(ඩයනා උදයංගනී)
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ වියලි කහ කිලෝග්‍රෑම් 370කට අධික ප්‍රමාණයක්, එම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් සහ බීඩි කොළ කිලෝග්‍රෑම් 294කට අධික ප්‍රමාණයක් නාවික හමුදාව අද (16) සිය භාරයට ගෙන ඇත.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මන්නාරම, කොන්තපිඩ්ඩි සහ සිලාවතුර, අරිප්පු යන වෙරළ ප්‍රදේශයන්හි අද (16) උදෑසන සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම තොගය සොයාගෙන තිබේ.
මුහුදු මාර්ගයෙන් සිදු කෙරෙන නීති විරෝධී ජාවාරම් මැඩපැවැත්වීම සඳහා දිවයින වටා වෙරළ කළාපය ආවරණය වන පරිදි නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදුකරන අතර ඒ අනුව, උතුරු මැද නාවික විධානය විසින් මන්නාරම කොන්තපිඩ්ඩි වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු ලෙස හැසිරුණු පුද්ගලයින් දෙදෙනෙකු දැක සිදුකළ පරීක්‍ෂාවේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ගොඩබිමට රැගෙන ඒමට උත්සාහ කළ වියළි කහ තොගය සොයාගත් බව නාවික හමුදාව පවසයි.
මෙම වියලි කහ කිලෝ 370 ග්‍රෑම් 600ක පමණ තොගය මලු 13ක අසුරා තිබී ඇත.
වයඹ නාවික විධානය මඟින් අරිප්පු වෙරළ තීරයේ සිදුකළ මුර සංචාරයකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ගොඩබිමට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝ 294 ග්‍රෑම් 100ක පමණ ප්‍රමාණයක් සොයා ගෙන ඇති අතර ඒවා මලු තුනක අසුරා තිබූ බව නාවික හමුදාව සඳහන් කරයි.
නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 33 සහ 37 යන වයසේ පසුවන මන්නාරම පල්ලේමුණේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර ඔවුන් නිරෝධායනය සඳහා මන්නාරම මහජන සෞඛ්‍ය පරීක්‍ෂක වෙත භාරදී ඇත.
නාවික හමුදා භාරයට ගත් වියලි කහ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය රේගු කාර්යාලය වෙත භාරදී ඇති අතර, බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ තැබීමට පියවර ගෙන තිබේ
පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ
උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න
මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියට පෙර ලබාදුන් අනුමැතීන්ට අනුව කටයුතු කිරීමට රජය කැමැත්තෙන් පසුවන්නේ නම් නැවතත් මෙගා වොට් 484 ක පුනර්ජනනීය බලශක්
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
කහ - බීඩි කොළ මන්නාරමෙන් අල්ලයි