(ජයන්ත සමරකෝන්)
සෞඛ්‍යාරක්ෂිත බවින් තොරව හෝටල් සහ ආපනශාලා පවත්වාගෙන යාමේ චෝදනාව මත කොළඹ හෝටල් 143කට හා ප්‍රධානපෙළේ ආපනශාලා 55කට එරෙහිව නඩු පැවරූ බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා අද(22) පැවසීය.
මෙම හෝටල් සහ ආපනශාලාවල මුළුතැන්ගෙවල්, ශීතකරණ හා අධිශීතකරණ ඉතා අපිරිසිදු තත්ත්වයේ පැවති බවද ඒවායේ මීයන්, කැරපොත්තන් සහ මැසිමදුරුවන් ගැවසෙන බවද ඒ මහතා කීවේය.
කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ උපදෙස් පරිදි කොළඹ නගරය තුළ ඉකුත් 12වනදා සිට ආරම්භ කර ඇති හෝටල් සහ ආපනශාලා පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙම හෝටල් සහ ආපනශාලා සොයාගත් බවද ඒවා නැවත යථා තත්ත්වයට පත්කරගන්නා තෙක් පරීක්ෂාවෙන් සිටින බවද හෙතෙම සඳහන් කළේය.
නගරයේ සෑම සෞඛ්‍ය කොට්ඨාසයක්ම නියෝජනය වන පරිදි ඒ ඒ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මහජන සෞඛ්‍ය නිලධාරීන් 50ක් පමණ මෙම සෞඛ්‍ය සේවාවට අනුයුක්ත කර ඇතැයිද නාගරික ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කොළඹ හෝටල් 143කට සහ ආපනශාලා 55කට නඩු
Nihal Friday, 22 March 2019 06:24 PM
අපේ රටේ ආපන ශාලාවල අපිරිසිදු කොච්චරද? මිනිසුන්ට වැටහෙන්නේ නැහැ. ඔක්කොම වගේ එකම තත්වයනේ, ඔවුන්ගේ ගෙවල්වලත් එහමයි, හුනෝ, මී රාජධානි. මම කඩවලින් කෑම ගැනීම සම්පූර්ණයෙන් අත්ඇරලා තියෙන්නේ...