(ඩයනා උදයංගනී)
කොළඹ නගරයට ඇතුළුවන වාහනවල ස්ටිකරයක් ඇළවීමට පොලීසිය පියවර ගෙන ඇත.
ඒ අනුව ගම්පහ, පානදුර, නුගේගොඩ, ගල්කිස්ස, වත්තල, පෑලියගොඩ, බත්තරමුල්ල ආදී ප්‍රදේශවලදී මෙම ස්ටිකර ඇලවීම සිදුකෙරුණු අතර ඒ හේතුවෙන් කොළඹ නගරය අවට දැඩි රථවාහන තදබදයක් ද නිර්මාණය වී තිබිණි.
සංචරණ සීමා උල්ලංඝනය කරන්නන් හඳුනා ගැනීම සඳහා මෙම ස්ටිකරය ඇලවීමට පියවර ගෙන ඇතැයි පොලීසිය කියයි.
එක් දිනකට පමණක් වලංගු මෙම ස්ටිකරය ඇලවීමෙන් එකම වාහනය කිහිපවරක් පරීක්ෂා කිරීම සිදුනොවන බවත්, ස්ථාන කිහිපයකදී පරීක්ෂා කිරීමෙන් සිදුවන ප්‍රමාදයන් අවම කරගැනීම මෙහි අරමුණ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශත නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.
(ඡායාරූප: ශාන්ත රත්නෘයක)
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කොළඹට එන වාහනවලට ස්ටිකරයක්
jayath Wednesday, 02 June 2021 08:06 AM
හයියෝ මෙහෙම ගොබ්බ රෑනක්... මෙහේ වාහනවල ස්ටිකර් ගහනවා. අරෙහේ කම්හල්වල කොරෝනා පොකුරු පැටව් ගහනවා...!
Sakura Wednesday, 02 June 2021 08:15 AM
හොඳ වැඩක්... තවත් දියුණු කරන්න පුළුවන් මෙම සංකල්පය. සිංගප්පූරුවේ සියලුම ලොරි, බස් රථ, වෑන් සහ කුලී රථවල රැගෙන යා හැකි පුද්ගලයින් ප්‍රමාණය සඳහන් ස්ටිකරයක් තියෙනවා. වාහනය ලියාපදිංචි කිරීමේදී මෙම ස්ටිකරය අලවනු ලබයි. ඕනෑම වෙලාවක පොලිසියට පරීක්ෂා කරන්න පුළුවන්. රැගෙන යා හැකි මගීන් ප්‍රමාණය දන්නේ නැහැ කියන්ඩ බෑ කාටවත්ම.
sujith Wednesday, 02 June 2021 10:22 AM
ලංකාවේ හුඟ දෙනෙක් වාහනවල පැටවී යන්නේ ආසාවට නොව, ඔවුන්ට බොහෝ දෙනෙකුට සුවපහසු ලෙස ගමන් කිරීමට තමන්ගේම වාහනයක් මිලදී ගත නොහැකි නිසයි.
Kuma Wednesday, 02 June 2021 12:48 PM
වෙනදා අත්‍යාවශ්‍ය සේවාවන්වලට යනකොට එක තැනක විනාඩි 8 -10 වගේ තැන් තුනක් විතර නවත්තනවා. මට නම් පොලිසියෙන් ප්‍රශ්නයක් වෙලා නෑ. ඇත්ත කියලා ලිපි ටිකත් පෙන්නුවාම යන්න දුන්නා. අද වත්තල ඉඳලා කැළණි පාලම ගාවට පැය 2 විනාඩි 41ක් ගියා. ඒත් ස්ටිකරය දවසකට විතරයිලු. මට නම් තේරෙන්නේ නෑ. මෙහෙම තීරණ ගන්නේ මොලයක් පාවිච්චි කරලාද කියලා...?
kasun Friday, 04 June 2021 03:20 AM
ඇත්තටම මේ වගේ ප්‍රායෝගික නැති තීරණ ගන්නේ කවුද අප්පා..? මිනිස්සු මේ සල්ලිත් අමාරු කාලේ පෙට්‍රල් ගහගෙන රස්තියාදු වෙවී. නිකන් කොළඹ බලලා යන්න එන්න පිස්සුද?