IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


කහපොළ ශාඛ්‍ය ජනපදය කලෑවට යටවෙයි

(ඩයනා උදයංගනී)

පිළියන්දල,කහපොළ ප්‍රදේශයේ ඉදි කළ ශාඛ්‍ය ජනපදයේ කටයුතු අතරමඟ නතර කිරීම නිසා එම භූමිය මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ගේ පාරාදීසයක් බවට පත්ව ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

පිළියන්දල,කහපොල,රෙජිඩේල් වත්තේ අක්කර 78 ක් භූමියක් පුරා රුපියල් කෝටි 50ක වියදමින් මෙම ජනපදය ඉදිකිරීම් ආරම්භ කරන ලද්දේ 2017 වසරේදීය.

2019 වසරේ වෙසක් උළෙල හා සමගාමීව විවෘත කිරීමට සැලසුම් කළත් මේ වන විටත් එහි ඉදිකර පවතින්නේ ප්‍රාකාරය සහ ගොඩනැගිල්ලක් පමණක් බව එම ප්‍රදේශයේ කළ සංචාරකයකදී අපට දක්නට ලැබුණි.

දැනට ඉදිකර ඇති ගොඩනැගිල්ල සුද්ධෝදන රජුගේ රාජමාළිගයේ අනුරුව බව ද සඳහන් වේ. ඉන්දියාවේ දඹදිව ඇති සියලු ආගමික ස්ථානවල ජීවමාන අනුරූ, භාෂා 10කින් ධර්ම ප්‍රචාරය කිරීමේ පහසුකම් සහිත සන්නිවේදන මධ්‍යස්ථාන, එකවර දහසක පමණ පිරිසකට භාවනා කිරීමේ පහසුකම් ආදිය සහිතව සංචාරක ආකර්ෂණය ද දිනාගත හැකි ස්ථානයක් ලෙස මෙය ඉදිකිරීමට සැලසුම් කර තිබිණි.

ශාක්‍ය ජනපදය පදනම් වූ මේ රෙජිඩේල්වත්ත අක්කර 78 භූමියක් වන අතර එම භූමියේ මුල් හිමිකරු කැස්බෑව ප්‍රදේශයේ ජීවත් වූ සමරකෝන් මුදලි නමැති ධනවතෙකි.

ඔහු සිය අවසන් කැමැත්ත මගින් මෙම ඉඩම ද ඇතුළුව තමන් සතු දේපළ විශාල ප්‍රමාණයක් මහාභාරකරුට පවරා ඇති අතර ඒ ඒ ඉඩම් අනාගතයේදී යෙදවිය යුතු කාර්යයන් පිළිබඳව ද ඔහු මහාභාරකරුට ලිඛිතව දන්වා ඇත.

රබර් වගා කළ ඉඩමක් වූ රෙජිඬේල් වත්ත  ආගමික කටයුත්තක් වෙනුවෙන් භාවිතා කළ යුතු බව සමරකෝන් මුදලිවරයාගේ අවසන් කැමැත්ත වී තිබේ.

(ඡායාරූප ශාන්ත රත්නායක)

 

 

 



අදහස් (20)

කහපොළ ශාඛ්‍ය ජනපදය කලෑවට යටවෙයි

Ratnamalala Sunday, 26 September 2021 11:04 PM

විජේදාස රාජපක්ෂ මේක ආරම්භ කරලා අතරමග නතරකලා. රටේ ජනතාවගේ සල්ලි මෙහෙම නාස්තිකරන්න පුලුවන්ද?

:       1       23

Demuni Uduwara Monday, 27 September 2021 04:25 AM

අපේ රට වගේ!

:       0       20

Sanath Monday, 27 September 2021 05:35 AM

රටේ ප්‍රමුඛතා ව්‍යාපෘති රජය නොවන අය නොදනිති. ඔවුන් නිකරුණේ ජනතාවගේ බදු මුදල් නාස්ති කරති. හාස්‍ය ජනක දෙය නම් මිනිසුන්ට මෙය නොතේරීමයි.

:       0       23

Sunil Monday, 27 September 2021 05:37 AM

ශාඛ්‍ය කෙසේ වෙතත් ශාක වලට නම් වැඩේ දෙන්න ඇති.

:       0       16

ලුම්බිණි Monday, 27 September 2021 06:08 AM

කොතරම් මුදල් ප්‍රමාණයක්ද මේ නාස්ති කරලා තියෙන්නේ?

:       0       16

C.K.Lankaputhra. Monday, 27 September 2021 06:30 AM

මේවා තමයි හෙන ගහන අපරාධ කියන්නේ.

:       0       16

විමල් Monday, 27 September 2021 06:43 AM

බොරු වැඩ... ආගමේ නාමයෙන් මිනිසුන්ව මුදල් ගරන අයට තවත් හොඳයි. බුදුන්වහන්සේ ගේ නියම දර්ශනය සොයා යන්න බලමු..

:       1       17

nimal karunaratne Monday, 27 September 2021 07:10 AM

මහජනතාවගේ බදු මුදල් වියදම් කරලා මේ කරන වැඩ වලට. මේ වියදම් කරන්නෙ අපේ බදු සල්ලි නේද?

:       1       13

කල්පනා Monday, 27 September 2021 07:20 AM

මහා භාරකාර තැනට භාරදීමට වඩා නැතිබැරී අයගෙ ප්‍රයෝජනයට දුන්නා නම් ඉතා ප්‍රයෝජනවත් වෙනවා දැන් වෙන්නෙ මේ දෙපාර්තමේන්තුව ඉතා ප්‍රිය මනාප දෙපාර්තමේන්තුව ක් නිසා එහි සියල්ලෝම එම දේපොළ රිසිසේ බුක්ති විදිමයි. ස්ථාන මාරුවක් ගෙන හෝ මෙතැනට පිටතින් කෙනෙකුට එන්න දෙන්නෙත් නැහැ තර්ජනය කරනවා මෙතැනට පැවරී ඇති ලොකු ඉඩකඩම් සුලු වටිනාකමක් යටතේ ලොකු ලොක්කො රහසේ බදු ගැනීම හෝ අත යටින් මුදලක් ගෙන ඉතා අඩු මුදලට දිගුකාලීනව බදු දීමයි කරන්නෙ සොයා බලන්න දැන් මුදල් අවසන් වෙලා ඇති මෙවැනි දේපොළ බදු දෙනවිට ප්‍රසිද්ධියේ කරනවා නම් සුදුසුයි.

:       1       19

නිමල් Monday, 27 September 2021 07:40 AM

අයියෝ; මහජන මදල් නාස්ති වන අයුරු

:       0       12

Lal Monday, 27 September 2021 08:48 AM

දේශපාලුවන්ට මෙවැනි ස්ථානවලින් හොරාකන්න, කොමිස් ගහන්න බැරි නිසා ශ්‍රී ලංකාවේ මෙවැනි ස්ථාන මේ තත්ත්වයෙන් පැවතීම සාමාන්‍ය දෙයක් වෙලා තියෙනවා. දැං ඉතිං මේ පුවත දකින දේශපාලුවෙක් නින්දෙන් නැගිටලා බයිලා ගහන්න පටන් ගනීවි.

:       0       16

janahitha Monday, 27 September 2021 08:54 AM

මොනවද මේ කරන අපරාධ, අහිංසක මිනිසුන්ගේ බදු සල්ලි නේද මේ.?

:       0       14

Rohana Monday, 27 September 2021 09:07 AM

අපරාදේ සල්ලි. කිසි ප්‍රතිපලයක් නැති දෙයක් කරලා තියෙන්නේ.

:       0       13

prasanka Monday, 27 September 2021 10:22 AM

කොහොමත් මේවගේ දේවල් දැන් කැලැවටයනවා වැඩියි

:       0       0

Laankikakaya Monday, 27 September 2021 11:26 AM

කෝටියක, දෙකක විතර වැඩ කෙරිලා තියෙනවා.. ඉතුරු කෝටි 48, ඇමැති සහ අඳබාලයින් ටික ලස්සනට සුද්ද කරන්න ඇති...

:       1       3

සමන් Monday, 27 September 2021 12:23 PM

ශවේන්ද්‍ර, ඉඩම චීනෙට දීලා ඩොලර් මිලියනයක් ගන්න පුළුවන්ද බලන්න...

:       3       5

fairoos Monday, 27 September 2021 12:48 PM

ආ... මේක ගිය රජයේ වැඩක්නේ... සර්ට ඒවා කරන්න බෑ.. අලුතින් මොනවාහරි තමයි පුළුවන්...

:       4       5

Raktha Monday, 27 September 2021 03:02 PM

යහපාලනයෙන් කරපු කිසිම දෙයක් සාර්ථක නැහැ. අන්තිමට කොමිස් ගහලා හොරකළා විතරයි. ඒ වුණාට වහල්ලු සෙට්එක අනිත් අයගේ ඒවා යහපාලනයට දාගන්න එෆ්.බී. එකේ දඟලන හැටි දැක්කාම දුක හිතෙනවා..

:       4       5

ජයන්ත Monday, 27 September 2021 03:56 PM

වගකිව යුත්තන්ගේ අවධානයට යොමු වේවා, රටේ සම්පත් නිකරුනේ නාස්ති නොවේවා, නිසි ක්‍රියා මාර්ගයකට යොමු වේවා

:       0       1

sharm warn Wednesday, 29 September 2021 10:40 AM

අපෝ මෙහෙම එව්වා මේ ලංකාවෙන් තොග ගානට හොයා ගන්න පුළුවන් .මේ තමයි ලංකාවේ හැටි .එන එන හැම ආණ්ඩුවේම මේ වගේ බොල් ව්‍යාපෘති වලින් වලින් අපේ බදු මුදල් හොරකම් කරන එක තමයි කලේ .හැබැයි 97% ක් හැමදාම හොරුන්ට දීලා 3%ගෙන් බලාපොරොත්තු වෙනවා රට ගොඩ ගන්න .පව් ඉතින්

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6201 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7647 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18288 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1264 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9443 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 603 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 619 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 497 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1554 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site