IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


කළුගල් කෝරියෙන් විසිවූ කළුගල එක්දරු මවට මරු කැඳවයි

(අතුල බණ්ඩාර, පියදාස සමරවීර සහ උපාලි ආනන්ද)

පදවිය, සී - යාය ,අටේ ඇළ මාර්ගයේ යතුරුපැදියක් පදවාගෙන ගිය එක්දරු මවකගේ හිස මතට කළුගල් කොරියක ගල් වෙඩිල්ලක් පුපුරුවා හැරීමේදී විසිවූ කළුගලක් හිසේ වැදීමෙන් එම කාන්තාව මරණයට පත්වී ඇතැයි පදවිය පොලිසිය පවසයි.

මේ සිද්දියෙන් මරණයට පත්ව ඇත්තේ ,පදවිය, පරාක්‍රමපුර ,මෛත්‍රී මාවතේ, තෝනිගල උදාගම්මානයේ, පදිංචිව සිටි , සුභාෂිණි නිවන්තිකා රාජපක්ෂ නමැති 32 හැවිරිදි එක්දරු මවකි.

ඇය,සිය පියා සහ අවුරුදු එකහමාරක් වයසැති තම දරුවාද සමග යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී මේ අනතුරට මුහුණපා ඇතැයි මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරණ පදවිය පොලිසියේ නිලධාරියෙක් පැවසිය.

අටේ ඇළ මාර්ගයේ ඔවුන් ගමන් කරමින් සිටියදී එම මාර්ගය ආසන්නයේ පවත්වාගෙන යන කළු ගල් වැඩපොළේ ගල් වෙඩිල්ලක් පුපුරුවා හැර ඇත.

එම ශබ්දය ඇසී යතුරුපැදිය නවතා තිබෙන ඇය , තවත් ගල් වෙඩි පත්තුවීමට ඉඩ ඇති නිසා ආපසු හැරී යමුයි , පියාට පවසා යතුරුපැදිය හරවන්නට හදනවාත් සමග පත්තුවූ තවත් ගල් වෙඩිල්ලකින් විසිවූ විශාල කළු ගලක් ඇය හිසේ පැළඳ සිටි හෙල්මටයට පහළින් නළලේ වැදී සිහිසුන්ව එතැනම ඇද වැටි ඇත.

තුවාල ලැබූ සිය දියණිය බදාගෙන පියා කෑ ගසද්දී ඒ හඬ ඇසී ගල් වැඩපොළේ වැඩකරන කිහිපදෙනකු එතැනට පැමිණ තිබේ.

පසුව ඔවුන්ගේ සහයෝගයද ඇතිව පියා වැන් රථයකින් ඇයව පදවිය රෝහලට රැගෙනගොස් ඇති අතර රෝහලේදී ඇය පරීක්ෂා කළ වෛද්‍යවරුන් නිගමනය කර ඇත්තේ ඒ වන විට ඇය මියගොස් සිටින බවයි.

 

 



අදහස් (4)

කළුගල් කෝරියෙන් විසිවූ කළුගල එක්දරු මවට මරු කැඳවයි

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 05 August 2021 02:11 PM

අපේ මුතුන් මිත්තන් කළු ගලක් දුටුවිට අද පවා ලොව මවිත වෙන පිළිම වැනි නිර්මාණ කරා.සීගිරිය ලෝක උරුමයක් බවට පත් වුණේ සීගිරි කාශ්‍යප රජු ගේ තිබූ කලා කෞශල්‍ය නිසා බව පෙනේ.ඒත්,අද මිනිසා තමා අවට කළුගලක් තිබේ නම්,එය කඩා මුදල් කරනකම් ඔහුට නින්ද යන්නේ නැහැ.ඒ කරන්නෙත්,අවට ජීවිත වීනාශවෙන ආකාරයටයි.ගල්බෝරයක් පත්තුකරණා විට,අනතුරු හඟවන නලාවක්,පාරේ රතු කොඩි ආදී ආරක්ෂිත පියවර යොදනවා.හිතෙනා හැටියට ඒ ක්‍රම නොතිබුණ බවයි හැඟී යන්නේ.කොහොම උනත් නැතිවු ජීවිතය ගැන අපට හරි කණගාටුයි .දරුවාට මව අහිමි වුණා.

:       0       0

fairoos Thursday, 05 August 2021 02:23 PM

ඉතාම කණගාටුයි...!

:       0       0

සුදත් ශ්‍රී Thursday, 05 August 2021 03:25 PM

ඇමරිකාවෙනම් මේ මවගෙ දරුවට සහ පවුලෙ අයට මිලියන ගානක වන්දි මුදලක් ගල් කෝරියෙ අයිතිකාරයට ගෙවන්න වෙනවා අනිවාර්යෙන්ම. ලංකාවෙනම් අනේ මන්දා.

:       0       10

DonThursday, 05 August 2021 04:51 PM

ලක්ෂ 05ක් ගෙවයි වැඩිම වුණොත්...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

යතුරුපැදි අනතුරෙන් පාසල් සිසුවෙකු මරුට
2024 ඔක්තෝබර් මස 18 111 0

යතුරුපැදියක ගමන්ගත් පාසල් සිසුවෙකු ඉදිරියෙන් පැමිණි කැබ් රථයක ගැටීමෙන් තුවාල ලබා ඊයේ(17) වැනි දා නාලන්ද රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි නාඋල ප


අඟුණකොලපැළැස්ස බන්ධනාගාර වාට්ටුවේ බිත්තියක දුරකතන-සිම්පත්
2024 ඔක්තෝබර් මස 18 222 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ වාට්ටුවක බිත්තියක් මත තිබී ජංගම දුරකථන තුනක් සහ සිම්පතක් බන්ධනාගාර නිළධාරින් විසින් සොයාගනු ලැබූහ .


නිධන්හෑරූ 4 ක් කොටුවෙයි
2024 ඔක්තෝබර් මස 18 136 0

මහියංගණය දිවුලපැලැස්ස ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක නිදන් වස්තු ලබාගැනීමේ අරමුණින් කිනිම් කරමින් සිටි පුද්ගලයන් 4 දෙනෙක් ඒ සදහා යොදාගත් බැකෝ යන්ත්‍රියක්


චීන දුම්වැටි සමඟ චීන ජාතිකයා අල්ලයි
2024 ඔක්තෝබර් මස 18 292 0

කොල්ලුපිටිය සමගි මාවතේ චීන භාණ්ඩ අලෙවි සැලක තොග ගබඩාවේ සගවා තිබූ රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා චීන දුම්වැටි දස දහසක තොගයක් අද (18) දින සිය භාරයට ගත් බව ශ්‍


මුහුදේ නාන්න ගිය තරුණයා ගිලී මරුට
2024 ඔක්තෝබර් මස 18 186 0

කළුතර උතුර කුඩාවස්කඩුව ප්‍රදේශයේ මුහුදේ විනෝදයට දිය නෑමට ගිය තරුණයෙකු මුහුදෙ ගිලි ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.


සාදයේ කතා බහ මරණයෙන් අවසන් වෙයි
2024 ඔක්තෝබර් මස 18 377 0

කෝවිල් අඩි ප්‍රදේශයේදී මිතුරන් පිරිසක් සමග එක්ව පැවැත්වූ සාදියකදී ඇති වූ බහින් බස්වීමත් දුරදිග යාමෙන් පහර කෑ පුද්ගලයෙකු ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් ක


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 626 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 497 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1558 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site