IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ක්ෂමා සංවිධානය මරණ දඬුවමේ ආදීනව ගැන කියයි

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම සහ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අපරාධ අඩු නොවන බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සඳහන් කරයි. 

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ජාත්‍යන්තර නීති සහ තත්ත්ව උල්ලංඝණය කරන බවත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් අපරාධ අඩු  කළ නොහැකි බවත් එම සංවිධානය කියයි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිය නවතම වාර්තාව ප්‍රසිද්ධියට පත් කරමින් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය එම කරුණු සඳහන් කර ඇත. “ශ්‍රී ලංකාව : මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ඇති සූදානම නවතා දමන්න” යනුවෙන් එම වාර්තාව නම් කර තිබේ.

මරණ දඬුවම ක්‍රියාත්මක කර ඇති රටවල තත්ත්වය දෙස බැලීමේදී මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අපරාධ නැවැත්වීමට උපකාරී නොවන බව පෙනී ගොස් ඇති බවත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් අසාධාරණ නඩු විභාගවලින් සුළු ජාතික ජන කොටස් සහ අඩු, අවවරප්‍රසාදිත සහ ප්‍රතිලාභ නොලත් පහළ සමාජ ආර්ථික පසුබිම්වලින් පැමිණෙන ජනතාව පීඩාවට පත්වීමේ අවදානමක් ඇති බවත් එම සංවිධානය පෙන්වාදෙයි. 

“මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් මත්ද්‍රව්‍යවලට සම්බන්ධ අපරාධ අඩු වෙන්නේ නැහැ. මරණ දඬුවම විසඳුමක් නෙමෙයි. එසේ වුවත් අසාධාරණ නඩු විභාගවලින් අහිංසක මිනිසුන් පීඩාවට පත්වීමේ අවස්ථාවක් තිබෙනවා. ප්‍රතිලාභ නොලත් අඩු සමාජ ආර්ථික පසුබිම්වලින් පැමිණෙන ජනතාව වින්දිතයන් බවට පත්වීමේ අවදානමක් තිබෙනවා” යැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ දකුණු ආසියානු කලාපයේ අධ්‍යක්ෂ බිරාජ් පට්නායක් සඳහන් කළේය. 

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අපරාධ මැඬලීමට හේතුවක් නොවන බවත් මරණ දඬුවම තහනම් කිරීමෙන් අපරාධ වැඩි වී නොමැති බවත් සංඛ්‍යා දත්තවලින් පෙනී යන බව ද ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය  සඳහන් කරයි. කලින් මරණ දඬුවම ක්‍රියාත්මක කළ එහෙත් පසුව මරණ දඬුවම අහෝසි කළ රටවල සංඛ්‍යා දත්ත සැලකීමේදී මරණ දඬුවම අහෝසි කිරීම අපරාධ වැඩි වීමට හේතු වී නැතැයි ද ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.  

055

 



අදහස් (17)

ක්ෂමා සංවිධානය මරණ දඬුවමේ ආදීනව ගැන කියයි

Raveendra Wednesday, 03 April 2019 03:17 PM

අපට නම් වැඩක් නැහැ තුවාලේ තියෙන්නේ අපේ ඇගේ. ඉතින් වේදනාව දැනෙන්නේ අපිට. ඔයාලට නොවේ. ඉතින් තමන්ගේ වැඩක් බලාගන්න. ඔයාලා මෙහෙම යෝජනාවක් ගෙනාවා නම් සියලුම රටවැසියා එකහෙලා කැමති වෙනවා. බැරිද ඕගොල්ලොන්ට මේ අපේ තුවාලේ ඇගේ තියාගෙන අපි වෙනුවෙන් ඒ වේදනාව විදින්න? සරලව කියනවා නම් ඔය මරණෙට නියම වෙලා තියෙන විශේෂයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරයෝ තමන්ගේ රටවලට අරගෙන ගිහින් පුරවැසිභාවය දීලා එහෙම පදිංචි කර ගන්න. අපි එක පයින් කැමති මොකද කියන්නේ වැඩේට කැමතිද?

:       496       460

Wasanthi Wednesday, 03 April 2019 03:26 PM

මරණ දඩුවම ගේනවා නම් එම දඩුවම නියම වී ඇති සියලු දෙනාට එය කල යුතුයි. එසේ නැතිව ජනපතිට උවමනා අය පමණක් එල්ලා මැරීමට විරුද්ධ විය යුතුයි.

:       15       249

chandima Wednesday, 03 April 2019 04:36 PM

මේ එකෙක් මරණ එකේ ආදීනව කියන්න සංවිධාන එමටයි. නමුත් ඒ එකා තව දහස් ගණනක් මරා දන එක ගැන කියන්න එක සංවිධානයක්වත් නැහැ.

:       0       0

chinthaka Wednesday, 03 April 2019 05:21 PM

කෝ ඉතින් ඕක ඔප්පු කරලම පෙන්නමුකෝ බලන්න. ඕක පිටිපස්සේත් අර "විධායක ජනාධිපති ක්‍රමය එපා" කියන සෙට් එකත් ඉන්නවද?

:       4       54

Sapumal. Wednesday, 03 April 2019 05:23 PM

ලොව සමහර බලගතු රටවල් ගුවනින් මිසයිල යවා කරනු ලබන මරණ දඬුවම් වලට මේ අය නිහඬයි. ඒවා ගැන කිසි කතාවක් ඇත්තේම නැහැ. අපේ රටේ ඒවාට පමණක් ඔය බොරු කතා ඕනේ නැහැ. වරදට දඬුවම අවශ්‍යමයි. නැතුව රටක් හෝ මිනිහෙකු හදන්නට බැහැ. ඒ නිසා කුඩු හා පාතාල වැඩ වලට නිසි දඬුවම් අත්‍යාවශ්‍ය අපට අපේ රටේ නීතිය හා අධිකරණය තියෙනවා. ඒවා අපට ප්‍රමාණවත්. අපට පිටස්තර අයගේ අන්තගාමී උපදෙස් අවශ්‍ය නොවේ.

:       1       241

Bangomunu.Thursday, 04 April 2019 02:19 AM

මානව හිමිකම් කාරයන්ට කඩේ යන,ඒ අය ඔලුවේ තියන් සිටින,නිකරුනේ අනුන්ට චෝදනා කරන, එක්වරම අහසින් පාත්වූ මන්ද මානසික අය මේවා කියවනවාද දන්නේ නැහැ.

:       1       26

Aris Wednesday, 03 April 2019 05:34 PM

නොමරා මරණ දඬුවම් දියහැකි සිරගෙයක් නගරයෙන් පිට ඉදිකොට මොවුන් රඳවා තබන්නේ නම් හැමෝටම ඇහුම්කන් දුන්නා ලෙස එය පෙන්විය හැක.

:       0       0

Nihal Wednesday, 03 April 2019 06:01 PM

මේ අය මේවා සිංගප්පූරුවට නොකියන්නේ වර්ග කිලෝමීටර් 721 ක කුඩා රටක් වුනත් ආර්ථිකය බලවත්නේ...

:       0       227

ranjith Wednesday, 03 April 2019 11:08 PM

කුඩු සල්ලි වලට කරන සංවිධාන කෝ මුන් කතා කරනවද අපරාද ගෙන අපරාද අඩුකරන්න සහයෝගය දුන්නනම් දඩුවම් අඩුවෙනවනේ මුන්ගේ..... කතන්දර වැඩක් නෑ අපේ රටේ ගෙනියන වැඩ පිළිවෙලට ඇත දන්නා....

:       0       4

sarath Thursday, 04 April 2019 01:41 AM

මේ අයට අහුවෙන කුඩු වලින් ටික ටික බොන්න දෙමු .මොකද අපේ දරුවන්ට කුඩු පොවපුවහම ,ඒවාට ඇබ්බැහි කරපුවහම ඒ දරුවන්ගේ පවුල් වලට දැනෙන වේදනාව මොවුන්ටත් මොවුන්ගේ පවුල් වලටත් දැනෙන්න ඕනේ

:       0       8

සමන් Thursday, 04 April 2019 03:22 AM

අනේ ඇත්තට, කවුද ඔයාලගෙන් ඇහුවේ? නිකන් ණයට කහින්නේ නැතුව ඉන්න මහත්තයෝ.

:       0       215

akila Thursday, 04 April 2019 03:50 AM

මේ වගේ ලොකු ලොකු සංවිධාන වලට ආදාර දෙන්නේ කවුද කියලා හොයල බැලුවොත් ලෝක ප්‍රසිද්ධ කුඩු ලොක්කෝ ඇති

:       0       87

ලුම්බිණි Thursday, 04 April 2019 05:05 AM

මරණ දඬුවම ගෙන් ආ පමණින් මත් කුඩු ප්‍රශ්නය ඉවර වෙන්නේ නැහැ. මරණ දඬුවම තිබෙන රටවල අපරාධ අඩු බවට සාක්ෂි ඇත්තෙත් නැහැ. අපරාධ වලට දඬුවම් තිබිය යුතු නමුත් මරා දැමීම පිළිගත නොහැකි දෙයක්. වෛරයකින් කිසිදා යහපතක් නොවෙයි.

:       33       74

BamunuarachchiThursday, 04 April 2019 10:26 AM

මරණීය දණ්ඩනය දෙන්නේ වෛරයක් නිසා නොවෙයි සමාජයට කල දරුණු අපරාදයකට දඬුවමක් වශයෙන්. ඉන් සමාජයට මෙහෙයක් වීමටනම් මරණීය දණ්ඩනය ප්‍රසිද්දියේ හිස ගසා දැමීම වගේ දරුණු විය යුතුය. ගල් ගසා මරනවානම් තවත් හොඳය.

:       3       16

kumarage Thursday, 04 April 2019 05:26 AM

මේ සංවිධානේ දුවන්නේ කුඩු සල්ලි වලින්ද, නැත්නම් මේකේ අයිතිකාරයා, කුඩු ව්‍යාපාරිකයෙක්ද...මුන් කැමති නෑ මේ වගේ ව්‍යාපාර නවතිනවට...

:       29       31

පිටිගල මිලානෝ Thursday, 04 April 2019 06:26 AM

මේ අය කුඩු වලින් වන ආදීනව ගැන දන්නේ නැතුව ඇති.

:       0       4

Sriyal Thursday, 04 April 2019 06:59 AM

දැන් ද ඇස් ඇරිලා තියෙන්නේ. එතකොට රටට, සමාජයට කෙලවෙලා තියෙනවා නේද? ඒවා මානව හිමිකම් නොවේද?මොවුන් කුඩු කාරයන්ගේ සල්ලි වලට තමයි නෑ ගහන්නේ. කලිනුත් ඔහොම කතා කලාද? කීයක් දුන්නද?

:       0       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 633 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 176 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 520 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 131 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1762 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 184 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site