IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


කොළඹ අවට රුපියල් 60 ට පොල් විකුණන්න යයි

(නිමල කොඩිතුවක්කු)
 
කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට ලොරි රථ යොදාගනිමින් රුපියල් 60ක සහන මිලට පොල් බෙදා හැරීමට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

දේශිය වෙළඳ පොලේ පොල් මිල ඉහළ යාම සම්බන්ධයෙන් ලැබෙන පාරිභෝගික පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙම ක්‍රියාමාර්ගය ගත් බව වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

මෙයට අමතරව  හලාවත වැවිලි සමාගම, කුරුණෑගල වැවිලි සමාගම, පොල් වගා කිරීමේ මණ්ඩලය (කප්රුක) මගින් රු. 60 ක සහන මිලට රට පුරා පොල් බෙදා හැරීමට තීරණය කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

 
පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධන ආශ්‍රීත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු සහ පොල් වගාකිරීමේ මණ්ඩලයේ සභාපතිවරයා සමඟ සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍යවරයා මෙම පියවර ගෙන තිබේ.
 
පසුගිය දිනවල වෙළද පොළේ පොල් ගෙඩියක මිල රුපියල් 100 දක්වා ඉහළ ගොස් තිබූ අතර පාරිභෝගිකයින් සඳහා සහන මිලට පොල් මිලදී ගැනීමට මින් ඉදිරියට හැකියාවලැබෙනු ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
 



අදහස් (6)

කොළඹ අවට රුපියල් 60 ට පොල් විකුණන්න යයි

Du Wednesday, 23 September 2020 08:34 AM

කොළඹ අයට විතරද අමාරුව? අපි ඔටුවෝද?

:       4       2

BamunuarachchiSaturday, 26 September 2020 03:36 AM

යහපාලනේ තිබුණා නම් ඔටුවෝ තමයි.. ඒ කාලේ රට පාලනය කළේ ඔටුවෝ තමයි.

:       0       0

wedage Wednesday, 23 September 2020 10:28 AM

විකුණන්න යනවා මිසක් විකුණන්න පොල් නැහැ.

:       1       1

Nandalal DE SILVA - France Wednesday, 23 September 2020 12:54 PM

එළොව පොල්ද, ලාබෙට විකුණන්න වලිකන්නේ...? ඕකත් අර වී, සහල් මුට්ට හංගගෙන ඉන්නවද කියලා බලන්න. ජනාධිපතිවරයාට හමුදාව හෝ පොල් ඇමතිවරයාව යවන්න බැරිද? මගේ සීයා දැන් පොල් සම්බෝල කන්නේ. තේ හැන්දෙන් බෙදාගෙන !!!

:       0       0

විජේ Thursday, 24 September 2020 04:40 AM

ඔන්න විපක්ෂයට සටන් පාටයක්, "කොලබට පොල් අපිට පැපොල්"

:       0       0

Bamunuarachchi Saturday, 26 September 2020 03:34 AM

තිබෙන පොල්වතු කැබලිකර විකුණුවේ රටේ මිනිස්සු ඒ බිම්කොටස් මිලට ගෙන එක පොල්ගහක්වත් ඉතුරුකර නොගෙන පොල්ගස් ටික කපලා ගෙවල් හදාගෙන දැන් පොල්මිල ගැන ආණ්ඩුවට දොස් කියනවා. මොකද යහපාලන ආණ්ඩුව තිබුණා කියලා පොල්ගස්වල පොල් වැඩිවෙනවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 647 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 179 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 540 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 136 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1803 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 185 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site