(ලසන්ත නිරෝෂණ පෙරේරා සහ එස්.එම්.නසාර්)
කසිප්පු ජාවාරමක් ගැන කහවත්ත පොලිස් විශේෂ කාර්ය බළකායට ඔත්තුවක් ලබාදුන්නේ යැයි සැකය මත නිවිතිගල, කිරිබත්ගල වතුයායේ නිවෙසක් ජාවාරම්කරුවන් විසින් සම්පූර්ණයෙන් විනාශ කර ඇතැයි නිවිතිගල පොලිසිය පවසයි.
පසුගිය 11 වනදා පොලිස් විශේෂ කාර්ය බලකායේ කහවත්ත කඳවුරේ නිලධාරීන් විසින් සිදු කළ වැටලිමකදි කසිප්පු මිලි ලිටර් 33750 ක් සහ ගෝඩා මිලි ලිටර් අට ලක්ෂ විසිපන්දහසක් සැකකරුවන් හත් දෙනෙකු සමඟ අත් අඩංගුවට ගෙන තිබේ .
එම සිද්ධියෙන් පසු ප්‍රදේශයේ නිවෙසකට කිසියම් පිරිසක් ප්‍රහාරයක් එල්ල කර තිබේ. ප්‍රහාරය එල්ල කළේ කසිප්පු ජාවාරමට සම්බන්ධව අය බව නිවෙස් හිමි කාන්තාව විසින් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ. නිවෙසට පහරදුන්නේ යැයි කියන පුද්ගලයකුට ද එම නිවසේ පියා සහ පුතා විසින් ප්‍රහාරයක් එල්ල කිරිමෙන් ඔහු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පොලිසිය පවසයි.
එම පහරදිම සම්බන්ධව අදාල නිවෙස් හිමියාද අත් අඩංගුවට ගත් බවත් ඔහුගේ පුතා ප්‍රදේශයේ නැති බව නිවිතිගල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ශක තිවංක බාලසූරිය මහතා පැවසිය.
කෙසේවෙතත් අතුරුදහන් තරුණයාගේ මව පවසන්නේ නිවෙසට ප්‍රහාරය එල්ල කිරිමෙන් පසු මැර කණ්ඩායමක් තම පුතා ලුහුබැඳ ඇති බවයි. එම තරුණයා අතුරුදහන් වු බවට අද 15 වනදා පස්වරුව වන තෙක් කිසිදු පැමිණිල්ලක් ලැබි නැති බව ද නිවිතිගල පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසිය .
ඔත්තුව ලබාදුන් බව කියන අයගේ නිවෙසට සහ එහි තිබු භාණ්ඩ වලට බරපතළ ලෙස හානි කර තිබේ. ඔත්තුදුන්නේ යැයි කියන නිවසේ අය සහ කසිප්පු ජාවාරම්කරුවන් අතර ආරඅවුලක් තිබු බවත් පොලිසිය පවසයි .
පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ
උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න
මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියට පෙර ලබාදුන් අනුමැතීන්ට අනුව කටයුතු කිරීමට රජය කැමැත්තෙන් පසුවන්නේ නම් නැවතත් මෙගා වොට් 484 ක පුනර්ජනනීය බලශක්
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
කසිප්පු ජාවාරමෝ නිවිතිගල නිවසක් වනසති
gag Tuesday, 15 June 2021 06:46 PM
තවත් අතුරුගිරියේ වගේ ඝාතනයක් සිද්දවෙන්න කලින් මේ අහිංසක මිනිසුන් වෙනුවෙන් යමක් කරන්න කියලා බලධාරීන්ගෙන් ඉල්ලමි. ඉතා භයානක තත්ත්වයක්. මොවුන්ට ඉන්න හිටින්නට තැනක් ලබාදි ආරක්ෂාවක් දෙන්න. දැනටම අතුරුදන් වුණායි කියන තරුණ දරුවා හොයන්නට මෙහෙයුමක් දියත් කළාද? ඔහු කොහේද?
fairoos Tuesday, 15 June 2021 07:16 PM
ඒකටනේ අපේ සර් අරක්කු ඔන්ලයින් ඇණවුම් කරන්න පුළුවන් විදිහට කරලා දෙන්න යන්නේ...!!!
Nimal Tuesday, 15 June 2021 08:46 PM
නිවෙස් හිමියා සහ පුතා හිරේ...
බද්රානි Tuesday, 15 June 2021 10:01 PM
මොනා උනත් දේශීය නිෂ්පාදන වලට අකුල් හෙලන එක හොඳ නැහැ. මොකද ඔය ලයිසන් බාර් වල තියන ඒවා ඔයිට වඩා හොඳයි කියලා කාටද කියන්න පුළුවන්
pakeer Wednesday, 16 June 2021 07:15 AM
ජාවාරම් කරුවෝ නෙමෙයිද?
සොයිසා Wednesday, 16 June 2021 07:35 AM
නිවෙස් හිමියා සිර බාරයට. ඔහුගේ පුතා සොයා පොලිස් කණ්ඩායම් සීරුවෙන්. මේවට හිනාවෙන්න නෙවෙයි, මීට අදාළව ක්‍රියා කළ පොලිස් නිලධාරීන්ගේ නම් ගම් ඇතිව එළව එළවා ප්‍රශ්න කරන්න ඕනේ.
Nandana Wednesday, 16 June 2021 03:32 PM
පොලිසිය නිදිද?