IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


කොස්ගොඩ තාරක පොලිස් වෙඩි පහරින් මරුට

(ඉන්දිකා රාමනායක,පුෂ්පකුමාර මල්ලවාරච්චි, සහ ආනන්ද ඊ ජයකොඩි)

දකුණු පළාතේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන ධර්මකීර්ති තාරක විජේසේකර හෙවත් කොස්ගොඩ තාරක නැමැත්තා අද අලුයම මීරිගම රේන්දපොළ ප්‍රදේශයේ ඇති ඇතිවූ පොලිස් වෙඩි හුවමාරුවකදි මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන තිබූ අතර පොලිස් නිලධාරීන්ගෙන් මිදී පළා යාමට උත්සාහ කිරීමේදී මෙම වැඩි තැබීම සිදුව ඇති බවද හෙතෙම කියයි.

සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ හෙළි වූ තොරතුරු අනුව පොලිස් නිලධාරීන් ඔහු රේන්දපොළ ප්‍රදේශයට රැගෙන යාම ගිය අවස්ථාවේ මෙය සිදු වු බවද පොලිසිය පවසයි.

මෙහි දී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ද තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇත .

 

 


ප්‍රබල අපරාධ කල්ලි නායකයකු වු කොස්ගොඩ තාරක නැමැත්තා මීරිගම පොලිසිය හා සිදු වු වෙඩි හුවමාරවකදී මියගිය බව පොලිසිය කියයි.

 

 



අදහස් (33)

කොස්ගොඩ තාරක පොලිස් වෙඩි පහරින් මරුට

Raveendra Thursday, 13 May 2021 01:01 AM

"මෙවන් අය" නිසා අහිමුවූ ජිවිත, විනාශවූ පවුල්, දුෂනයවූ ස්ත්‍රීන් වෙනුවෙන් කිසිදු හඩක් නොනැගු අය මේ මරණය පිලිබදව අසාධාරණ යයි NGO කෑමොර දෙනු නියතය.

:       0       0

කල්ප - කැනඩාව Thursday, 13 May 2021 01:31 AM

කොස්ගොඩ තාරක කියන්නෙ දකුණු පළාතටම පිළිකාවක් වෙලා උන්නු මහා අපරාධකාරයෙක්.

:       0       0

ජේ පී ආර් කරුණාරත්න Thursday, 13 May 2021 01:54 AM

පාස්කු වින්දිතයන්ට මේ වගේ පොලීසියකින් සාධාරණයක් බලාපොරොත්තු තැබිය හැකිද?

:       0       0

sancharana Thursday, 13 May 2021 02:13 AM

නිවන් සුව

:       0       0

Kamal Thursday, 13 May 2021 02:30 AM

මොවුන් සමග සම්බන්ධකම් ඇති දේශපාලකයන්ගේ නම් හෙලිදරව්වීම වලක්වන ක්‍රමය තමා මේ.

:       0       0

Jay Thursday, 13 May 2021 02:33 AM

මේ වෙලාවේ මිනිස්සුන්ගේ ඔලු ටික වෙනස් කරන්න මෙහෙම ප්‍රවෘත්ති එන එකත් හොඳයි

:       0       0

සමන් - ඕමානය Thursday, 13 May 2021 02:38 AM

හොඳ ප්‍රවෘතියක්. මෙම පිළිල සමාජයේ යහපත තකා ලෝකෙන්ම තුරන් කළ යුතුයි. මෙය අනෙකුත් පාතාලයින්ටද හොඳ පාඩමක්. ශ්‍රී ලංකා පොලිසියට මගේ උපහාරය...

:       0       0

Prasad Thursday, 13 May 2021 02:44 AM

එකම පිටපත වුණාම මිනිස්සු සැකකරනවා. ඒක නිසා ඊළඟ එකේදී පිටපත වෙනස් කරන්න. දෙමළ, හින්දි චිත්‍රපටියකින් බලාගන්න පුළුවන්..

:       0       0

VIN Thursday, 13 May 2021 02:50 AM

ඊයේ රෑ7.45ට මේ දේ සිදුවන බව වෙබ් අඩවියක වාර්තා කර තිබුණා. කුමට මෙරට අධිකරණය.. නිතිය හා විනිසුරුවන්..

:       0       0

Porolis Appuhamy. Thursday, 13 May 2021 02:56 AM

දෙවනි රැල්ල ඇරඹුණා

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 13 May 2021 03:04 AM

මෙවන් දරුණු අපරාධකරුවන් හට අනිවාර්යයෙන්ම හිමිවන්නේ මෙවැනි ඉරණක්මය. ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති හොඳ තැන් වලින් රිංගායමින් රටට ව්‍යසන හා භීතිය ගෙනෙන මොවුන්ට නිසි දඬුවම් හිමිවිය යුතුමයි. මොවුන් කිසිදා හිරේ විලංගුවේ දමා හැදිය හැකි කොටසක්ද නොවේ. දැන් ඉතින් අපරාධකාරයන්ගේ පැත්තට ආවඩමින් සමහර දෙනා බනීවි පොලීසියට. උසාවියෙන් හිරගෙදරින් හැදෙන්නේත් නැතිනම්, මෙහෙම තමයි වෙන්නේ. මේ මියගොස් සිටින්නේ දරුණු අපරාධ කරුවෙකු විනා අහිංසක සිල්වත් මිනිසෙකු නොවේ. මොවුන් වැනසූ ජීවිත හා ඒ වෙනුවෙන් දුක්විඳින හා ගිනි උහුලන තවත් නිහඬ සිත් සතන් කොපමණ මේ රටේ ඇතිද ? ඉතින් මේ අයට ඒ දුක්ගිනි පත්තුනොවී තියේවිද ?

:       0       0

sharm warn Thursday, 13 May 2021 03:17 AM

මීට වඩා හොඳ කතාවක් කියන්නම බැරිද? මේක දැන් රටේම විහිළුවක් වෙලා තියෙන්නේ

:       0       0

janaka Thursday, 13 May 2021 03:39 AM

කොරොනා වසන්ගතයට ගොදුරුවි මිය යන අහින්සක මිනිසුන්ගේ සංවේගදායක පුවත් ඈසෙන මෙවන් කාලසීමාවක, කනට මියුරු සිතට දෑනුනු තවත් සොදුරු පුවතක්. ඊයෙ එකක් ඉවරයි. අද මූ. ඉතිරි වෙලා ඉන්න අනෙක් සියලු පාතාල සාමාජිකයනුත් ඔවුන් මෙහෙයවන උන්ද, මෙරට තුල මත්ද්‍ව්‍ය විකුනන, බෙදහරින, ගෙන්වන සියලු දෙනාවද මරා දමා මේ සමාජය යහපත් කිරීමට මෙම නිලදාරියාටද, එවෑනි සිතෑති අනෙකුත් නිලදරින්ටද ආරක්ෂාව, රැකවරණය ලැබේවා.. මුන් වෙනුවෙන් හඩ නගන වුන් සියලු දෙනාව විනාශ වේවා.

:       3       21

Mr. කටකහනවට Thursday, 13 May 2021 04:13 AM

පොඩි ලැසී කවද්ද? කොරෝනා අස්සේ පොලිසිය තවත් සුද්දයක් දෙනවා වගේ...

:       0       0

යාපා Thursday, 13 May 2021 04:15 AM

සිදු වියයුත්ත සිදුවෙමින් පවතී. 3015-2019 කිරි පොවා ඇතිදඩිකළ පාතාලයා අතුගා දැමීමට ගන්නා පියවරට අනාගත පරපුර වෙනුවෙන් මාගේ උත්තමාචාරය.

:       0       0

Neela Thursday, 13 May 2021 04:39 AM

කොස්ගොඩ තාරක අද රාත්‍රීයේ ආයුධ පෙන්වීමට කියා ‍රැගෙන ගොස් වෙඩි තබා මරා දැමීමට නියමිත බව ලංකා ඊ නිවුස් වෙත වාර්තා විය. මීට ස්වල්ප මොහොතකට පෙර කොස්ගොඩ තාරක ‍''හිට් ස්කොඩ්'' එකක් වෙත බාර දී ඇත. තාරක ඝාතනය කර පාතාලයට නව 'ගෝඩ් ෆාදර්' වන්නේ 'කොස්ගොඩ සුජී' ය.

:       0       4

Kumara Thursday, 13 May 2021 05:01 AM

දවස් දෙකට කතා දෙකයි. හැබැයි එකම පිටපත. පුදුමෙ කියන්නෙ ඊයෙ ඌරු ජුවා ගැන දාපු කමෙන්ටුවක් තිබුණා ඊළඟට කොස්ගොඩ තාරක කියන්නේ ඇත්තද? කියලා.

:       0       3

Dasun Thursday, 13 May 2021 05:01 AM

කොස්ගොඩ තාරකව මරන්නේ කොස්ගොඩ සුජිගේ කෝටි ගානක කොන්ත්‍රාත් එකටය. කොන්ත්‍රාත්කරුවන් කවුද යන්න හිතා ගැනීම ඔබට බාරය.

:       0       2

Ganga Thursday, 13 May 2021 05:32 AM

නියමයි සතුටුයි

:       0       0

සෙනවි Thursday, 13 May 2021 05:49 AM

මෙය කල්යල් බලා කල මිනීමැරුමකිද. ඊයේ එක් වෙබ් අඩවියක සඳහන් වුනා මේ පාතාල නායකයා අද උදේ මරුම් කෑමට සිදුවන බව.!

:       0       0

Raveendra Thursday, 13 May 2021 06:37 AM

කෝ මේ ඩොලර් වලින් ජීවිකාව ගෙවමින් මානව හිතවාදී ,මානව හිමිකම් රකින ඈයෝ. සද්දක් නෑනේ

:       14       13

සේනක~ඉතාලිය Thursday, 13 May 2021 07:28 AM

නියමයි පොලිස්පතිතුමණි,අර කන්ජපානි ඉමිරානුයි,පොඩි ලැසියයිත් අවුද පෙන්නන්න ගෙන්න.මෙහෙත් ඉන්නවා ලංකාවේන් පැනලා ඇවිල්ලා හැංගිලා ඉන්න රොබරි කාරයින් හතර පස්දෙනෙක්.

:       20       12

රංජිත් වීරවර්ධන. Thursday, 13 May 2021 08:56 AM

ශ්‍රී ලංකාව නම් ගෝත්‍රිකයින් වෙසෙන දුපතේ ශ්‍රී ලංකා පොලිසියේ මේ තුච්ච මිනීමැරුම් පිළිබඳව ලෝක මානව හිමිකම් සංවිධාන යම්කිසි ක්‍රියාමාර්ගයක් ගැනීම අත්‍යවශ්‍යයි.

:       33       35

සමන් - ඕමානයFriday, 14 May 2021 04:45 AM

රංජිත්, ඔබ ඉපදුනේ කොහෙද කියලා දැනගන්න කැමතියි. ඉන්නේ නම් ලංකාවේ නෙවෙයි වගේ. ඔබ ලියන විලාශයෙන් පෙනෙන්නේ ඔබ දැනටමත් කළු සුද්දෙක් වෙලා කියලා. මේ වගේ පාතාලයින් ගෙන් හිරිහැර විඳින, උන් කරන මිනී මැරුම් දකින, උන්ට කප්පම් ගෙවන, උන් ගැහැණු ළමයින් දුෂණය කරන හැටි පෙනෙන, උන් බෙදා හරින කුඩු වලට ඇබ්බැහි වුන තරුණ තරුණිය සිටින, උන්ට බයේ කතා කරන්නට බැරි, සමාජයක ඔබත් ජීවත් වෙනවා නම්, ඔබ ඔය කියන අදහස වෙනස් වෙයි. මුන් අත්අඩංගුවට ගත්තත්, අපේ "දක්ෂ" නීතිඥයින් නිසා, උන්ට ඇප ලැබිලා හෝ නිදහස ලැබිලා ආයේ සමාජයට ඇවිත්, එහෙම නැතිනම් හිරගෙදර ඉඳගෙනම හෝ තමන්ගේ අපරාධ කරන බව දන්නේ නැද්ද? මේ වගේ සමාජ පිළිල ලෝකයෙන්ම තුරන් කරන ඒක තමයි ඉතාම සුදුසු.

:       1       14

NishanSunday, 16 May 2021 01:57 AM

රංජිත් ඉපදුන තැන අහන්න කලින් ඔබ ඉපදුන තැන කියලා හිටින්න. පොලීසියට බැහැ කෙනෙකුට මරණ දඬුවම තීරණය කරන්න. ඒක කරන්නේ අධිකරණය. පොලීසිය දඬුවම තීරණය කිරීමත් දඬුවම දීමත් කරනවා නම් අධිකරණයක් රටකට අවශ්‍ය නැත. ඒ බව ඔබ තේරුම් ගන්න.

:       0       0

hesa Thursday, 13 May 2021 09:09 AM

ඒවා කොරෝනා ගිනුමට නෙවේ..කල කම් පල දීම්

:       15       15

Ashan Thursday, 13 May 2021 09:24 AM

තාරකට ඕක වෙනව කියල ලංකා ඊ නිව්ස් ඊයෙම කියල තිබුනා.

:       2       24

MS Thursday, 13 May 2021 09:48 AM

අන්තර් ජාලයේ මෙම කතාව 12 වෙනිදා පළකර තිබුනේ මෙන්න මෙහෙමයි. උපුටාගැනීම " පසුගිය අවුරුදු 5 පුරා පාතාල ලෝකයේ අනසක පතුරුවා සිටියේ මාකදුරේ මදූෂ් සහ කොස්ගොඩ තාරක ය. මදූෂ් මේ වනවීට ඝාතනය කොට අවසානය. ඉතිරි වූ තාරක ඝාතනය කරන්නේ පාතාලයට නව 'ගෝඩ් ෆාදර්' කෙනෙකු පත් කිරීම වෙනුවෙනි. තාරකගේ වියෝවත් සමග පාතාලයේ නව 'ගෝඩ් ෆාදර්' බවට පත් වන්නේ 'කොස්ගොඩ සුජී' ය. ඩුබායි හිදී මාකදුරේ මදූෂ් එරට පොලීසියට අල්ලා දුන්නේ සුජීය. තාරක ඝාතනය කරන්නේ සුජී දුන් කොටි ගණනක කොත්‍රාත්තුවක් අනුවය. සුජීට මේ පාර කපා දෙන්නේ බලවතුන් පිරිසකි. තාරකලාට මදූෂ්ලාට දඬුවම් කළ යුතු බව අවිවාදිතය. එය සම්මත ක්‍රියා පටිපාටියට අනුව විය යුතුය. විශේෂයෙන්ම උන්ඩය පිට කළ තාරකලාගේ හස්තයට පමනක් නොව න්‍යාය ක්‍රියාත්මක කළ දේශපාලන ශරීර වලටද දඬුවම් කළ යුතුය. නමුත් බණ්ඩාරනායක ඝාතනයේ පටන් සිදුවන්නේ න්‍යාය ක්‍රියාත්මක කළ දුෂ්ඨ හස්තය ආරක්ෂා කිරීමය. තාරක ඝාතනය ඒවායේ දිගුවකි. ලබන ජුනි මාසයේ මේවා ජිනීවා වලදී ප්‍රශ්න කෙරෙනු ඇත." උපුටාගැනීම අවසන්.

:       4       51

සමන්ත Thursday, 13 May 2021 05:43 PM

ෆැසිස්ට් පාලනයක් පටන් ගන්නේ මේ ආකාරයටය. හිට්ලර් ගේ ගෙස්ටාපෝ පොලීසිය ද පටන් ගත්තේ මේ ආකරයටය. තාරක හෝ මොකා හෝ වැරදි කර ඇත්නම් එය උසාවියේදී බලාගත යුතුය​.අධම දේශපාලකයන්ට හෝ පොලීසියට දඬුවම් දීමේ බලයක් නැත​.

:       0       0

Gihan Thursday, 13 May 2021 06:08 PM

මම මේ ආණ්ඩුවට කැමැති එක හේතුවක්...

:       0       0

Rata Perata Friday, 14 May 2021 06:17 AM

අවනීතික රටක ලක්ෂණ තමයි මේ.

:       0       0

ලුම්බිණි Friday, 14 May 2021 07:29 AM

ලංකාවේ බොහෝ දෙනෙකුට නීතියක් අවශ්‍ය නැත. මේක තේරුම් ගත දේශපාලකයන්, පොලිසිය උන්ට හිතෙන හිතෙන දේවල් කරනවා.

:       6       6

සෙනෙවිරත්න Friday, 14 May 2021 02:12 PM

බෞද්ධ රාජ්‍ය , නඩු නැතිව එල්ලුම්ගස් යවනව. මේවයින් ර⁣ටට වෙන අපකීර්තිය පොලිස්පති දන්නව ද?

:       7       2

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 98 0

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


වී මිල ගැන නිල ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 05 1096 0

රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා


සහල් සැකසීමේ සංකීර්ණ දෙකක් නිෂ්කාර්ය වෙලා
2025 පෙබරවාරි මස 05 314 0

දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ


ග්‍රෑන්ඩ්පාස්-කොටහේන වෙඩි තැබීමට අයෙක් මාට්ටු
2025 පෙබරවාරි මස 05 161 0

ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්


අද කාලගුණය
2025 පෙබරවාරි මස 05 103 0

ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 779 1

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 86 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 736 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site