මෑත සතිවල සිට කොළඹ ප්‍රදේශයේ කොරෝනා වයිරසය ආසාදිතයන් හමුවීම අඩුවෙමින් පවතින බව කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය නිලධාරීහු පවසති.
අහඹු ලෙසින් ක්‍ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ මෙන්ම පී.සී.ආර්. පරීක්‍ෂණත් 250 ක් පමණ කර ඇති නමුත්, අතරින් පතර එක් අයෙකු හෝ දෙදෙනෙකු ආසාදිතයන් ලෙසින් හමුවන බවත් ඔවුහු කියති.
කලින් පැවති තත්ත්වය අනුව ක්‍ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ මෙන්ම පී.සී.ආර්. පරීක්‍ෂණ වලින් පසු 70% ක හෝ 80% ක ආසාදිතයෝ පිරිසක් හමුවූහ.
කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජේමුණි මහතා පැවසුවේ ඉලක්කගත පොදු ප්‍රදේශවල අහඹු පරීක්ෂණ සිදු වෙමින් පවතින නමුත් ආසාදිතයන් අඩු සංඛ්‍යාවක් හමුවෙමින් තිබෙන බවයි. කෙසේවෙතත්, (විශේෂයෙන් නාගරීකරණය වූ ප්‍රදේශවල) කොරෝනා වයිරසය දිගින් දිගටම තර්ජනයක්ව බවතින බැවින් පවසමින් ප්‍රවේශම් සහගතව, සියලුම සෞඛ්‍ය නියාමනයන් අනුගමනය කරන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
පෙබරවාරි මාසයේ සිට එන්නත් කිරීමේ වැඩසටහන දියත් කිරීමෙන් පසු, කොළඹ නගරය පුරා සිදුකරන ලද අහඹු පීසීආර් සහ ක්‍ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සංඛ්‍යාව එන්නත් ආරම්භ කිරීමට පෙර සිදු කළ ප්‍රමාණයට වඩා අඩු බවද වෛද්‍ය විජේමුනි මහතා පිළිගත්තේය. එහෙත් ඉහළ අවදානම් සහිත ප්‍රදේශවල පරීක්ෂණ අඛණ්ඩව සිදුවන බවද හෙතෙම පැවසීය.
ජනාකීර්ණ ප්‍රදේශවල රෝගියෙකු හඳුනාගත් වහාම පළමු පෙළ සම්බන්ධතා සියල්ලම පරීක්ෂාවට ලක් කළ බවත්, දෙවන හා තෙවන සම්බන්ධතා හඳුනාගත් වහාම ඔවුන්ද පරීක්ෂාවට ලක් කළ බවත් වෛද්‍ය විජේමුණි මහතා පැවසීය.
“අපි දිගටම පොදු බස් නැවතුම්පොළවල්, වෙළඳපොළවල් සහ වෙනත් පොදු ස්ථානවල අහඹු පරීක්ෂණ පවත්වනවා. ඒ මගින් රෝගීන් හඳුනාගැනීමේ උත්සාහයක නිරත වෙනවා”යයිද වෛද්‍ය විජේමුණි මහතා පැවසීය.
- ජමිලා හුසේන් (ඩේලි මිරර්)
ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපතිවරයා දී ඇති තීන්දුව සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ශ්‍රී ලංකා කාර්යාලයට කොන්ත්‍රාත් පදනම මත බඳවා ගනු ලැබූ සේවකයන් හෙට (07) රාත්‍රී 11.59 සිට පඩි සහිත අන
ඒකාබද්ධ ග්‍රාම - නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රටපුරා පැතිරි යමින් ඇති සූකර ඌණට ලක්ව ඌරන් 1600 ක් මේ වන විට මිය ගොස් ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ
බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර
ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කොළඹ කොරෝනා ආසාදිතයන්ගේ අඩුවක්