IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


කොළඹ ලක්‍ෂ 3කට රු: 2000 දීමනාව

(යොහාන් භාසුර)

රට තුළ මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් ජීවනෝපාය අහිමිවූ කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගලයන් ලක්‍ෂ 3 ක් රුපියල් 2000 දීමනාව ලැබීමට සුදුසුකම් ලබා ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පැවසීය.

මීට පෙර නිරෝධායන ඇඳිරිනීතිය පැනවූ අවස්ථාවේදී රජය ලබාදුන් රුපියල් 5000 දීමනාව කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 450,000 ක් පමණ ලබාගත් ද මෙවර සමෘද්ධි, වැඩිහිටි සහ ආබාධිත ආදි වෙනත් දීමනා ලබන පුද්ගලයන් ඉවත්කර ඇතැයි ද කී ප්‍රදීප් යසරත්න මහතා වෙනත් කිසිඳු දීමනාවක් නොලබන පුද්ගලයන් පමණක් 2000 දීමනාව ලැබීමට සුදුසුකම් ලබන බවත් සඳහන් කළේය.

‘කොවිඩ්’ වයිරසය පළමුවෙන්ම හදුනාගත් කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 558,000 ක් තුළ ලක්‍ෂ 24 ක ජනතාවක් වෙසෙන බවත් කොළඹ නගර සභා සීමාව තුළ පමණක් ලක්‍ෂ හයක පමණ පිරිසක් ජීවත් වන බවත් ප්‍රදීප් යසරත්න මහතා කීය.

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (7)

කොළඹ ලක්‍ෂ 3කට රු: 2000 දීමනාව

සුවාරිස් Wednesday, 25 August 2021 01:22 PM

හුරේ.... ගෙදරට අවශ්‍ය හැමදේම ගන්න පුලුවන් අපිට දැන්... පොඩි අයට බඩගින්නේ ඉන්න වෙන්නේ නෑ මින් පස්සේ... පරිස්සමින් පාවිච්චි කරන්න ඕනෑ..

:       0       13

ganegoda Wednesday, 25 August 2021 02:42 PM

ඔය රුපියල් 2000 දවසකටද? නැත්තම් මුළු මාසයටමද?

:       0       7

Prabha Wednesday, 25 August 2021 04:37 PM

ලැජ්ජාවක් කියල දෙයක් නැද්ද දෙදාහක් දෙන්න උත්සව පවත්වන්නේ

:       0       2

BamunuarachchiFriday, 27 August 2021 08:16 AM

ලැජ්ජාවක් නැද්ද මේ මිනිස්සු මේක ගන්න ආවට. 2000 ගන්න සුදුසු මිනිස්සුද 2000 ගන්නේ?

:       0       0

චැරැර් Wednesday, 25 August 2021 04:51 PM

ජපානයේ එක් පුද්ගලයෙකුට රුපියල් 100,000 බැගින්ම ආදායම හෝ වෙනත් කිසිම දෙයක් නොබලා සැමට ලබාදුන්නා. ගෙදර 5 දෙනෙක් නම් ලක්ෂ 5 ක්... දුන්නේ ජනතාවගේම සල්ලි නිසා උත්සව නැහැ. පුරවැසියන්ගේ බැංකු පොතට දාලා තිබුණේ...

:       0       0

chintha Altmeyer Thursday, 26 August 2021 11:14 AM

ඇයි කොළඹට ජනතාවට එක (පවුලකට) විතරක් රුපියල් 2000 ක් දෙන්නේ? ශ්‍රී ලංකාවේ ඉන්න අනිත් ජනතාව ලංකාවේ මිනිස්සුන් නොවේ ද? රුපියල් 2000 ක්???

:       0       0

Bamunuarachchi Friday, 27 August 2021 08:13 AM

කවුරු කාට 2000 දෙනවාද කියා හිතා ගන්න බැහැ. දෙදෙනාම ආධාරය ගන්න හෝ දෙන්න කාර් කොහේ නවත්වලා ආවද දන්නේ නැහැ නේද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ලුණු මිල වැඩි වෙයි
2025 පෙබරවාරි මස 05 19 0

ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.


වී ගන්න කෝටි 500ක් වෙන්කරයි
2025 පෙබරවාරි මස 05 31 0

වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩ


’’සහල් නිෂ්පාදකයෝ වී මිලට එකඟ නෑ’’
2025 පෙබරවාරි මස 05 319 0

ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ


’’වීවලට මිලක් දුන්නාට ආණ්ඩුවට ස්තූතියි’’
2025 පෙබරවාරි මස 05 304 0

ආණ්ඩුව වී සඳහා නියමක කළ මිල සම්බන්ධයෙන් සෑහීමට පත්නොවන බවත් එය එසේ වුවද වී සඳහා ආණ්ඩුව මිලක් නිමකිරීම පිළිබඳව ස්තූතිය පළකරන බවත් අනුරාධපුර දිස්ත්‍රි


’’නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙනවා’’
2025 පෙබරවාරි මස 05 155 0

ජාතික ජනබලවේග රජයට ලැබුනු ජනවරම අනුව රටට ඔබින නව ව්‍යවස්ථාවක් ඉදිරියේදී හදුන්වා දෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නල


ග්‍රාමීය රෝහල් සංවර්ධනයට අත ගහයි
2025 පෙබරවාරි මස 05 177 0

රජය ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීම සදහා ඉහල ප්‍රමුඛත්වයක් ලබා දී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 89 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 741 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site