ බව කියති.

මේ ගොඩනැගිල්ල වෙනුවෙන් ගෘහ උපකරණ හා විදුලි සෝපානයක් මිලදී ගැනීම සඳහා ද රුපියල් කෝටි 50ක පමණ මුදලක් රජය වැයකර තිබිණැයි අනාවරණය විය.

කෘෂිකර්ම අමාත්‍යාංශය කලින් පවත්වාගෙන ගිය බත්තරමුල්ල ගොවින මන්දිරයේ මේ වනවිට පාර්ලිමේන්තුවේ ආංශික අධීක්‍ෂණ කාරක සභා පවත්වාගෙන යන අතර ඒ කාරක සභා මේ අනුව නැවතත් පාර්ලිමේන්තුවට රැගෙන යෑමට නියමිතව ඇතැයි දැනගන්නට ඇත.

ආංශික අධීක්‍ෂණ කාරක සභා එහි රැගෙන ඒමට ප්‍රථම ගොවිජන මන්දිරය පිලිසකර කෙරුණු අතර ඒ පිළිසකර කටයුතු සඳහාද රුපියල් කෝටි ගණනක මුදලක් වැය කෙරිණ.



අදහස් (41)

කෘෂිකර්මය කෝටි දෙකේ කුලී බිල්ඩිමෙන් ඉවතට

sachith Wednesday, 18 December 2019 04:32 AM

ඉතාම හොදයි, හැබැයි මේ බොරුවට වියදම් කරපු බිලියන 1.3 මුදල අපහු අයකරගන්න. මේවා කවුරුවත් ගෙදරින් ගෙනාපු සල්ලි නෙවෙයිනෙ.. අහිංසක මිනිස්සු කන බත්පතේ ඉදල ගෙවපු බදු සල්ලි..

:       1       661

NishanWednesday, 18 December 2019 12:28 PM

අය කරගන්න වෙන්නෙත් මේ ආණ්ඩුවේම ඇමැතිලාගෙන් තමයි. ඒ ගනුදෙණු කරපු ඇමතිලා දැන් මේ ආණ්ඩුවෙත් ඇමතිලා...

:       0       0

Janahitha Saturday, 21 December 2019 02:42 AM

මේ ගනුදෙනුව මිතුරියක් වෙනුවෙන් සම්පූර්ණ සහයෝගය යහපාලනයට එකතු වුණු ශ්‍රීලනිපයේ දේශපාලකයින් රටින්ද පන්නා දමව්....

:       0       0

nuwan battaramulla. Wednesday, 18 December 2019 04:38 AM

තමන්ගේ හෝ හිතමිතුරන්ගේ ගොඩනැගිලි රජයට කුලියට දීල සාක්කු පුරවා ගන්න ක්‍රමය දේශපාලකයෝ කාලයක සිට කරනවා. පහුගිය අවුරුදු 20 කට වැඩිය පාස්පෝර්ට් කන්තෝරු පවත්වාගෙන ගියේ එවැනි ගොඩනැගිලිවල. දැන් රජයට මුක්කු ගහපු හිටපු කෘෂිකර්ම ඇමැතිත් කලේ ඒක. සෙත්සිරිපාය අලුත් ගොඩනැගිලි අපි රජයේ කියල හිතුවට ඒවගේ කුලිය යන්නෙත් හෙන්චයියන් දාල හදාගත්තු සමාගම් වලට කියන එකත් බොහෝ දෙනා නොදනී.

:       0       641

DilanWednesday, 18 December 2019 07:05 AM

වංචා දූෂණ චෝදනා නොලද මන්ත්‍රීවරුන්ගෙන් පමණක් ආණ්ඩුව පිහිටුවීම සහ එවන් අයට පමණක් අමාත්‍යධූර ලබාදීමත් ප්‍රායෝගික නොවේ. හේතුව එවන් අය පාර්ලිමේන්තුවේ නොමැති වීමයි. ආණ්ඩුව හැදුවේත් ඇමතිකම් දුන්නෙත් පාර්ලිමේන්තුවේ හිටපු අයට. එසේ නොකර ආණ්ඩුව පිහිටුවන්නේ කොහොමද? කළ හැකි දේ ඔවුන්ගෙන් දූෂණ අක්‍රමිකතා සිදුනොවන ආකාරයට ඔවුන් අධීක්ෂණය කිරීමයි.

:       0       0

සමන් ඕස්ට්‍රේලියාවWednesday, 18 December 2019 10:37 AM

හිටපු කෘෂිකර්ම ඇමැති කෝප්. කමිටුවට කිව්වේ ඒක අගමැති ගේ අදහසක් සහ ඒ පනත කැබිනෙට් එකට ඉදිරිපත් කරෙත් හිටපු අගමැති කියලා.

:       0       0

vidya Wednesday, 18 December 2019 04:41 AM

වැඩේ බොහොම අගෙයි . ටයි සුට් ඇඳගෙන ගොවිතැන් කරන්ඩ බැහැ. හරියට ගොවිතැන් කෙරෙන්නේ දඹුල්ල , අනුරාධපුරය වැනි පළාත් වල මෙම දෙපාර්තුමේන්තුව කුරුණෑගලින් එහාට ගෙනි යන්න ඕනේ . ඔය වැඩ කරන නිලධාරීන් ගොවිපොළවල් වලට,කුඹුරුවලට ,සත්ව ගොවිපොළවල් වලට ගිහින් ගොවින් සමග වැඩ කරන්න පුරුදු කරන්න ඕනේ . එහාකොට තමයි වැඩේ කෙරෙන්නේ .

:       1       432

Ruwan R Wednesday, 18 December 2019 04:59 AM

කාගෙ සල්ලිද .. මේවා අනුමත කරපු මහා එවුන් අත්අඩංගුවට ගෙන අදාල මුදල් නැවත අයකර ගත යුතුයි ..

:       1       438

AjithWednesday, 18 December 2019 06:12 AM

අනුමත කරපු කෙනා දන්නෙම නැද්ද ,එයා ඉන්නේ අනුරාධපුරේ ,දැනුත් ඇමති

:       1       371

Ruwan RThursday, 19 December 2019 04:46 AM

කෙනා කවුරු උනත්, පක්ෂේ මොකක් උනත් නීතිය එකසේ ක්‍රියාත්මක විය යුතුයි.

:       0       0

KrishanWednesday, 18 December 2019 10:13 AM

මේවා අනුමත කරපු කෙනා දැන් ඇමති කෙනෙක් !

:       0       0

Amarapaala Wednesday, 18 December 2019 05:04 AM

කුලියට ගත්ත එකා කෝ දැන් ?

:       1       216

SaadSaturday, 21 December 2019 06:21 AM

දුමින්ද දිසානායක දැනුත් මිනිස්ටර් කෙනෙක් නේද?

:       0       0

Ramani Wednesday, 18 December 2019 05:07 AM

ජයවේවා. හැබැයි දුමින්දට රිදිලා ආපහු යන්න ඉඩ තියෙනවා. ඔන්න ඔහේ ගියදෙන්. ඕනනම් තනියට දයාසිරිවත් අරන් යන්න.

:       0       354

Uditha - London Wednesday, 18 December 2019 05:20 AM

රටටම කන්න දෙන්න තිබ්බ ඒ සල්ලි වලින්,, කාවද මෙහෙම පොහොසත් කරන්නේ? මොකක්ද මෙහෙම තැනකට විශාල මුදලක් වැය කරලා ලබපු ප්‍රති ලාබෙ...

:       0       223

SL Wednesday, 18 December 2019 05:23 AM

තව බිල්ඩිමකට යන්න තව ත් බඩු , විදුලි සෝපාන ගන්න වෙයිද ? මේ බිල්ඩිමම සල්ලි වලට ගත්තනම් හොඳයි වගේ ???

:       158       29

Mahesh Wednesday, 18 December 2019 05:26 AM

මේ මුදල් නාස්තිය කල රනිල්ව වහා අත්අඩංගුවට ගත යුතුය. බොන්ඩ් වන්චාවේ මහමොලකරුද ඔහුය. ඔහුගේ ප්‍රජා අයිතියද අහෝසි කල දැමිය යුතුය.

:       192       813

Jayantha Wednesday, 18 December 2019 05:49 AM

ඕක කුලියට ගත්ත එකා මේ ආණ්ඩුවේ රාජ්‍ය ඇමති කෙනෙක් නේද.

:       3       387

NishanWednesday, 18 December 2019 12:37 PM

ඔව් ජනාධිපතිතුමා එයාගේ අනුරාධපුර ගෙදරටම ගිහින් කතා කලේ...

:       0       0

LebbeWednesday, 18 December 2019 03:19 PM

ඡන්දේ තියෙනකල් මාස 3 කට විතරයි.

:       0       0

arunaThursday, 19 December 2019 04:26 AM

අරගෙන තිබුනේ හිටපු අගමැතිගේ කැබිනට් පත්‍රිකාවකින් ඔහු හරහා .....

:       0       0

jagath Wednesday, 18 December 2019 06:01 AM

මේ අර අරයගෙ බිල්ඩිම නේද ? 2015 චන්දෙට වියදන් කරපු මුදල් ඔය බිල්දිමෙන් තමයි ගත්තේ එහෙනම්

:       0       176

eresh S kumara Wednesday, 18 December 2019 07:00 AM

හොද වැඩේට හොදයි කියන්න ඕනි

:       0       141

Akila Wednesday, 18 December 2019 07:01 AM

පහුගිය රජයේ 2 වෙනි ලොක්ක තමන්ගේ ගොලයෝන්ට ඕනේ ඕනේ විදිහට නාස්ති කරන්න සල්ලි බෙදුවේ හරියට සෙල්ල කතරගම දොදොල් සාම්පල් දෙනවා වගේ . ඒ ඔක්කොටම ඉඩදීලා මහජනතාව අතරට ඇවිල්ල කියුවේ රට කරන්නයි ණය ගෙවන්නයි සල්ලි මදි තව ණය ගන්න ඕනේ කියල.

:       1       272

NishanWednesday, 18 December 2019 12:32 PM

දෙවෙනි ලොක්කගේ නෙවෙයි, පළවෙනි ලොක්කගේ අනුරාධපුරේ ගෝලයයි ඒක කලේ... ඒ ගෝලයා දැන් මේ ආණ්ඩුවෙත් ඇමති කෙනෙක්...

:       0       0

vipula Wednesday, 18 December 2019 07:21 AM

මේවගේ වැඩ යලි නෙකෙරෙන්න නීති සම්පාදනය කරන්න ඕනේ. දේශපාලනයෙන් හම්බ කිරිල්ල නවත්වන්න දැඩි නීති ගෙන්න ඕනේ. මේ ඔක්කොම අන්තිමට ගෙවන්න ඕනේ සාමාන්‍ය ජනතාව. මේවා මහා හෙන ගහන වැඩ.

:       0       0

Ananda Wednesday, 18 December 2019 07:39 AM

මහජන මුදල් කොල්ල කකා තව තව ණය අරන් රටේ මිනිසුන්ව ණය කරපු දේශපාලුවෝ. මේ අයට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන්න ඕන . .

:       0       0

lalithm Wednesday, 18 December 2019 07:47 AM

මොනවා කිව්වත් අපේ රටේ සල්ලි. පුද්ගලික වේවා ආණ්ඩුවේ වේවා අන්තිමේදී ඕවට යන මුදල් වලින් වැඩිපුර කොටසක් විදෙස් විනිමයට අදාලයි. අලුත් තැනකට යන්න වියදම් කරන්න ගියත් අවශ්‍ය විදියට වෙනස් කරන්න වියදම් කරන්නේ අපේ රටේම සල්ලි තමා. ඒ විදියට බැලුවොත් සාකච්චා මාර්ගයෙන් කුලිය අඩු කරගෙන හෝ ගිවිසුම් කාලය ඒ බිල්ඩිමේම ඉන්න එක වාසි නැතිද?

:       0       0

Nuwan Wednesday, 18 December 2019 07:54 AM

ලෝකේ මහා විහිළු තරගය කියල එකක් තිබ්බොත් ලංකාව පළවෙනිය වෙනවා මොකද කෘෂිකර්ම අමාත්‍යංශ බිල්ඩිමකට මාසෙකට කෝටි ගණන් කුලී ගෙවන්නත් ගොවියා යටිතල පහසුකම් නැතිව කුබුරු ගොවිතැන් අතහරින තත්වයට පත් වෙලා තියෙන ලෝකෙන් එකම රට මේ සිරි ලංකාව. ඒ වගේ අක්‍රමිකතාවක් කොරපු පුද්ගලයෙක් ආණ්ඩුවේ රාජ්‍ය ඇමති කෙනෙක් වීම තමා අනෙක් ලෝක පුදුමය. මොක උනත් හැමදාම කියනවා වගේ මේ අසිරිමත් රට කෑවේ දේශපාලුවෝ!

:       0       0

Buddi Wednesday, 18 December 2019 08:35 AM

නෙවිල් ප්‍රනාන්දු රෝහලට ගෙවන ගානත් නවත්තලා දාන්න

:       0       0

disanayaka Wednesday, 18 December 2019 08:37 AM

මේවා තමයි වැඩ. තව කොපමණ අමාත්‍යංශ තියෙනවද මේ මගේ කුලී ගෙවන.

:       0       0

Darshana Wednesday, 18 December 2019 08:42 AM

කොහොමද කලින් තිබුන යහපාලන ආණ්ඩුවේ වැඩ ........

:       0       0

කපුරුහාමි Wednesday, 18 December 2019 09:03 AM

මෙතරම් ලොකු කුලියක් ගෙව්වේ හරියට තමුන්ගේ අම්ම අප්පගේ බූදලෙන් කියලා හිතාගෙන වෙන්න ඇති... ජනතාව ගසාකාපුවා. අපි නොදන්නවට තව මේ වගේ දේශපාලුවන්ගේ හිතවත්කම් වලට දීපුවා ඕනහැටියේ ඇති...

:       0       0

ලුම්බිණි Wednesday, 18 December 2019 09:57 AM

මෙම ගොඩනැගිල්ල ගන්න ගිසුම් එහෙම අත්සන් කරලා තිබෙනවා නම් ගිවිසුම අවසන් වෙන තුරු කුලිය ගෙවන්න වේවි.

:       0       0

නෙවිල් Wednesday, 18 December 2019 10:03 AM

මෙම ගොඩනැගිල්ල ගැනීම ගැන ජනාදිපති කොමිෂමෙනුත් විභාග කළානේ. රනිල් ( අමාත්ස‍ය මණ්ඩල සංදේශය මෙයාගෙනේ) හා දුමින්ද කැඳෙව්කවානේ. බලමු මොකද වෙන්නේ කියලා. ගොඩනැගිල්ලෙන් කලින් ගියොත් ගිවිසුම ප්‍රකාර වන්දි ගෙවන්නත් වෙයිද ?

:       0       0

Hafeel Wednesday, 18 December 2019 11:03 AM

අනේ දුමින්දට වෙච්ච දේ.

:       0       0

jayantha Wednesday, 18 December 2019 12:54 PM

පැතූ වෙනස....

:       0       0

තිලින කමල් Wednesday, 18 December 2019 01:23 PM

ඒක ඒ වුණාට අසාධාරණයි. ගිවිසුම් කාලය ඉවර වුණාම කරන්න තිබුණු වැඩක්...

:       0       0

dilal Thursday, 19 December 2019 05:24 AM

හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියත් හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාත් රාජ්‍ය ආයතන සඳහා රජයේ ගොඩනැගිලි ඉදිකරීම් ආරම්භ කල නමුත් බලය මාරුවන විට ඒවා වෙනස් වුනා. එනිසා වත්මන් ජනාධිපති ගෝඨාභය මැතිතුමාගේ කාලය නිමවෙන්න පෙර රාජ්‍ය ආයතන සඳහා අවශ්‍ය ගොඩනැගිලි සදා නිමකරන්න. ගොඩනැගිලි කුලිය වශයෙන් දැනට ගෙවන විශාල මුදලක් රජයට ඉතිරිකරගත හැක.

:       0       110

සත්‍යපාල Thursday, 19 December 2019 02:18 PM

එතකොට මේකට මොකද වෙන්නේ? නව ජනාධිපතිතුමා ඒ ගැන සලකා බලයි වගේ...

:       0       0

කුමාරි Friday, 20 December 2019 08:33 AM

අපේ රටේ අහිංසක ගොවි ඡනතාව එදා වේල කන්න නැතිව දුක් විඳිනවා. ඒවා හොඳටම දැන දැන ඒ් මිනිස්සුන්ගේ දහඩිය දුක් කඳුලු එක්ක සෙල්ලම් නටන ධනපති පන්තියේ ඉන්න මේ හොරුන්ට කළකම් පල දෙනවා. එතකොට හැංගෙන්න තැනක් හොයාගන්න බැහැ.

:       0       70

ඔබේ අදහස් එවන්න

 

දියත

රුපියල් 372 හෘද ඖෂධය 72,000ට අරන්?
2025 මාර්තු මස 13 68 0

හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.


වැලිවේරියේ වෙඩි තැබීමක්
2025 මාර්තු මස 13 182 0

වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි


ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා
2025 මාර්තු මස 13 745 0

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද


නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු
2025 මාර්තු මස 13 774 0

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු


වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්
2025 මාර්තු මස 13 1030 0

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ


‘‘අප හැම තිස්සේම ජනතාව පැත්තේ හිට ගන්නවා‘‘
2025 මාර්තු මස 13 239 0

මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 196 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 454 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site