IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


කෘෂිකර්ම නව ගොඩනැගිල්ලේ ඉඩ පහසුකම් වල අඩුවක්

( තිළිණි ද සිල්වා )

ගොවිජන මන්දිරය අතහැර දමා⁣ කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරියේ පිහිටි නව ගොඩනැගිල්ලට  පැමිණියද එම ගොඩනැගිල්ලේ ඉඩ පහසුකම් අඩුවක් තිබුණේ යැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් හිමාලි හඳුන්හේවා මහත්මිය ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්කි දෙමින් අද (08) පැවසුවාය.

ඇය මේ බව සඳහන් කරනු ලැබුවේ  කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රුපියල් මිලියන 21 කට නව ගොඩනැගිල්ලක් කුලියට ගැනීමේදි සිදුව ඇතැයි කියන වංචාව හා රජයට සිදුව ඇතැයි කියන පාඩුව සම්බන්ධයෙන් එම ජනාධිපති කොමිසම වෙත ලැබුණු පැමිණිල්ලක් විභාගයට ගත් අවස්ථාවේදී දෙවැනි වරටත් කොමිසම හමුවේ සාක්කි ලබා දෙමිනි.

විශාමලත් ශ්‍රේඨාධිකරණ  විනිසුරු  උපාලි අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු පස් පුද්ගල කොමිෂන් සභාව හමුවේ වැඩිදුරටත් සාක්කි ලබා දුන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහාකර ලේකම්වරිය කියා සිටියේ ගොඩනැගිල්ලේ පහසුකම් ලබා ගැනීමට , භාණ්ඩ  ආදිය ලබා ගැනීමටත් රුපියල් මිලයන 466 ක මුදලක් ලබා ගත් බවය.

එම මුදල අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් හරහා ලබා ගැනීමට සිදු වූ බව ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරිය කොමිසම හමුවේ සාක්කි දෙමින් කියා සිටියාය.

අදාළ අමාත්‍යාංශ නව ගොඩනැගිල්ලට රජය රුපියල් මිලියන 13.5ක් තක්සේරු කළත් රුපියල් මිලියන 21ට මෙම ගොඩනැගිල්ල මිළදී ගත් බව ලේකම්වරිය කියා සිටියාය.

මෙම පැමිණිල්ලේ වැඩිදුර විභාගය ලබන 23 වැනිදා 9.30ට කල් තැබූ අතර එදිනට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගණකාධිකාරිවරයාටද මේ සම්බන්ධයෙන් සාක්කි දීම සඳහා කොමිසම හමුවේ පෙනී සිටීමට නොතිසි නිකුත් කෙරිණි .

 



අදහස් (6)

කෘෂිකර්ම නව ගොඩනැගිල්ලේ ඉඩ පහසුකම් වල අඩුවක්

මංජු Monday, 08 April 2019 05:20 PM

ඉතින් ගොවිජන මන්දිරේට ගියානං ඉවරයිනේ?

:       0       0

Amila Tuesday, 09 April 2019 01:53 AM

හාමු මහත්තයා මහ බැංකුව සුද්ද කරා වගේ බිල්ඩිමෙනුත් ගසා කෑවා !

:       1       95

උදය Tuesday, 09 April 2019 03:51 AM

අවසානයේ ..... ඇමතිතුමා නිදොස් කොට නිදහස්...... නිළධාරින් වැරදි කරුවන් වේවී. මහජන මුදල් හොරා කන කැත!!!

:       0       75

සේන Tuesday, 09 April 2019 06:04 AM

අවුරුදු පහම මේ මිනිස්සු ගොඩනැගිලි , වාහන හොයයි. ඊළඟට තව එකෙක් ඇවිත් ඒ ටිකම කරයි. රට එන්න එන්නම වල පල්ලට යනවා. එච්චරයි.

:       0       95

kujitha Tuesday, 09 April 2019 06:07 AM

මහජනතාවනි !!! කජු ඇට ද කොස් ඇට ද ??????? මේවා දුප්පත් ජනතාවගේ සල්ලි. බලාගනිල්ල ලබන සැරේ දෙන්ඩ බැටේ ..... හෙන ඉල්ලලා කාලය නාස්ති කරන්ඩ එපා පායනවා.

:       0       47

පිටිගල මිලානෝ Tuesday, 09 April 2019 07:58 AM

ඡන්දදායකයිනි මේ දුෂණ මතක තබාගන්න. කුමන ආණ්ඩුවක් කුමන පොරොන්දු දී බලයට පැමිණියත් මේ අවනඩු විභාග කර දැඩි දඬුවම් අදාළ පුද්ගලයින්ට සහ කපටි වංක ස්ත්‍රියට දෙන්න.

:       0       38

ඔබේ අදහස් එවන්න

දියත

අනුර උතුරෙන් සමාව ගත යුතුයි
2024 සැප්තැම්බර් මස 08 44 0

අනුර දිසානායක යාපනයට පැමිණ කළ තර්ජනකාරී ප්‍රකාශය සම්බන්ධයෙන් උතුරේ ජනතාවගෙන් වහාම සමාව ගත යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ ජන රැළ


‘‘අපේ ඇමැති මණ්ඩලය 25යි‘‘
2024 සැප්තැම්බර් මස 08 54 0

එළබෙන 21 පසුව අපි පිහිටුවන රජයේ විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් තමයි අපි හදන්නේ. එයට 25 දෙනයි. රාජ්‍ය ඇමතිවරු නැ . නියෝජ්‍යය ඇමති විතරයි. ඒ ඒ විෂයට අදාල ක්ෂේත්‍රය


ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 745 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 207 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 620 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 144 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site