IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


කොළඹ සිට කන්කසන්තුරේට සැප දුම්රියක්

(නිමල කොඩිතුවක්කු)

කොළඹ සිට කන්කසන්තුරය දක්වා ගමන් ගන්නා මගීන්ට සියලු පහසුකම් සහිත සුබෝපභෝගී දුම්රිය සේවාවක් අද(09) සිට  ආරම්භ කෙරෙණි.

මෙම දුම්රිය සෑම දිනකම ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් පෙරවරු 5.10ට ආරම්භ කොට දහවල් 12.17 වන විට කන්කසන්තුරය දුම්රිය ස්ථානය දක්වාත් එදිනම ප.ව. 1.15ට කන්කසන්තුරය දුම්රිය ස්ථානයෙන් ආරම්භ කොට රාත්‍රී 8.25 වන විට ගල්කිස්ස දුම්රිය ස්ථානය දක්වාත් ධාවනය වීමට නියමිතය.

නවීන තාක්ෂණයෙන් යුත් ඉන්දියාවේ නිෂ්පාදිත මෙම දුම්රියේ මැදිරි 10 ක්  සහ බලවේග එන්ජින් 02ක් ඇති අතර සියලුම මැදිරි වායු සමනය කර ඇත. එමෙන්ම මගී ජනතාවට අවශ්‍ය  සුව පහසු ආසන, ආහාර පාන ලබාගැනීමට භෝජනාගාර රථයක්, රූපවාහිනී සේවා පහසුකම්, නවීන වැසිකිලි පහසුකම් වලින් මෙම දුම්රිය සමන්විත වේ.

මෙම දුම්රියේ සේවාව ලබාගැනීමට බලාපොරොත්තු වන මගීන් හට මසකට පෙර සිට ජාලගත ක්‍රමයට  ඊ  ප්‍රවේශපත්‍ර මිලදීගැනීමට හැකිවන බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ මිලදිගත් මෙම දුම්රියේ වටිනාකම රුපියල් මිලියන 2500කි.
දුම්රිය සේවාවේ මංගල ගමන ආරම්භ කිරීම ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් ගල්කිස්ස දුම්රිය ස්ථානයේදී සිදු කෙරිණ.

ඉන්පසු අමාත්‍යවරිය ගල්කිස්ස දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා දුම්රියෙන් ගමන් කල අතර මෙම අවස්ථාවට දුම්රිය සමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර ඇතුළු නිළධාරිහු පිරිසක් සහභාගී වූහ.

මෙම  දුම්රිය සේවාව තුළින් උතුරුකරය බලා යන දෙස් විදෙස්  සංචාරකයින්ට  උපරිම සැප පහසු ගමනක් ලබා ගැනීමට හැකිව ඇති බවත් අමාත්‍යවරිය එහිදී සඳහන් කළේය.

ඉදිරියේදි මෙවැනි සුඛෝපභෝගි සේවාවන් කාර්යාල දුම්රිය සේවාවන්ට එක් කිරිමට මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇති බවත් ඇය සඳහන් කළාය.

ඒ අනුව  කොළඹට ආසන්න ප්‍රධාන නගරවල සිට වායුසමනය කල මැදිරි සහිත දුම්රිය සේවා කිහිපයක්  ඉදිරි සති 02ක් තුළ ආරම්භ කිරිමට කටයුතු කරන බවත් අමාත්‍යවරිය  තවදුරටත් අමාත්‍යවරිය තව දුරටත් පැවසුවාය.

මෙම දුම්රිය ගල්කිස්ස, දෙහිවල, වැල්ලවත්ත, බම්බලපිටිය,කොටුව,පොල්ගහවෙල, කුරුණෑගල, අනුරාධපුරය,වව්නියාව,කිලිනෝච්චිය,කොඩිකාමම්,යාපනය,කොණ්ඩාවිල්,චුන්නාකම්, සහ කන්කසන්තුරය යන දුම්රිය ස්ථානවල නවත්වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවවයි. 

මෙහි ප්‍රවේශපත්‍රයක මිල ගල්කිස්ස සිට කන්කසන්තුරය දක්වා රු.1700, ගල්කිස්සේ සිට වව්නියාව රු.1500, ගල්කිස්සේ සිට අනුරාධපුරය දක්වා රු.1200කි.



අදහස් (12)

කොළඹ සිට කන්කසන්තුරේට සැප දුම්රියක්

Sk. Sunday, 09 January 2022 03:00 PM

දවසක් 2ක් වෙලාවට යවයි. ඊළඟට ඕකත් පරණ විදිහටම ප්‍රමාද වී ගණන් කරයි.

:       11       28

sachithSunday, 09 January 2022 04:06 PM

අපේ රේල්ලුවේ ඉන්න හණමිටි උස්සන් යන කට්ටිය එක්ක ඉතින් කෝච්චි පරක්කු වෙන එක ගැන අහන්න දෙයක් නෑ...

:       0       25

kamal Sunday, 09 January 2022 03:05 PM

ඕකෙ ජනෙල් රෙදි ටික නැවත හෝදන දා... ඒ කියන්නේ තව අවුරුදු 100කින් නැවත උත්සවයක් තිබ්බ හැකි එකවැඩේට...

:       2       26

යෝගා Sunday, 09 January 2022 03:35 PM

ඇතුලේ කැමරා සවිකර මැදිරිවලට හානිකරන අයට දැඩි දඬුවම් දෙන්න...

:       1       48

යාල් දේවී Sunday, 09 January 2022 03:58 PM

ළඟ හිටියා නම් උම්මා එකක් දීලා රූපවාහිනියේ පෙන්වා ගන්නවා ආයේ කතා දෙකක් නෑ.

:       4       19

Ano Sunday, 09 January 2022 04:02 PM

හොඳ වැඩක්... කොච්චර ට්‍රේන්ස් දැම්මත් ටිකට් ගන්න ගියාම නෑ කියනවා. ඒ වුණාට ට්‍රේන්වල හිස් සීට් තියෙනවා දකින්න පුළුවන්. බස් මාෆියාව ට්‍රේන් ටිකට් විකුණන්න දෙන්නේ නෑ. විශේෂයෙන්ම වවුනියාවෙන්...

:       1       18

Don Sunday, 09 January 2022 04:34 PM

ඇති යාන්තම් එහෙම වැඩක්වත් කළා. දැන් ඉතින් බලන්න ඕනෑ නඩත්තුව කොහොමද කියලා. මිනිස්සු යන්නේ සල්ලි දීලනේ.. නමුත් ජරාජීර්ණ තත්වයට පත් නොකර හොඳ නඩත්තුවක් කරන්න දෙපාර්තමේන්තුවයි, සේවකයොයි දැනගන්න ඕනෑ..

:       1       25

රෝහණ Sunday, 09 January 2022 04:55 PM

මේ කලින් තිබුණු දුම්රියමනේ... පහුගිය කොරෝනා කාලේ නතර කරලා තිබිලා නැවත ආරම්භ කරලා වගේ... අලුතෙන් ආරම්භ කරපු එකක් නොවෙයි. පීත්ත පටි කපලා අලුත් ගමනක් ගියාට. පවතින දුම්රිය සේවය හරියට පවත්වාගෙන ගියොත් ඇති. එතකොට මේ අය හොඳටම නොකළත් මදැයි...

:       7       21

අයේශාන්Monday, 10 January 2022 10:30 AM

කාටද අනේ මෙහෙම බොරු කරන්නෙ? මං අනන්තවත් ඕකෙ ගිහිං තියෙනවා. නවත්තපු එක පටංගන්න නටන නැටුමක්. ඊයා....

:       0       4

Lal Sunday, 09 January 2022 07:35 PM

මොනව කළත් වැඩක් නැහැ. කාර්යක්ෂම සහ ආකර්ෂණීය සේවයක් ලබාගන්න නම් දුම්රිය සේවය අනිවාර්යෙන්ම පුද්ගලිකකරණය විය යුතුය.

:       2       12

පිටරැටියා Sunday, 09 January 2022 07:54 PM

දුම්රිය නම් සැපයි. අවුල තියෙන්නේ වැසිකිළිවල. ව්තුර ගලනවා. හරිම අපිරිසිදුයි.

:       1       7

leel gunawardena Monday, 10 January 2022 01:14 AM

හොඳ වැඩක් මගීන්ගේ පහසුව සඳහා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

එජාප කාන්තා සංවිධානය අචිනිට
2025 පෙබරවාරි මස 05 192 1

එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.


වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 1632 2

වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.


යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී චන්දන වික්‍රමසිංහ
2025 පෙබරවාරි මස 05 511 0

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.


නාන්න ගිහින් වීරවිල වැවේ සැඟවෙයි
2025 පෙබරවාරි මස 05 276 0

බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .


‘කුෂ්‘සමඟ මගියා ගුවන්තොටේදී මාට්ටු
2025 පෙබරවාරි මස 05 241 0

රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා


පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 412 1

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 763 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site