(නිමල කොඩිතුවක්කු)
මොරගහකන්ද වාරි ව්‍යාපෘතියට අයත් අනෙක් ජලාශය වූ කළු ගඟ ජලාශයේ කටයුතු සම්පූර්ණයෙන් අවසන් කර ලබන මාසය වන විට එහි පූර්ණ ප‍්‍රතිලාභ ගොවි ජනතාවට ලබාදිය හැකි බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
එමෙන්ම එම ව්‍යාපෘතියට අයත් ප‍්‍රධාන ඇළ මාර්ගය වූ වයඹට ජලය ගෙන යන වයඹ ඇළ, නැගෙනහිරට ජලය ගෙන යන ඉහළ ඇළහැර සහ මිණිපේ ඇළ සංවර්ධන කටයුතු ද මේ වන විට කඩිනමින් සිදුවන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
මහවැලිය - සංහිඳීයාවේ ගංඟාව සහ 95 න් පසු මහවැලි ග‍්‍රන්ථ ද්වය ජනගත කිරීම වෙනුවෙන් අද (24) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේය.
95 සිට 2010 දක්වා මහවැලි සංවර්ධන ව්‍යාපාරය ඇසුරේ සිදු කළ අති විශාල වැඩකොටස පිළිබඳ ලේඛනගත ප‍්‍රකාශනයක් නොමැතිවීමේ අඩුව සපුරාලීමට 95 න් පසු මහවැලිය ග‍්‍රන්ථය සම්පාදනය කර තිබේ.
කඳුරට, රජරට, උතුරු නැගෙනහිර මතු නොව අද වයඹත් සිය දියවරින් එක සේ තෙමාලමින් සුවහසක් සිංහල දෙමළ මුස්ලිම් ජනතාවගේ සා පවස නිවාලන මහා ගංගාවේ ගමන මහවැලිය - සංහිඳියාවේ ගංගාව, ග‍්‍රන්ථය තුළ අන්තර්ගතය.
ග‍්‍රන්ථ සම්පාදක මණ්ඩලයේ සභාපති, ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති, ජනාධිපති නීතිඥ සරත් කෝංගහගේ සහ ග‍්‍රන්ථ ද්විත්වයේ ප‍්‍රධාන සංස්කාරක කේ. ආරියතුංග යන මහත්වරුන් ඇතුළු සම්පාදක මණ්ඩලය විසින් මෙහිදී ග‍්‍රන්ථ ද්විත්වය ජනාධිපතවරයා වෙත පිළිගැන්වීය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ සතළිස් වසරක් පුරා කි‍්‍රයාත්මක මහවැලි සංවර්ධන වැඩසටහන මෙරට ජාතික ආර්ථිකයට පුළුල් දායකත්වයක් ලබා දුන්නා සේම එය රටේ හෙට දවස වෙනුවෙන් කි‍්‍රයාත්මක නිමා නොවන පුනරාගමන කි‍්‍රයාවලියක් බවයි.
මහවැලි දියවරෙන් මහපොළෙව තෙත් කරන එම යෝධ කි‍්‍රයාන්විතයේ සුවිශේෂි ව්‍යාපෘතියක් වූ මොරගහකන්ද - කළු ගඟ ව්‍යාපෘතිය මුළු මහත් ශ‍්‍රී ලාංකේය ඉතිහාසයේ කි‍්‍රයාත්මක වූ සුවිසල් කෘෂිකාර්මික සංවර්ධන ව්‍යාපෘතිය ලෙස දේශයේ ප‍්‍රගමනය සඳහා නිම කරන්නට ලැබීම තම ජීවිතයේ ලද භාග්‍යයක් බව ද ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.
ජලය සහ භූමිය බෙදාගත නොහැකිව මහපොළව ගොවීන්ගේ රුධිරයෙන් තෙත් වූ අවස්ථා තමා ද දැක ඇති බවත් පැවසූ ජනාධිපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ වියළි කලාපීය ගොවි ජනතාවගේ දීර්ඝ කාලීන ගැටලුවකට විසඳුම් ලබාදෙමින් මොරගහකන්ද කළු ගඟ මහා ව්‍යාපෘතිය ජාතියට දායාද කිරීමට හැකි වූ බවයි.
රජරට ගොවි ජනතාව වෙනුවෙන් තමා දුටු දීර්ඝකාලීන සිහිනයක් වූ මොරගහකන්ද ව්‍යාපෘතිය යතාර්ථයක් කර ගැනීම වෙනුවෙන් සහ එදා මෙදා මහවැලිය වෙනුවෙන් කැපවී කටයුතු කළ ප‍්‍රධාන ඉංජිනේරුවාගේ සිට සැලසුම් ශිල්පින්, තාක්ෂණික ශිල්පීන් මෙන්ම අවසාන කම්කරුවා දක්වා සියලුදෙනාට තම ගෞරවය පුද කරන බවද ජනාධිපතවරයා එහිදී පැවැසීය.
ජල කළමනාකරණයේ විශේෂඥයෙකු සහ 1976 සිට වරින් වර මහවැලියට එක්ව කටයුතු කළ ආචාර්ය එම්.යූ.ඒ. තෙන්නකෝන් මහතා මෙම උත්සවයේ ප‍්‍රධාන දේශනය සිදු කරන ලදී.
ගාමිණි ජයවික‍්‍රම පෙරේරා, පී. දයාරත්න, නිමල් සිරිපාලද සිල්වා, මහින්ද අමරවීර, වීරකුමාර දිසානායක, ශාන්ත බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු මහවැලියට සම්බන්ධව කටයුතු කරන සහ කළ මැති ඇමතිවරු රැසක් ද, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක යන මහත්වරුන් සහ රාජ්‍ය නිලධාරීන් විද්වතුන් ඇතුළු පිරිසක් උත්සවයට එක්ව සිටියහ.
නුවරඑළිය පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ආයතන සංග්‍රහයේ I වැනි කාණ්ඩයේ XII වැනි පරිච්ජේදයේ 8:5 උප වගන්තිය සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව AIIB හා ශ්‍රී ලංකා රජයේ මුල්‍ය අනුග්‍රහය ඇතිව උඩරට දුම්රිය මාර්ගයේ දැඩි සංචාරක ආකර්ෂනයක් දිනා ගත් බණ්ඩාරවෙල සහ දෙමෝ
විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය වේගවත් කිරීම සඳහා අවශ්‍ය අමතර කාර්ය මණ්ඩලය සපයා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජල ගාස්තුව සියයට 10 ත් 30ත් අතර ප්‍රතිශතයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.
දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කළු ගඟ ජලාශයේ කටයුතු ලබන මාසයේදී අවසන්
Chanak los angeles Wednesday, 24 July 2019 08:33 PM
ගොවියන්ට ලබා දේවිද වැව් තාවුල්ලේ හෝටල් හදන්න දුවට ලබා දේවිද දන්නේ නැහැ. කියන්නේ එකක් කරන්නේ වෙන එකක්නේ..
Lalith Thursday, 25 July 2019 05:50 AM
ලබන අවුරුද්ද වෙනකම් තමුන් නැතිබව අමතකවෙලා වගේ...
de silva Thursday, 25 July 2019 07:21 AM
මටත් ආරංචි, ඔය යෝජිත් ජලාශය අසබඩ ඉඩම් බොහොමයක් පොළොන්නරුවේ හාල් මුදලාලි මිලට අරන් කියලා... මම නම් හිතන්නේ හෝටල් හදන්න නොවේ. වී ගොවිතැන් කරන්න වෙන්න ඕනේ. මෙයාගේ බණ අහලා මට නම් දැන් ඇති වෙලා.. තව කොහොමත් මාස 3නේ ඕකත් ඉවසන් ඉඳිමු. මොනවා කරන්නද? අපිමනේ මෙයාව පත්කරගත්තේ...