(නිමන්ති රණසිංහ)
රථවාහන තදබදය සහිත කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන 09ක් ඩ්‍රෝන කැමරා මගින් නිරීක්ෂණය කර රථවාහන පාලනය සම්බන්ධයෙන් ගුවන් හමුදාව දිනපතාම ශ්‍රී ලංකා පොලීසියට සහයෝගය දක්වන බව ගුවන් හමුදා ජනමාධ්‍ය අධ්‍යක්ෂ ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පැවසීය.
ඒ අනුව, නෙ`ථම් පොකුණ මංසන්ධිය, ආයුර්වේද මංසන්ධිය, දියත උයන ප්‍රදේශය, පාර්ලිමේන්තුව අසල මංසන්ධිය, පංචිකාවත්ත, නව කැළණී පාලම, කිරුළපන මංසන්ධිය, දෙහිවල සහ නුගේගොඩ යන ස්ථානවල උදෑසන සහ පස්වරුවේදී මෙම ඩ්‍රෝන කැමරා ව්‍යාපෘතිය ක්‍රියාත්මකව ඇතැයි ද ඔහු සදහන් කළේය.
ඩ්‍රෝන කැමරා නවයකින් ලබාගන්නා මෙම සජීවි දත්ත වාර්තා ගුවන් හමුදා මූලස්ථානයේ ස්ථාපිත මෙහෙයුම් මධ්‍යස්ථානයට ලබාදීමෙන් පසු පොලිස් දෙපාර්තමේන්තුවේ රථවාහන සම්බන්ධ නිලධාරියෙකු සෑම දිනකම එම ස්ථානයට පැමිණ රථවාහන පාලනය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන බවත්, නිතිකඩන රියැදුරන් සම්බන්ධයෙන් ඒ මොහොතේදීම ක්‍රියාත්මක වන බවත් හෙතෙම පැවසීය.
මෙම ක්‍රියාපටිපාටිය ඉකුත් 02 වැනිදා සිට ආරම්භ කළ බවත් මේ වන විට කොළඹ නගරයේ රථවාහන තදබදයට මෙමගින් විශාල පිටුවහලක් සිදුවී ඇති බවත් ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂවරයා සදහන් කළේය.
ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂවරයා මේ බව සදහන් කළේ, “ගත වූ දෙවසර තුළ ත්‍රිවිධ හමුදාවේ ක්‍රියාකාරීත්වය” මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී අද (15) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවේදී ය.
එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කොළඹ ස්ථාන 09ක් ඩ්‍රෝන නිරීක්ෂණයට