(විනීතා එම්. ගමගේ)
කසළ ගොඩ ගැසීමෙන් ඇතිවූ කෘතිම කඳු 150ක් දිවයින පුරා ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (අපද්‍රව්‍ය කළමනාකරණ) ඉංජිනේරු උපාලි ඉන්ද්‍රරත්න මහතා පැවැසීය.
උපාලි ඉන්ද්‍රරත්න මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පසුගියදා පැවැති සාකච්ඡාවක දීය.
මේ වනවිට දිරා නොයන හා ප‍්‍රතිචක‍්‍රීකරණය නොහැකි කසළ මෙට්‍රික් ටොන් 500 කට ආසන්න ප‍්‍රමාණයක් දිනපතා රට තුළ ගොඩ ගැසෙන බව ද හෙතෙම සඳහන් කළේය.
නිරන්තර කසළ කඳු වැඩිවෙමින් පවතින අතර ඒවායින් කඳු 5ක් හෝ 6ක් සෑම වසරක් තුළදීම ගිනි ගන්නා බවද ඉන්ද්‍රරත්න මහතා ප‍්‍රකාශ කළේය.
දෛනිකව නාගරික කසළ මෙට්‍රික් ටොන් 10,000ක් එකතු වන අතර එයින් 700 ක් පමණ පොලිතින් හා ප්ලාස්ටික් බව ද ඉන්ද්‍රරත්න මහතා පෙන්වා දුන්නේය. තවත් මෙට්‍රික් ටොන් 100 ක් පමණ ප‍්‍රතිචක‍්‍රීකරන්නන් එකතු කරන බවත් මුහුදු ජලයට මෙට්‍රික් ටොන් 100 කට ආසන්න ප‍්‍රමාණයක් එකතු වූ පසු තවත් ඉතිරි ප‍්‍රමාණය පොළවේ රැඳෙන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
ජල තලයේ වන විනාශය මෙන් පස්ගුණයක විනාශයක් පොළව මත සිදුවන බව පැවසූ ඉන්ද්‍රරත්න මහතා මේ තත්ත්වය 2050 වසර වනවිට ඉතා නරක තැනකට එනු ඇති බව ද කියා සිටියේය.
එක්වරක් පමණක් භාවිත කරන පොලිතින් ප්ලාස්ටික් භාවිතා කිරීම නැවැත්වීම මෙසේ එක් වන කසල ප‍්‍රමාණය අවම කර ගැනීමට ඉතා පහසු ක‍්‍රමයක් බව පෙන්වා දුන් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සමාජයේ සියලූ දෙනා ඒ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බව ද පැවැසීය.
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහව
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
කසළ කඳු 150ක් ශ්‍රී ලංකාවේ