(පුෂ්පකුමාර ජයරත්න )
පෞද්ගලික ව්‍යාපාරික ආයතනයක පිහිටි කසල ගොඩකට දැමූ ගින්නක් පැතිර යාමෙන් කුරුණෑගල ආදර්ශ මහා විද්‍යාලයේ පන්ති කාමර දෙකක් සම්පූර්ණයෙන්ම දැවී ගොස් බරපතළ හානියක් සිදුව ඇති බව කුරුණෑගල පොලීසිය පවසයි.
එම ගින්නට හසු වීමෙන් ආදර්ශ මහා විද්‍යාලයට අයත් බාලාංශ පන්ති කාමර සහිත ගොඩනැගිල්ලක පන්ති කාමර දෙකක් මෙසේ විනාශයට පත්ව ඇත.
ආදර්ශ මහා විද්‍යාලය ආසන්නයේ පිහිටි පෞද්ගලික ව්‍යාපාරික ස්ථානයක අබලි ද්‍රව්‍ය තොගයකට ගිනි තැබීමකදී එම ගින්න ඒ අසල පිහිටි පාසලේ ආරක්ෂිත බැම්මේ ඇති සිදුරක් තුළින් පාසල් භූමියට ඇතුළු වී පන්ති කාමර දක්වා ගින්න පැතිර ගොස් ඇති බව කියයි.
පසුව කුරුණෑගල මහ නගර සභාවේ සහායද ලබාගෙන කුරුණෑගල පොලීසියේ මැදිහත් වීමෙන් ගින්න නිවා දැමීමට හැකි වීමෙන් සිදු වීමට ගිය විශාල හානියක් වළක්වා ගැනීමට හැකිවී ඇත.
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සෞදි අරාබි බාහිර වෙළඳ දූත පිරිසක් සමඟ සාර්ථක වැඩසටහනක් පසුගියදා පැව
ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.
වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩ
ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කසල ගොඩේ ගින්න පන්තිකාමර දෙකක් අළු කරයි
බද්රානි Monday, 15 March 2021 10:30 AM
ඒ පෞද්ගලික ආයතනයේ හිමිකරුවා අපේ ඇමතු තුමෙකුගේ හිතවතෙක් නම් එහෙම, ඔන්න ඔහේ අපි ඒ පාසලේ අලාභය ගෙවා දමමු. එහෙම නැත්නම් ඉතින් අල්ලලා හිරේට දාන්න කියලා පොලිසියට බල කරමු.
සුවන්ති වීරසේකර Monday, 15 March 2021 11:47 AM
මලියදේව ආදර්ශ පාසල අසල ඇති එක්තරා හෝටලයකින් කුණු කානුවක් පවත්‍වාගෙන යාමෙනුත් ඒ අවට දුගදයෙන් පිරී ඇත්තේද වසර 15 ක පමණ සිටයි. පාසලක් අවට කුණු රැස්කිරීම ගිනි තැබීම නොකළයුතු බවවත් නොදන්නා ආත්මාර්ථකාමී මිනිසුන්ට දඩුවම් දිය යුතුය.